රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම ආවරණය කර අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
2009 ජනවාරි 23 වැනිදා ගම්පහ ඉඹුල්ගොඩ දී ඔහුට පහරදීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය එදින සාක්කිකරුවන් කැඳවන බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.
ඒ අනුව සැකකාර හිටපු හමුදා සැරයන්වරයා ලබන 22 දෙවැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කැරිණි.
COMMENTS
අපේ රහස් පොලිසිය ලෝකේ තියෙන පහත්ම රහස් පොලිසිය විදියටයි මම දකින්නේ. හොරු මිනීමරුවෝ බේරලා කොහෙවත් ඉන්න අහිංසකයෙක් පටලනවා ඔක්කොටම. කෝ අලුත්ගම සමිත්ත හාමුදුරුවෝ සමග අත්අඩංගුවට ගත්තු ආයුධ සහ එකට අත්අඩංගුවට ගත්තු හෝටල් හිමියා ? ඔහුට දැන් චෝදනාවක් නොමැත. හරි පුදුම රහස් පොලිසියක් නේද ? (බ)
ලංකාව වෙන්නැති දේශපාලන අරමුණු උදෙසා හමුදා බුද්ධි අංශ පවා දෙන පොලිසියක් තියෙන එකම රට! (ම)
වැරදි කරුවන්ට කවදා හෝ දඬුවම් නියතයි. (ර)
කාට වුණත් නීතිය එකයි (නි)
මෙවන් යුක්තිය වෙනුවෙන් පෙනීසිටි අය වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතුයි. (බ)