ජිනීවාමානව හිමිකම් සම්මේලනයේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනා ගෙන එන්නට ඕනමෙන්න කියා තිබියදී ඉන්දියාවේ කොටි හිතවාදීන් ශ්‍රී ශ්‍රී ලංකාව පෝරකයවෙත ගෙනයායුතුයැයි ඉමහත් ගාල ගෝට්ටියක් නගමින් ඉන්නා අතරතුරදී බ්‍රිතාන්‍යය පැත්තෙන් ශ්‍රී ලංකාවට අහිතකර තවත් අලකලංචියක් මතුවී ඇත.
නිවාඩුවක්ගතකිරීම සඳහා පැමිණ තංගල්ලේ සංචාරක නිකේතනයක නැවතීසිටි බ්‍රිතාන්‍යපුරවැසියෙකු පිහියෙන් ඇන වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය දැන් හොල්මනක්වී ලංකාවටවින කෙටීමට ඉස්මතුවී ඇත.
ඊශ්‍රායලගාසා තීරයේ ජාත්‍යන්තර රතුකුරුස ආයතනයේ සේවයකරමින්සිටි කුරාම් ෂෙයික්නමැති මෙම මිය ගිය සංචාරකයා ලංකාවට පැමිණියේ ඔහුගේ රුසියානු ජාතික මිතුරියසමඟ නිවාඩුවක් ගතකිරීම සඳහායි පැවසේ.
ඔහුගේඝාතකයන් වසරකටත් වැඩි කාලයක් නිදැල්ලේ හැසිරෙමින් සිටිනාබව දැනට ශ්‍රීලංකාවට පැමිණ සිටින ඔහුගේ සොහොයුරා සහ ඔහු පදිංචිවසිටි රෝච්ඩේල් පළාතේපාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් දන්චුක් චෝදනා කරති.
එමඝාතනය සම්බන්ධව අත්අඩංගුවට පත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත්චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් අටදෙනෙක් දැනට ඇප මත නිදහස ලබාසිටිති.
මේපිළිබඳව මියගිය කුරාම් ශයික්ගේ සොහොයුරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන්ඩන්චුක් කොළඹදී මාධ්‍ය වේදීන් අමතමින් කියා ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන්යුක්තිය ඉටුවන තුරු ඔවුන්ගේ ප්‍රයත්නය අත් නොහරින බවයි.
මේ ප්‍රවෘත්ති වාර්තාවසහ ඒ දෙදෙනා ශ්‍රී ලංකාවට යාමට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡා සියල්ල සඳහාබ්‍රිතාන්‍ය ජනමාධ්‍ය සියල්ලගෙන්ම ඇති විශාල ප්‍රචාරයක් දී ඇත.
මෙමඝාතනය සම්බන්ද පරීක්ෂණ මන්දගාමී තත්වයකට පත්ව ඇති බව කියන ඔවුන් කොළඹදීඅදාළ බලධාරීන් හමුවී මේගැන කතාකිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූබවටනොක්කාඩුවක්ද නගති.
මේගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතාකිරීමටත් බ්‍රිතාන්‍ය මහා රාජිනියවෙතපෙත්සමක් ඉදිරිපත්කිරීමටත් බලාපොරොත්තුවන බවද ඔවුහු පවසති.
මෙවන්තත්වයක් යටතේ කුරාම් ෂෙයික් ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල ඉක්මන් ප්‍රගතියක්සිදුවනබවක් පෙනෙන තුරු තම බලපෑම නොනවත්වා කරගෙන යාමටත් ශ්‍රී ලංකාවේපැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන මෙන් බ්‍රිතාන්‍යරජයට යලි යලිත් බලකර සිටීමටත් බලාපොරෝත්තුවනබවද ඔවුන් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් අත් දෙකම උස්සනවා මේ වැඩේට. (නි)
සම්පුර්ණයෙන්ම වැරදි වැඩක් අපි කරලා තියෙන්නේ (දී)
අපේ උතුම් බව විදහාදක්වන තවත් උතුම් දෙයක්. (නි)
මොනවා කියන්නද? කතාව ඇත්තනේ. (නි)
ඇමරිකාවට හරි සතුටු ඇති (දී)
ඡන්දේ දීපු අයට අප්‍රමාණ සංතෝෂයිලුද දැන් (අ)
ලංකාවේ කෙනෙක් මෙනවා හරි ලෝකේ තැනක් ලැබුණම සංතෝෂවෙන්න. පුරාජේරුගහන අය මේවැනි සිද්ධි වලදීත් එහේ සැමොම දුක් වෙනවා.
මේකට කඩිනම් විසදුමක් දිය යුතුයි...!(නු)
අපි කාගෙන් හරි පාඩමක් ඉගෙන ගන්න ඕනෑ. (නි)
මේ වැඩේ වැරදී
මිනිසුනේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න (දී)
ආසියාවේ ආශ්චර්යය අපිනේ අනේ! ඉතින් මෙහෙම නොවි බැහැනේ. (නි)
ඇත්තනේ. ඉඩම් නඩුවකට මිනිස්සු පැටලෙන්නත් බය ඕකනේ. (නි)
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න (දී)
දැන් මොකද කරන්නේ (දී)
අඩන්න බලන් ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් අන්නා වගේ වැඩක් නේ (දී)
කතාව ඇත්තනේ (නි)
මානව හිමි කම නැතිම රටක් විදිහට හංවඩු ගහයි දැන් (දී)
ලංකාවේ මිනීමැරුම් නඩු විසදන්න හුගක් කල් යන එක සාමාන්‍යයයි. (නි)
වැඩක් නෑ මේක ලංකාවනේ....(නු)
මෙයාල දන්නේ නැද්ද ලංකාව ගැන(නු)
ඕක ඇති (දී)
දැන් ඕක අල්ලාගෙන කැගහයි (දී)
මේ වෙලාවේ බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ලෝකෙම බලන් ඉන්නේ අපෙන් වරදක් වෙනකල් (දී)
අනේ මන්දා ඕවා? (නි)
ලංකාවේ අපේ දේශපාලඥයින්ට ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? (නි)
ඔන්න වැඩේ (දී)
රට වනසන්නන්ට විරුද්ධව දැඩි පියවරක් ගැනීමට අවශ්‍යයි. (නි)