IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


කි‍්‍රකට් කී‍්‍රඩකයෝ 22 ක් ගිවිසුමට අත්සන් කරති

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතර වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති අර්බුදකාරි තත්ත්වය අවසන් කරමින් ක‍්‍රීඩකයෝ 22 දෙනක් වාර්ෂික ගිවිසුමට ඊයේ (04) අත්සන් කර තැබූහ. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන මහේල ජයවර්ධන බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුමට ඇතුළත් වන ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 23 කි. එම ක‍්‍රීඩකයන්ට පෙරේදා (03) පෙරවරු 9.00 ට පෙර ගිවිසුමට අත්සන් කරන ලෙස දැනුම් දී තිබුණ ද ක‍්‍රීඩකයන් අදාළ ගිවිසුමට අත්සන් කිරීම මග හැරීම නිසා අර්බුදකාරි තත්ත්වයකට පත්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ ක‍්‍රීඩකයන් අතර පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවෙන් අනතුරුව ක‍්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීමට එකඟ වූහ.  
මේ පිළිබ`දව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ එම ප‍්‍රශ්නය මේ වන විට අවසන් බවයි.

”මේ වන විට ඒ ගැටළුව අවසන්. ක‍්‍රීඩකයන් 23 දෙනාගෙන් මහේල හැර සෙසු සියලූම ක‍්‍රීඩකයන් ගිවිසුමට අත්සන් කළා. මහේල ආබාධයකට ලක්ව සිටින නිසා විදේශගතව සිටිනවා. ඔහු පැමිණිමෙන් පසු එය අත්සන් කරයි” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

වාර්ෂික ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකුට වසරකට ඩොලර් 140,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 160 කට වැඩි මුදලක් හිමිවන බව දැනගන්නට තිබේ.

වාර්ෂික ගිවිසුම්ගත මුදලට අමතරව ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග සඳහා කී‍්‍රඩා කිරීම වෙනුවෙන් තරග මුදලක් ද කී‍්‍රඩකයන්ට හිමිවේ.

ඊට අමතරව සියලූම වෛද්‍ය පහසුකම් සහ ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය සියලූම ඇදුම් සහ ආම්පන්න ක‍්‍රිකට් ආයතනය විසින් සපයනු ලබයි.

 



අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩකයෝ 22 ක් ගිවිසුමට අත්සන් කරති

සිසිර Monday, 04 March 2013 09:32 PM

ක්‍රීඩකයොත් දැන් වෙනස් වෙලා. (නි)

:       0       0

කාලිංග Monday, 04 March 2013 10:13 PM

සල්ලි මේ තරම් හම්බ වෙලත් මදිද (දී)

:       0       0

අනුර Tuesday, 05 March 2013 11:08 AM

ලසිත් මාලිංග කණ්ඩායමෙන් අයින් කරන්න. විනයක් තියෙන්න ඕනේ ක්‍රීඩාවක් උනාම (දී)

:       0       0

යොහාන් Tuesday, 05 March 2013 11:13 AM

වාර්තා කරුවන්ට පිළිතුරු දීපු ක්‍රමය (ස)

:       0       0

මදුෂා Monday, 04 March 2013 11:29 PM

සන්තෝසයි , නමුත් අත්සන් නොකළ පිරිසක් ඉන්නවා නේද (දී)

:       0       0

එරංග Monday, 04 March 2013 11:35 PM

අපි තමයි විදුලිය නාස්ති කරගෙන තරග බලන්නේ. මෙයාලට ගාණක්වත් නැහැ. (නි)

:       0       0

මලිත් Tuesday, 05 March 2013 12:37 AM

අඩු වැඩ අඩු පඩි... (නි)

:       0       0

නන්ද Tuesday, 05 March 2013 04:09 AM

අමිළ, විදේශ රටවල සාමාන්‍ය මිනිසුන්ගේ ආදායමත් සමග බැළුවම අපේ ක්‍රීඩකයන්ට ගෙවන ගාන ඉතා ඉහළයි. අපේ රටේ මාසික ආදායම ලක්ෂයකට වැඩිය උපයන අය කොච්චර ඉන්නවද බලන්න? ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සුළු රැකියවකට පවා මාසයකට දෙලක්ෂ පනස් දහසක් ගන්න පුළුවන්.(නදී)

:       0       0

පිටිගල Tuesday, 05 March 2013 04:21 AM

සැමදා පරදින ක්‍රිකට් වලට යොදවන මුදල් වෙනත් ක්‍රීඩා වලටත් යොදවන්න.(නදී)

:       0       0

වරුණ Monday, 04 March 2013 04:23 PM

අන්තිමට කවුද දැන් ලැජ්ජාවට පත් වුණේ? අපිද? (නි)

