(සුජිත් හේවාජූලිගේ සහ ආනන්ද ඊ. ජයකොඩි)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෆීල්ඩ්  එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක වන පරිදි  තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි.

එම එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමාණවත් එන්නත් තොග පවත්වා ගත යුතු හෙයින් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙළ මෙසේ තාවකාලිකව අතිහිටවූ බව ද ඔහු කියයි.

මේ අනුව පළමු මාත්‍රාව ලබාදීම සඳහා දිවයිනේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට  නිකුත් කර ඇති කොවිඩි එන්නත්  තොග ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මාර්ගයෙන් වසංගත රෝග විද්‍යා අංශයට ආපසු බාරදෙන ලෙසට එම අංශය දැනුම් දී ඇත.