කෘෂිකර්ම පර්යේක්ෂණ ප්‍රතිපත්ති ආයතනයේ  විධායක අධ්‍යක්ෂ ප්‍රභාත් විමල් කුමාර මහතාගේ කුරුණෑගල නිවසට  අද (05) උදේ මැර ප්‍රහාරයක් එල්ල විය. පොලු වලින් ගසා  තාප්පයේ  විදුලි පහන්  සියල්ල කඩා  දමා නිවසේ ආලින්දයේ පුටු , මල් පොච්චි ද පෙරළා දමා  ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු  ජනපතිගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙකු  ද වු  ඔහුගේ නිවස පිහිටියේ  කුරුණෑගල දුම්රියපොළ පාරේ අම්බලන් පිටියේය. ප්‍රහාරය එල්ල වන විට ගෙදර  සිටි ඔහුගේ බිරිය එළියට  පැන දුවද්දී කකුලකට  සුළු තුවාල සිදු වී ඇත.

කුරුණෑගල පුරපතිගේ  නිවසට  අද අළුයම එල්ල කළ මෙම ප්‍රහාරයේ සම්බන්ධයක්  තිබිය හැකි බව පොලිසියේ  අදහසයි.

DSC_2287[1] DSC_2288[1] DSC_2290[1] DULMINI_ANUTHTHARA[1] (1)PRABHATH_HOUSE[1] DSC_2285[1]