IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාර්තික් (86) - ශර්මා (74*) මුම්බායි පිලට ජය ගෙනෙති

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 10 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 44 ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.

මහේල ජයවර්ධනගේ දක්ෂ පන්දු රැකීම් හේතුවෙන් මුම්බායි පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රිකී පොන්ටින් සහ සචින් ටෙන්ඩුල්කාර් දෙදෙනාම ලකුණු පුවරුවට එක ලකුණුක් පමණක් එක්කරමින් දැවීගියහ.

තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබූ දිනේෂ් කාර්තික් පන්දු 48 කින් රැස්කළ වේගවත් ලකුණු 86 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත්විය.

මහේල ජයවර්ධන මුහුණ දුන් පළමු පනදුවේදීම ලසිත් මාලිංගට උඩ පන්දුවක් ලබාදුන් නමුත් මාලිගට එය රැකගැනීමට නොහැකි විය. මහේලට ලබාගත හැකිවූයේ ලකුණු 3 ක් පමණි.

ඩොයාර් ඩෙවිල්ස් පිල නියෝජනය කළ ජීවන් මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දුවේදීම පන්දු යැවූ කිරන් පොලාඞ් වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවීගියේය.

ඕවර 4 ක් යැවූ ලසිත් මාලිගට ලකුණු 20 ක් ලබාදෙමින් දවාගත හැකිවූයේ කඩුලූක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට ලකුණු 209
(දිනේෂ් කාර්තික් 86, රොහිත් ශර්මා නොදැවී 74, අම්බට් රයිඩු 24, කිරන් පොලාඞ් 13, අශීෂ් නෙහෙරා 49/2)

දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට ලකුණු 165
(ඬේව්ඞ් වෝනර් 61, මන්පී‍්‍රත් ජුනේජා 49, ඉර්ෆාන් පතාන් 10, ප‍්‍රගයන්  ඕජා 34/2, කිරන් පොලාඞ් 35/2, මිචෙල් ජොන්සන් 49/2)

(**)
 

 



අදහස් (0)

කාර්තික් (86) - ශර්මා (74*) මුම්බායි පිලට ජය ගෙනෙති

සරත් Tuesday, 09 April 2013 09:35 PM

ඹය කටිටියට ලංකාවට ආවාම හැරිල යන්න වෙයිද දන්නේ නෑ.(අ)

:       0       0

කෙනත් Tuesday, 09 April 2013 10:18 PM

රට වෙනුවෙන් සෙල්ලම් කරලා බින්දුවට ගියත් මිනිස්සු අත්පුඩියක් ගහනවා, මෙහෙම ලකුණු සීයක් ගැහුවත් එක රට වෙනුවෙන් ගන්න එක ලකුණක් තරම් වටින්නේ නැහැ. ඒ අතින් අර්ජුනලා මෙන්ම අපේ චන්දිමාල් ල සබැ වීරයෝ වගේම කොන්දක් ඇති මිනිස්සු (ස)

:       0       0

යොහාන් Wednesday, 10 April 2013 11:24 AM

ඇයි සදුන් 20-20 වර්ල්ඩ් කප් එකේ ඕවර් 4කදී මාලිංග ලකුණු 54ක් දුන්නා මතක නැද්ද? (නි)

:       0       0

මිලී Wednesday, 10 April 2013 02:29 AM

කවුරු මොනවා කිවුවත් එයාලට තියෙන ප්‍රශ්න දන්නේ එයාලා විතරයි ඒක නිසා අපි සද්ද නැතුව බලාගෙන ඉදිමු. (නි)

:       0       0

යොහාන් Wednesday, 10 April 2013 07:54 AM

මහේලගේ තරග තුනම පැරදිලා නේද? (නි)

:       0       0

අනුර Wednesday, 10 April 2013 02:11 PM

කියලා වැඩක් නැහැ. රට ගැන කැක්කුමක් නැතිව තමුන්ගේ සල්ලි මල්ල ගැන විතරක් හිතන ඔය වගේ එවුන් ක්‍රීඩාවටත් නින්දාවක්. චන්දිමාල්ගේ තීරණයට නැවත වරක් ආචාරය.(නදී)

:       0       0

සදුන් Wednesday, 10 April 2013 09:40 AM

20-20 තරග වල ඕවර 4 ට ලකුණු 20 කියන්නේ ඉහල දක්ෂතාවක්. නමුත් මාද්‍ය වේදීන්ට මාලිංග ඇලජික් නේ.(නදී)

:       0       0

හරීන් Wednesday, 10 April 2013 09:38 AM

සඳුන්, මාලිංගම තමයි ඒක කරගත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site