
(රංජන් කස්තුරි)
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතිය ඇතුළත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242 කට ලබාදී තිබෙන බවද සුදත් සමරවීර මහතා කීවේය.
කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර එය ඉකුත් 10වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉකුත් 10 වැනිදින සිට මේ වනතෙක් රට පුරා නතර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු මාත්‍රාව අපිට හම්බුණේ නෑ ඉතින් දෙවැනි එක කාටද?