තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊවා වනසුන්දර , නලින් පෙරේරා ,ප්‍රසන්න ජයවර්ධන යන මහත්ම හමුවේ අද කැඳැවිණි.
පෙත්සම පිළිබඳ වැඩිදුරටත් සලකා බැලීම ලබන ඔක්තෝබර් 15 වැනි දිනට කල් තැබීය.
මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක්‍රමිකතාවයක් සිදු කළැයි සඳහන් කරමින් තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බී වාර්තා තුනක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්දර කෑවා නම් අඟුරු පහාරන්න වෙන බව දන්නේ නැතිව ඇති.
ජනතාව රැවටෙන්නේ ජාතියේ අවාසනාවට
ඔය කියන ඒවාට ජනකොටස් මුලාවෙන්නේ රටේ අවාසනාවට වෙන්න ඕනේ