
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා බලපා ඇති හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර මේ වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සතියක පමණ කාලයක රුධිර කාන්දුකරණය සඳහා ඇතුළත්ව සිටි රෝගීන් මිය යාමට පටන්ගෙන ඇති බවද මේවනවිට රෝගීන් පස් දෙනකුට වැඩි පිරිසක් රුධිර කාන්දුකරණ ක්‍රියාවලියේදී මරණයට පත්ව ඇති බවද වාර්තාවේ.
මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම මරණ සඳහා රුධිර කාන්දුකරණය සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑමක් ඇති බවට රෝහලේ රසායන නිලධාරීන් සැක පහළ කරති.
රුධිර කාන්දුකරණයෙන් අනතුරුව රුධිර මට්ටම පහළ වැටීමෙන් මෙම මරණ සිදුව ඇති බව පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (24) කුරුණෑගලට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල්
නිහාල් Sunday, 25 February 2024 04:00 PM
රතු සායම් බෙහෙත් දෙවැනි කොටස.