IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුරුණෑගල උද්ඝෝෂණ දෙකක්

වයඹ පළාත් සභාවේ මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන්නැයි මහ ඇමැති දයාසිරි ජයසේකරට බල කෙරෙන උද්ඝෝෂණයක් කුරුණෑගලදී පැවැත්විණි. වයඹ පළාත් සභාව ඉදිරිපිට මේ රැස්වීම සංවිධානය කර ඇත්තේ පළාත් සභාවේ (එජාප) විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු පිරිසක් විසිනි.

මහ ඇමැතිගේ සහය මෛත්‍රී පාලනයට නොගන්නැයි උද්ඝෝෂකයෝ කියති. 

මේ අතර එජාප උද්ඝෝෂණය අවසන්වී පැය භාගයකට පසුව මහ ඇමැති දයාසිරි ජයසේකරට සහාය දීමේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි. අනතුරුව පළාත් සභාව රැස්විය. එහිදී පළාත් සභා මන්ත්‍රීන් වැඩි දෙනා පැවසූයේ ජයසේකර මහතා මහ ඇමැති පදවියේ රැඳී සිටිය යුතු බවයි. 

දයාසිරි ජයසේකර මහ ඇමැතිකමින් ඉවත් විය යුතු යැයි කෙරුණු එජාප උද්ඝෝෂණය

DSC_1227 DSC_1233~1 DSC_1244

දයාසිරි ජයසේකරට පක්ෂව කෙරුණු උද්ඝෝෂණය

DSC_1252 DSC_1257 DSC_1265

පළාත් සභා සැසිවාරයේදී දයාසිරිට සහය පළ කිරීම

DSC_1274



අදහස් (0)

කුරුණෑගල උද්ඝෝෂණ දෙකක්

කාන්ත Tuesday, 20 January 2015 06:46 AM

මේ වගේ වැඩ නොකර ඉන්න කවුරු කවුරුත් වගබලාගත්තොත් හොඳයි.මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වගේම නායකයා.එතුමා බලයට පත්වුණේ සියල්ලන්ගේම ඡන්ද වලින්. (නි)

:       0       0

කමල් Tuesday, 20 January 2015 06:55 AM

සමහරුන්ගේ කුමන්ත්‍රණ සියල්ල මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වීමෙන් අවසන් වුණා (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 20 January 2015 06:57 AM

මෙවැනි උද්ඝෝෂණ හොඳ නැහැ (නි)

:       0       0

අනුර Tuesday, 20 January 2015 07:06 AM

සමහරු හරිම පහත් විදියට ජනාධිපතිතුමාට බැන්නා. දැන් එතුමාගේ ඔඩොක්කුවට යන්න හදනවා. වස්ත්‍රයක් ඇඳගෙනද දන්නේ නැහැ. (නි)

:       0       0

ශෂී Tuesday, 20 January 2015 07:44 AM

දයාට අපිත් ඡන්දෙ නම් දුන්න.."එයා හුගක් වෙනස් වෙලා " දැන් මල්ලිලා ලංකාවේ දේශපාලනය තේරුම් ගන්න (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 20 January 2015 08:19 AM

ජනතාවට අවශ්‍ය දේශපාලන වෙනස ඇතිකර ගැනීමට ඒ.ජා. පාක්ෂිකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. මේ මොහොතේ සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය රජයට වැදගත් වෙනවා ඇත. (නදී) පාර්ලිමේන්තුවේ 2/3 බලය ගොඩ නගා ගැනීම වැදගත්ම කරුණ බව කව්රුත් අමතක කළ යුතු නැත.

:       0       0

තිස්ස පසිෆික් දුපත් සිට Tuesday, 20 January 2015 08:48 AM

ඔය එහෙට මෙහෙට පනින්නේ මොකද? අපි හොද අය ආපසු පත්කර ගන්නවා ජනාධිපති මාරු කරා වගේ. ඔය කුරුණෑගල කට්ටියට ඉස්සරහ ට හොද වැඩ වේවි (නදී)

:       0       0

කසුන් Tuesday, 20 January 2015 02:22 PM

මට තවම හිතාගන්න බැහැ කිසිදෙයක් (නි)

:       0       0

සකුනි Wednesday, 21 January 2015 03:43 AM

මේ ගැහැනුන්ට ගෙදරට වෙලා ඉන්න බැරි හැටි. මැරෙන්න හදනවා (නදී)

:       0       0

ජයසේන Tuesday, 20 January 2015 09:10 AM

මේ දේවල්වලට ඒ තරම් කතා කරන්න හොද නෑ (දිල්)

:       0       0

තිලක් Tuesday, 20 January 2015 09:28 AM

අනුරගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

ලෝචන Tuesday, 20 January 2015 09:33 AM

දුෂණ වංචා තියෙන අයව ගෙදර යවන්න කිව්වොත් බාගයක්ම යවන්න වෙනවා එතකොට කොහොමද රට පාලනය කරන්නේ (දිල්)

:       0       0

රේණු Tuesday, 20 January 2015 10:54 AM

සියල්ල රගපෑම් පමණි අවසානය එකතුවීමි .(හේ)

:       0       0

සංඛ Tuesday, 20 January 2015 06:12 AM

ශ්‍රි.ල.නි.ප. යෙ සහයෝගය නැතුව මේ පාර්ලිමේන්තුවේ කිසිම පනතක් සම්මත කරන්න බැහැ. පවතින ක්‍රමයට ඡන්දය තියන්න බලාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් 2/3 බලයක් ගන්නත් බැහැ. ආසන මට්ටමින් බැලුවත් ශ්‍රි.ල.නි.පයට ආසන 90කට වඩා බලය තිබෙනවා. බොහොමයක් ආසන වලින් වැඩි ඡන්ද 10000කට වැඩියි. ඒ නිසා යු.එන්.පී. යට දඟලන්න තරම් දෙයක් මෙතන නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site