:       0       0

අජාන් කේ. Tuesday, 05 March 2013 07:13 AM

රට ගැන හිතල කථාකරන ගමේ කොල්ලෙක් තේරුම් කමිටුවේ සභාපති නොහිතන්න ඔබ වැඩ තවත් ආපස්සට යනවා. දැක්කේ නැද්ද අර ලසිත් මාලින්ග කියන හාදය මාධ්‍යයට කතා කරපු හැටි. (අ)

:       0       0

යොහාන් Monday, 04 March 2013 04:36 PM

ඔය තියෙන්නේ වැඩ නියමෙට. ඔහොම යමු සනා. (නි)

:       0       0

සමන් Monday, 04 March 2013 04:34 PM

අපි දන්නවා ඔහොම වෙනවා කියලා. නැතුව ඉතින් වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ඉෂාන් Tuesday, 05 March 2013 07:52 AM

ඒ කියන්නේ මුදලටද සෙල්ලම් කරලා තියෙන්නේ. (නි)

:       0       0

සිල්වා Monday, 04 March 2013 05:10 PM

ලක්ෂ 20 කියන්නේ පොඩි මුදලක්ද (දී)

:       0       0

යසන්ත Monday, 04 March 2013 05:14 PM

ක්‍රිකට් බලන අපට තමා හැමදාම ගැටලු ගහන ඔයාලටනම් මොන ගැටලුද?(නදී)

:       0       0

ක්‍රිස් Monday, 04 March 2013 05:52 PM

ඉතාම හොදයි. (නි)

:       0       0

සදුනි Monday, 04 March 2013 05:56 PM

මෙයාලට කොච්චර තිබුනත් මදි.(නදී)

:       0       0

චාමර Monday, 04 March 2013 06:07 PM

ඔය 22 කව්ද?(නදී)

:       0       0

පාලිත Tuesday, 05 March 2013 02:07 PM

සාධාරණ මදිද ඒ ගිවිසුම (දී)

:       0       0

අනුර Monday, 04 March 2013 06:21 PM

අයියෝ ලැජ්ජයි, මුදලට වගේ සෙල්ලම් කරලා තියෙන්නේ.(නදී)

:       0       0

උපාලි Tuesday, 05 March 2013 09:22 AM

අතිපණ්ඩිතකම ලැජ්ජාවට මුලවේ. (නි)

:       0       0

සිල්වා Monday, 04 March 2013 06:54 PM

මහත්තුරුන්ගේ ක්‍රීඩාව (දී)

:       0       0

ගීතා Tuesday, 05 March 2013 09:31 AM

ලසිත් මාලිංග අත්සන් කලාද (දී)

:       0       0

ගීත් Tuesday, 05 March 2013 09:44 AM

අර වේග පන්දු යවන කෙනාගේ හැදියාව නම් අන්තිමයි. අපි ඊයේ ටීවී එකේ දැක්කා. (නි)

:       0       0

රශ්මි Monday, 04 March 2013 07:30 PM

ලද දෙයින් සතුටු වීම (දී)

:       0       0

නීශාන්ත Monday, 04 March 2013 07:36 PM

මේක ක්‍රීඩකයන්ගේ කර උඩින් ගිහින් සැප ගන්න අය පිළිබද ගැටළුවක්.(නදී)

:       0       0

තත්තසරණි Wednesday, 06 March 2013 09:49 PM

සංගා ඔයා නැති ක්‍රිකට් කියල දෙයක් මට නැ (අ)

:       0       0

වීරසේකරගේ Monday, 04 March 2013 08:25 PM

මෙහෙමත් රටක්.(නදී)

:       0       0

අමිල Monday, 04 March 2013 08:33 PM

විදේශ රටවල ක්‍රීඩකයන් හා සැසදීමේදී අපේ කොල්ලන්ට ගෙවනවා මදි.(නදී)

:       0       0

සිසිර Monday, 04 March 2013 08:38 PM

මේ අයගේ හැසිරීම දැක්කහම අපිට ඇත්තටම දුකයි. (නි)

:       0       0

පසිදු Monday, 04 March 2013 08:35 PM

අයියෝ සල්ලි.(නදී)

:       0       0

ආනන්ද Monday, 04 March 2013 08:44 PM

අයියෝ! දැක්කද ඊටේ මාලිංග ටීවී එකේ බැන්න හැටි? (නි)

:       0       0

අමිල Monday, 04 March 2013 09:08 PM

මේකේ ඉන්න සමහර ක්‍රීඩකයන්ගේ පණ්ඩිතකම වැඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා පසට අලුත් පොහොරක් නිර්දේශ කරයි
2024 මැයි මස 15 36 0

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්ත


අසිත ප්‍රනාන්දුට වීසා දෙයි
2024 මැයි මස 15 147 0

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍


හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්
2024 මැයි මස 15 803 1

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැර


විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින්
2024 මැයි මස 15 606 1

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්


මිනිස් ජාවාරමුන්ට දැඩි දඬුවම්
2024 මැයි මස 15 350 1

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්


ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්
2024 මැයි මස 15 2843 2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 712 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2237 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1923 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site