වයඹ පළාත් සභාවේ මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන්නැයි මහ ඇමැති දයාසිරි ජයසේකරට බල කෙරෙන උද්ඝෝෂණයක් කුරුණෑගලදී පැවැත්විණි. වයඹ පළාත් සභාව ඉදිරිපිට මේ රැස්වීම සංවිධානය කර ඇත්තේ පළාත් සභාවේ (එජාප) විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු පිරිසක් විසිනි.
මහ ඇමැතිගේ සහය මෛත්‍රී පාලනයට නොගන්නැයි උද්ඝෝෂකයෝ කියති.
මේ අතර එජාප උද්ඝෝෂණය අවසන්වී පැය භාගයකට පසුව මහ ඇමැති දයාසිරි ජයසේකරට සහාය දීමේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි. අනතුරුව පළාත් සභාව රැස්විය. එහිදී පළාත් සභා මන්ත්‍රීන් වැඩි දෙනා පැවසූයේ ජයසේකර මහතා මහ ඇමැති පදවියේ රැඳී සිටිය යුතු බවයි.
දයාසිරි ජයසේකර මහ ඇමැතිකමින් ඉවත් විය යුතු යැයි කෙරුණු එජාප උද්ඝෝෂණය
දයාසිරි ජයසේකරට පක්ෂව කෙරුණු උද්ඝෝෂණය
පළාත් සභා සැසිවාරයේදී දයාසිරිට සහය පළ කිරීම







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ නොකර ඉන්න කවුරු කවුරුත් වගබලාගත්තොත් හොඳයි.මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වගේම නායකයා.එතුමා බලයට පත්වුණේ සියල්ලන්ගේම ඡන්ද වලින්. (නි)
සමහරුන්ගේ කුමන්ත්‍රණ සියල්ල මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වීමෙන් අවසන් වුණා (නි)
මෙවැනි උද්ඝෝෂණ හොඳ නැහැ (නි)
සමහරු හරිම පහත් විදියට ජනාධිපතිතුමාට බැන්නා. දැන් එතුමාගේ ඔඩොක්කුවට යන්න හදනවා. වස්ත්‍රයක් ඇඳගෙනද දන්නේ නැහැ. (නි)
දයාට අපිත් ඡන්දෙ නම් දුන්න.."එයා හුගක් වෙනස් වෙලා " දැන් මල්ලිලා ලංකාවේ දේශපාලනය තේරුම් ගන්න (බ)
ජනතාවට අවශ්‍ය දේශපාලන වෙනස ඇතිකර ගැනීමට ඒ.ජා. පාක්ෂිකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. මේ මොහොතේ සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය රජයට වැදගත් වෙනවා ඇත. (නදී) පාර්ලිමේන්තුවේ 2/3 බලය ගොඩ නගා ගැනීම වැදගත්ම කරුණ බව කව්රුත් අමතක කළ යුතු නැත.
ඔය එහෙට මෙහෙට පනින්නේ මොකද? අපි හොද අය ආපසු පත්කර ගන්නවා ජනාධිපති මාරු කරා වගේ. ඔය කුරුණෑගල කට්ටියට ඉස්සරහ ට හොද වැඩ වේවි (නදී)
මට තවම හිතාගන්න බැහැ කිසිදෙයක් (නි)
මේ ගැහැනුන්ට ගෙදරට වෙලා ඉන්න බැරි හැටි. මැරෙන්න හදනවා (නදී)
මේ දේවල්වලට ඒ තරම් කතා කරන්න හොද නෑ (දිල්)
අනුරගේ අදහසට මමත් එකඟයි (නි)
දුෂණ වංචා තියෙන අයව ගෙදර යවන්න කිව්වොත් බාගයක්ම යවන්න වෙනවා එතකොට කොහොමද රට පාලනය කරන්නේ (දිල්)
සියල්ල රගපෑම් පමණි අවසානය එකතුවීමි .(හේ)
ශ්‍රි.ල.නි.ප. යෙ සහයෝගය නැතුව මේ පාර්ලිමේන්තුවේ කිසිම පනතක් සම්මත කරන්න බැහැ. පවතින ක්‍රමයට ඡන්දය තියන්න බලාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් 2/3 බලයක් ගන්නත් බැහැ. ආසන මට්ටමින් බැලුවත් ශ්‍රි.ල.නි.පයට ආසන 90කට වඩා බලය තිබෙනවා. බොහොමයක් ආසන වලින් වැඩි ඡන්ද 10000කට වැඩියි. ඒ නිසා යු.එන්.පී. යට දඟලන්න තරම් දෙයක් මෙතන නැහැ. (නි)