හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනාගමූර්ති මුරලිදරන් ගේ ප්‍රධානත්වනේ උතුරු නැගෙනහිර එක් කර දේශපාලන කටයුතු කිරිමට නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇත. දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් එම පක්ෂය ක්‍රියාත්මක වෙයි.
පක්ෂයේ ආරම්භය සෙනසුරාදා (11) මධ්‍යම වීදියේ පෝක්කස් නිවාසයේ පැවැත්විණි. මඩකලපුවේ ඇති ද්‍රවිඩ පක්ෂ ද ඊට සහාය දැක්වීය. පක්ෂයේ මහ ලේකම් ලෙස මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපති විමලදාස් මහතා පත් කර ඇත.
පක්ෂය ලියාපදිංචි කිරිම ඉක්මනින් කිරිමටත් මඩකලපුවේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරිමටත් මෙහිදි තිරණය කෙරිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයත් තාමත් නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද? මෙයා දරපු ශ්‍රී ල නි ප උප සභාපති තනතුරට මොකද වෙන්නේ? (නි)
ජයවේවා! (නි)
උතුරු නැගෙනහිර එක්කරගෙන දේශපාලනය කලට කම් නැත නමුත් ඒ පළාත් දෙකක් බවත් එය වෙන වෙනම ඡන්ද පවත්වන බවත් හා සියලු ජාතීන්ට සමානව ජීවත් වීමට අයිතියක් ඇති බවත් හොදින් මතක තබාගන වැඩ කරන ලෙස දන්වා සිටිමි රටේ අනවශ්‍ය ගැටළු හා අන්තවාදී සංවිධාන බිහිකර යලිත් ප්‍රභා කරන ගිය මග යාමට කටයුතු නොකරන ලෙසද දන්වමි එහි පලවිපාක ඔබ හොදින් දන්නා බව අප දනිමු (බ)
ශාන් සෞදිතුමා වෙත ඔබතුමා අණ කරන පරිදි නොවලහා ක්‍රියාකරන බවට මෙයින් පොරොන්දු වෙමි. (නි)
සිංහල එක්සත් පෙරමුණ කියලා පක්ෂයක් සිංහල කෙනෙක් හැදුවා නම් ඒක ජාතිවාදී වෙනවා නේද? (නි)
ත්රස්තයන්ගෙන් ඉවත් වී, වෙනම ගමනක් අැරඹූ ඔබට සුබ පැතුම්! තවම කොටි හෙවණැලි තියන අය භංග වේවා. (නි)
ඒකාබද්ධ විපක්ෂයට බලයට පැමිණීමට දෙමළ ජනතාව දිනාගැනීමට අවශ්‍යව ඇත. මේ පැත්තෙන් දකුණේ සිංහල ජනතාව දිනාගනිමින් එය කළ නොහැක්කකි. මේ නිසා මෙතුමා හරහා එම අවශ්‍යතාවය ඉටුකර ගැනීමේ උත්සාහයක් අපි දකින්නෙමු. සෑම පුරවැසියෙකුටම ඇති දේශපාලන අයිතිය අපි පිළිගත යුතුය. එහෙත් නිත්‍යානුකූලව නැවත ප්රභාකරන් කෙනෙක් බිහිකර ගැනීමේ අවදානම ගැනත් බලයට කෑදර දේශප්‍රේමින් කවුරුත් සිතිය යුතුය. (නි)
උතුර නැගෙනහිර එක්කිරීම කිසිසේත් නොකළ යුතුය. රණවිරුවන් අභිනන්දනය කරන පුද්ගලයන් මොහුවද වීරයකු ලෙස සැළකීම සුදුසුය! (නි)
තවත් කොන්ත්‍රාත්තුවක් බාරගෙන වගේ ,(බ)
අන්තවාදී ඊළම් කට්ටිය ඕකට අකමැති වේවි (නි)
නියමයි. ඔහොම යමුකෝ (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. අර පිවිතුරු කෙනා වගේ නායකයා කරුණා, ලේකම් කරුණා, භාණ්ඩාගාරික කරුණා, සාමාජිකයොත් කරුණා වෙයිද..... අපිත් කරුණා මුහුදේ නාමු ගිලීලා..... (නි)
තව තවත් ද්‍රවිඩ පක්ෂ රාශියක් බිහිවී, මුළු ලංකාවම ද්‍රවිඩ රාජ්‍යක් වේවා! (නි)
ලංකික කුහකත්වයේ දිග පළල දැන් අපූරුවට බලාගත හැකි වනු ඇත. ටික දවසකට පෙර කරුණා මහා වීරයෙක් ලෙස දුටු අයම දැන් කරුණාව පතුරු යවනු ඇත. (නි)
මහින්දටත් සාමාජිකත්වය දෙන්න. (නි)