(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොලපැලැස්ස මැටිගත්වල වගා කළ අක්කර 100ක කීරි සම්බා වගාව සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කීරි සම්බා වගා කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද අමාත්‍යාංශය කියයි.
මැටිගත්වල කීරී සම්බා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එහි සංචාරයක නිරත විය.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ හම්බන්තොට කීරි සම්බා වගාවෙන් අක්කරයකින් වී බුසල් 110 ඉක්මවු අස්වැන්නක් ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.
කීරි සම්බා වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා දිය හැකි සියලුම සහයෝගය ගොවීන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.
කීරි සම්බා යනු මුළුමනින්ම දේශීය වී වර්ගයකි. BG-360 යනුවෙන් බතලෙගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවන ලද කීරි සම්බා මේ වනවිට අපේ රටේ ජනප්‍රියම සහල් විශේෂය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නියම දායාදයක් දූන්නු රාජපක්ෂවරයෙක්ගේ අභිජනනයක්. මැදමුලන ඇත්තෙක් නම් නොවෙයි.
ගොඩාක්ම හොදයි .
අර හිටපු රාජපක්ෂ කථානායකතුමාගේ ගෙදර තිබිච්චි පොහොර දාලාද වගාකළේ...?