ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතර වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති අර්බුදකාරි තත්ත්වය අවසන් කරමින් ක‍්‍රීඩකයෝ 22 දෙනක් වාර්ෂික ගිවිසුමට ඊයේ (04) අත්සන් කර තැබූහ. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන මහේල ජයවර්ධන බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුමට ඇතුළත් වන ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 23 කි. එම ක‍්‍රීඩකයන්ට පෙරේදා (03) පෙරවරු 9.00 ට පෙර ගිවිසුමට අත්සන් කරන ලෙස දැනුම් දී තිබුණ ද ක‍්‍රීඩකයන් අදාළ ගිවිසුමට අත්සන් කිරීම මග හැරීම නිසා අර්බුදකාරි තත්ත්වයකට පත්විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ ක‍්‍රීඩකයන් අතර පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවෙන් අනතුරුව ක‍්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීමට එකඟ වූහ.
මේ පිළිබ`දව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ එම ප‍්‍රශ්නය මේ වන විට අවසන් බවයි.
”මේ වන විට ඒ ගැටළුව අවසන්. ක‍්‍රීඩකයන් 23 දෙනාගෙන් මහේල හැර සෙසු සියලූම ක‍්‍රීඩකයන් ගිවිසුමට අත්සන් කළා. මහේල ආබාධයකට ලක්ව සිටින නිසා විදේශගතව සිටිනවා. ඔහු පැමිණිමෙන් පසු එය අත්සන් කරයි” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
වාර්ෂික ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකුට වසරකට ඩොලර් 140,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 160 කට වැඩි මුදලක් හිමිවන බව දැනගන්නට තිබේ.
වාර්ෂික ගිවිසුම්ගත මුදලට අමතරව ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග සඳහා කී‍්‍රඩා කිරීම වෙනුවෙන් තරග මුදලක් ද කී‍්‍රඩකයන්ට හිමිවේ.
ඊට අමතරව සියලූම වෛද්‍ය පහසුකම් සහ ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය සියලූම ඇදුම් සහ ආම්පන්න ක‍්‍රිකට් ආයතනය විසින් සපයනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයොත් දැන් වෙනස් වෙලා. (නි)
සල්ලි මේ තරම් හම්බ වෙලත් මදිද (දී)
ලසිත් මාලිංග කණ්ඩායමෙන් අයින් කරන්න. විනයක් තියෙන්න ඕනේ ක්‍රීඩාවක් උනාම (දී)
වාර්තා කරුවන්ට පිළිතුරු දීපු ක්‍රමය (ස)
සන්තෝසයි , නමුත් අත්සන් නොකළ පිරිසක් ඉන්නවා නේද (දී)
අපි තමයි විදුලිය නාස්ති කරගෙන තරග බලන්නේ. මෙයාලට ගාණක්වත් නැහැ. (නි)
අඩු වැඩ අඩු පඩි... (නි)
අමිළ, විදේශ රටවල සාමාන්‍ය මිනිසුන්ගේ ආදායමත් සමග බැළුවම අපේ ක්‍රීඩකයන්ට ගෙවන ගාන ඉතා ඉහළයි. අපේ රටේ මාසික ආදායම ලක්ෂයකට වැඩිය උපයන අය කොච්චර ඉන්නවද බලන්න? ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සුළු රැකියවකට පවා මාසයකට දෙලක්ෂ පනස් දහසක් ගන්න පුළුවන්.(නදී)
සැමදා පරදින ක්‍රිකට් වලට යොදවන මුදල් වෙනත් ක්‍රීඩා වලටත් යොදවන්න.(නදී)
අන්තිමට කවුද දැන් ලැජ්ජාවට පත් වුණේ? අපිද? (නි)
රට ගැන හිතල කථාකරන ගමේ කොල්ලෙක් තේරුම් කමිටුවේ සභාපති නොහිතන්න ඔබ වැඩ තවත් ආපස්සට යනවා. දැක්කේ නැද්ද අර ලසිත් මාලින්ග කියන හාදය මාධ්‍යයට කතා කරපු හැටි. (අ)
ඔය තියෙන්නේ වැඩ නියමෙට. ඔහොම යමු සනා. (නි)
අපි දන්නවා ඔහොම වෙනවා කියලා. නැතුව ඉතින් වෙන මොනවා කරන්නද? (නි)
ඒ කියන්නේ මුදලටද සෙල්ලම් කරලා තියෙන්නේ. (නි)
ලක්ෂ 20 කියන්නේ පොඩි මුදලක්ද (දී)
ක්රිකට් බලන අපට තමා හැමදාම ගැටලු ගහන ඔයාලටනම් මොන ගැටලුද?(නදී)
ඉතාම හොදයි. (නි)
මෙයාලට කොච්චර තිබුනත් මදි.(නදී)
ඔය 22 කව්ද?(නදී)
සාධාරණ මදිද ඒ ගිවිසුම (දී)
අයියෝ ලැජ්ජයි, මුදලට වගේ සෙල්ලම් කරලා තියෙන්නේ.(නදී)
අතිපණ්ඩිතකම ලැජ්ජාවට මුලවේ. (නි)
මහත්තුරුන්ගේ ක්‍රීඩාව (දී)
ලසිත් මාලිංග අත්සන් කලාද (දී)
අර වේග පන්දු යවන කෙනාගේ හැදියාව නම් අන්තිමයි. අපි ඊයේ ටීවී එකේ දැක්කා. (නි)
ලද දෙයින් සතුටු වීම (දී)
මේක ක්‍රීඩකයන්ගේ කර උඩින් ගිහින් සැප ගන්න අය පිළිබද ගැටළුවක්.(නදී)
සංගා ඔයා නැති ක්‍රිකට් කියල දෙයක් මට නැ (අ)
මෙහෙමත් රටක්.(නදී)
විදේශ රටවල ක්‍රීඩකයන් හා සැසදීමේදී අපේ කොල්ලන්ට ගෙවනවා මදි.(නදී)
මේ අයගේ හැසිරීම දැක්කහම අපිට ඇත්තටම දුකයි. (නි)
අයියෝ සල්ලි.(නදී)
අයියෝ! දැක්කද ඊටේ මාලිංග ටීවී එකේ බැන්න හැටි? (නි)
මේකේ ඉන්න සමහර ක්‍රීඩකයන්ගේ පණ්ඩිතකම වැඩියි. (නි)