බළන්ගොඩ තන්ජංන්තැන්නේ කූරගල පුරාවිද්‍යා රකෂිතයේ අනවසර කඩ හතරක් ආරකෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අද ඉවත්කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කූරගල පුරාවිද්‍යා බෞද්ධ ස්මාරකයනට ආසන්නයේ කලක පටන් මුස්ලිම් දේවස්ථානයකි. හැත්තෑව දශකයේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා රකෂිත ප්‍රදේශයක් මායිම් කළේය. එහිදි මුස්ලිම් දේවස්ථානයට පැමිණෙන අයට වෙළ`දාම් කිරීමට බඩු විකිණිම ස`දහාවූ වෙළඳසල් කිහිපයක් එකී රකෂිතයට ඇතුළත් වු බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒවා පල්ලියට යාබදව පිහිටි ඒවාය. පසුව 2005 හෝ 2006 වර්ෂයේදි මෙම රකෂිත බිමේ තිබු වෙළඳසල් ඉවත් කර ගැනීමට එහි අයිතිකරුවන්ට උපදෙස් දී ඇත. වෙළඳසල් දෙකක් හෝ තුනක් ඉවත් කරගත් නමුත් වෙළඳසල් හතරක් ඉවත්කර නොගැනිණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවරීය. මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නියෝග වී ඇත්තේ වෙළඳසල් ඉවත්කර ගත යුතු බවයි.
ගඩොල් කළුගල් ආදිය එහි අයිතිකරුවන් විසින් ඉවත් කර ගනිතියි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීය.
මෙම ස්ථානයේ කිසි`දු ගැටුමක් නැති බවත්, සාමකාමිව වෙළඳසල් පවත්වාගෙන ගිය තම කැමැත්තෙන් ඒවා ඉවත්කරගත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ජාතිවාදය කියාවිද??? (ත)
මෙන්න මේ වගේ කතා බහ කරලා ප්‍රශ්න විසදගතන්ම් හරිනේ. මොකටද නිකන් රණ්ඩු කරන්නේ. (නි)
සිකුරාදාට බඩු ෂුවර් .(නදී)
මම මග බල බලා හිටියේ කවදද මේ අනවසර කඩ මෙතැනින් ඉවත් කරන්නේ කියලා. අපේ බල සේනාවට ගොඩක් පින්. (නි)
අපි විසේශයෙන් බුදු බල සේනාවට පින් දෙන්න ඕනා. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට.(නදී)
තැන තැන පල්ලි හදන අයගෙන් ප්‍රවේශම් වනු ! (නි)
කොහේ තිබ්බත් බෞද්ධ ඉතිහාසය විනාස කරන්න කාටවත් ඉඩ දෙන්න නරකයි. බෞද්ධ ඉතිහාසය කොහොමත් කාටවත් නැති කරන්න බැහැ. ජලයේ හංගපු බෝලේ වගේ එක පාරක උඩට මතුවෙනවා.(නදී)
එතකොට පුරවිද්‍යා ස්මාරකය අයත් භුමියේ අනවසර ඉදිකිරීම් කරන්න කව්ද අවසර දුන්නේ. (නදී)
නීතියට ගරුකිරීම හොඳ පුරුද්දක්. (නි)
එතකොට මුස්ලිම් පල්ලියට මොකද වුණේ?(වෙන්නේ?) ඉවත් කරනවද? නැත්නම් වැඩිදියුණු කරනවද? (නි)
කුරග්ගල කියන්නේ එතිහාසික බෞද්ධ සිද්දස්ථානයක්. කරුණාකර අනවසර ඉදිකිරීම් සියල්ලක්ම ඉවත් කරන්න.(නදී)
මෙන්න තවත් මුස්ලිම් මිනිසුන්ගේ මිනිස් කමක්.මේවා ඉගෙන ගෙන දියුණුවන්න බලන්න. (ස)
නීතියට ගරු කරලා කඩ ඉවත් කරාලු. මෙන්න මිනිස්සු. (ස)
මීළඟ සටනට සැරසෙවු! (නි)
බෞද්ධ අන්තවාදයට මෙන්ම මුස්ලිම් අන්තවාදයටද අපි විරුද්ධයි (නි)
ජනක හරි. (නි)