කිරි අම්මාවරුන් 500කට අද අලුයම අම්බලන්ගොඩ බටපොල සාදමුල්ලේ කිරි දානයක් පැවැත්විණි. ඉපැරණි චාරිත්‍රානුකූලව පත්තිනි දේවිය වෙනුවෙන් දානය පිරිනැමිණි. සුදු ඇඳුමින් සැරසුණු කිරි අම්මාවරු සුදු මල් රැගෙන ඊට එක්වූහ.
බටපොල සුබාසිරි පදනම මෙම පිංකම සංවිධානය කළේ 17 වැනි වරටය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දර සිතනිවන දසුනක් (නි)
මේ පින සියලු ලෝක වැසියන්ට නිවන් දැකීමට හේතු වාසනා වේවා! (නදී)
සොදුරු දසුනක්. ඒත් උතුරු සළුව දේවාලෙක කපුවන්ගේ පාටින් තිබීම කතුහලයක් උපදවයි. මෑතක සිට විවිධ සංවිධානවල අනුග්‍රහයෙන් පවත්වන බෞද්ධ ආගමික වැඩසටහන් වලදී ගමේ අහිංසක උපාසක අම්මලාගේ උතුරු සළුව වර්ණවත් සහ විවිධ පාඨ, ආයතන වල නම් මුද්‍රණය කර තිබෙනු දකිනවිට මහත් වේදනාවක් දැනේ. මේ ප්‍රවනතාවය වෙළද නාම,බියර් දැන්වීම්,දේශපාලන සටන් පාඨ,පක්ෂ වර්ණ සමාගම්වල වෙළද ප්‍රචාරණ කටයුතු දක්වා යන්නට පෙර සිට පැවතුන ලෙස සුදු වර්ණය පමණක් තිබෙන්නට කටයුතු කරන්නේනම් මැනවි. (නදී)
සත්‍යපාල මහතාගේ අදහසට මමත් කැමතියි. කිරි අම්මලගේ ඇඳුම සුදු පාට නම් එය කොපමණ හොඳද ? (නදී)
ගමේ වැඩක්නේ! ගොඩක් හොඳයි. ලක්වැසි සැමටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවයි...!! (නි)
මටත් මේක දැක්ක ගමන් හිතුනා පාට සළු මොකටද කියලා; එ්ත් අරමුණ උසස් එකක් නිසා නොලිය ඉන්නත් හිතලා තවත් මේවාගේ දේවල් වෙයි කියලා හිතුන නිසා ලිව්වා. සත්‍යපාලගේ කතාව හරි.(හේ)