ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 10 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 44 ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.
මහේල ජයවර්ධනගේ දක්ෂ පන්දු රැකීම් හේතුවෙන් මුම්බායි පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රිකී පොන්ටින් සහ සචින් ටෙන්ඩුල්කාර් දෙදෙනාම ලකුණු පුවරුවට එක ලකුණුක් පමණක් එක්කරමින් දැවීගියහ.
තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබූ දිනේෂ් කාර්තික් පන්දු 48 කින් රැස්කළ වේගවත් ලකුණු 86 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත්විය.
මහේල ජයවර්ධන මුහුණ දුන් පළමු පනදුවේදීම ලසිත් මාලිංගට උඩ පන්දුවක් ලබාදුන් නමුත් මාලිගට එය රැකගැනීමට නොහැකි විය. මහේලට ලබාගත හැකිවූයේ ලකුණු 3 ක් පමණි.
ඩොයාර් ඩෙවිල්ස් පිල නියෝජනය කළ ජීවන් මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දුවේදීම පන්දු යැවූ කිරන් පොලාඞ් වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවීගියේය.
ඕවර 4 ක් යැවූ ලසිත් මාලිගට ලකුණු 20 ක් ලබාදෙමින් දවාගත හැකිවූයේ කඩුලූක් පමණි.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට ලකුණු 209
(දිනේෂ් කාර්තික් 86, රොහිත් ශර්මා නොදැවී 74, අම්බට් රයිඩු 24, කිරන් පොලාඞ් 13, අශීෂ් නෙහෙරා 49/2)
දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට ලකුණු 165
(ඬේව්ඞ් වෝනර් 61, මන්පී‍්‍රත් ජුනේජා 49, ඉර්ෆාන් පතාන් 10, ප‍්‍රගයන් ඕජා 34/2, කිරන් පොලාඞ් 35/2, මිචෙල් ජොන්සන් 49/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹය කටිටියට ලංකාවට ආවාම හැරිල යන්න වෙයිද දන්නේ නෑ.(අ)
රට වෙනුවෙන් සෙල්ලම් කරලා බින්දුවට ගියත් මිනිස්සු අත්පුඩියක් ගහනවා, මෙහෙම ලකුණු සීයක් ගැහුවත් එක රට වෙනුවෙන් ගන්න එක ලකුණක් තරම් වටින්නේ නැහැ. ඒ අතින් අර්ජුනලා මෙන්ම අපේ චන්දිමාල් ල සබැ වීරයෝ වගේම කොන්දක් ඇති මිනිස්සු (ස)
ඇයි සදුන් 20-20 වර්ල්ඩ් කප් එකේ ඕවර් 4කදී මාලිංග ලකුණු 54ක් දුන්නා මතක නැද්ද? (නි)
කවුරු මොනවා කිවුවත් එයාලට තියෙන ප්‍රශ්න දන්නේ එයාලා විතරයි ඒක නිසා අපි සද්ද නැතුව බලාගෙන ඉදිමු. (නි)
මහේලගේ තරග තුනම පැරදිලා නේද? (නි)
කියලා වැඩක් නැහැ. රට ගැන කැක්කුමක් නැතිව තමුන්ගේ සල්ලි මල්ල ගැන විතරක් හිතන ඔය වගේ එවුන් ක්‍රීඩාවටත් නින්දාවක්. චන්දිමාල්ගේ තීරණයට නැවත වරක් ආචාරය.(නදී)
20-20 තරග වල ඕවර 4 ට ලකුණු 20 කියන්නේ ඉහල දක්ෂතාවක්. නමුත් මාද්‍ය වේදීන්ට මාලිංග ඇලජික් නේ.(නදී)
සඳුන්, මාලිංගම තමයි ඒක කරගත්තේ. (නි)