අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා ඉවත් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයාට දින හතක කාලයක් ලබා දීමටත්, දින හතක් තුළ ඔහු ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටත් අද (12) පැවැති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ විධායක කමිටු රැස්වීමේදී තීරණය වී තිබේ.
එම කර්නල්වරයා ඉවත් කරන තුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ශාඛාව සංවිධානය කරන ක්‍රීඩා තරඟ සහ උත්සව වල කිසිදු රාජකාරියක් සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සහභාගී නොකරන බව ද එම සංගමයේ සභාපති නීල් අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය.
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු වැනි පන්තියේ තනතුරක් වන ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර සඳහා පරිපාලන නිලධාරියෙකු පත් කරන තුරු අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දැක්වීමට අද (12) එම සංගමයේ පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී එකඟතාවය පළ වූ බව ගුර විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවට මොහු අධ්‍යාපන ඇමැතිගේ නෑයෙක් නොවුණානම් මම දන්නවා මෙයා හොඳ මළල ක්‍රීඩකයෙක්. හොඳ පරිපාලකයෙක් ඔහුට මේ රැකියාව හොඳට ගැලපෙනවා (බ)
මහ බැංකුවට අර්ජුන්, වරායට ධම්මික, මුදලට රවි, ඒ වගේද මේ පත්කිරීමත්? අත ගහපු ගහපු තැන නා ගන්නවා වගෙයි...(බ)
ඥාති සංග්‍රහයේ තවත් එක කතාවක්... (නි)
හමුදා නිලධාරියා ක්‍රීඩා ගැන හොඳට දන්න කෙනෙක් නේද. ඊටවැඩිය පාසල් වල වැඩ නොකර ටියුෂන් කරන ගුරුවරු ගැන හොයා බැලුවොත් නරකද? අධ්‍යාපනය, සෞඛ්‍ය අද වෙළඳපොළක් කරගෙන නිලධාරී මාෆියාව (නි)
මේ හමුදා නිලධාරියා රණවිරුවෙක් නම් වෙන්න බැහැ. රණවිරුවෝ මේ විදියට වැඩ කරන්නේ නැහැනේ! (නි)
මේ ආණ්ඩුව නාන්නේ නැතුව, එක වැඩක් කවුරුහරි කරලා පෙන්නන්නකෝ. අනේ යහපාලනය! (නි)