දේශපාලනික පත්වීම් ලැබ විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තානාපති හා මහ කොමසාරිස් ධූර දැරූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 57 දෙනකු ලබන පෙබරවාරි 28 වැනි දිනට පෙර කැඳවා ඇත.
විදේශ ලේකම් විසින් ලිඛිතව ඔවුනට දන්වා ඇත.
ඉකුත් කාලයේදී විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 54ට තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයෙන් පත්වීම් ලැබුවේ 10කට අඩු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකි. එම ධූරවලට නිලධාරීන් 57 දෙනකුම යවා තිබුණේ දේශපාලන හිතවත්කම් මතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම ස්ථානයකම හරියට රාජකාරී වෙනවද බලනවනම් හොදයි (දිල්)
දින 100 තුළ මේ සිදුවන දේවල් හොඳටම ප්‍රමාණවත් (නි)
සීෂෙල්ස් දූපතේ තානාපති හැටියටත් සුදුසු කෙනෙක් පත්කළ යුතුයි. (නි)
කවුරු ආවත් කරන්නේ මේකම තමයි.දැන් ඔය අලුත් සභාපතිලව පත් කරන්නේ සුදුසුකම් බලලද?(දිල්)
උගත් බුද්ධිමත් ලංකාවේ සිවිල් සේවයේ නිලධාරීන් එවීමට කාලය එළඹ ඇත. (නි)
මේ ගොල්ලන්ට කවන්න තියෙන්නේ කුම්බලාවෝ නෙමෙයි මඩකරියෝ (නි)
නිශේන් ඔයා අාවෙත් එහෙම හිතලද ? කොහොම නමුත් හොඳ අයත් ඉන්නවා. (නදී)
ඒක හොඳ වැඩක්. දුන් පොරොන්දු ටික ඉටුකරන්න වෙනකොටනේ ප්‍රශ්න එන්නේ. (නි)
කරුණාකර ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල ගැනත් සොයා බලන්න. ඒවායේ සමහරු මෙහෙ පැමිණ සිටින්නේ වැඩ කරන්න නෙමෙයි. නුවරඑළිය කියලා හිතාගෙන නිවාඩු ගතකරන්න. (නි)
බන්දුල යහපාලගේ කාටහරි ආපසු එන්න කියලා ලියුමක් ගිහිල්ලා නැද්ද? (නි)
ඊළඟට යවන අයට කරුණාව, මෛත්‍රිය හා රට ගැන හිතනහැටි උගන්වා යවන්න (නි)
කරුණාකරලා මෙවැනි නුසුදුස්සන් මේ සේවයෙන් නෙරපන්න. (නි)
අපි නම් දන්නවා. බලන්නකෝ මාසයකින් ලිස්ට් එක අරගෙන... (නි)
අපි බලමු දැන් අලුතෙන් යන අය කුම්බලා මාළු නොකා ඉඳීවිද කියලා.(දිල්)
ගත් ක්‍රියාමාර්ග දිව්නුවට රුකුලක්. (ර)
මේ විභාග හරිම අමාරුයි. ප්‍රශ්න පත්‍ර 6ක්. මමත් මේ විභාගය සමත්වුණා. සම්මුඛ පරික්ෂණ 2 කට ගියා. මම හිටියේ තුන්වෙනියාට. අන්තිමට ලිස්ට් එකේ අපේ නම් තිබුණේ නැහැ (නි)
නියම වැඩක් හැබැයි (දිල්)
ලංකාවේ විදේශ සේවයට ගන්නේ ඉහළම තරඟයකින්. ඔවුන් ඒ සඳහාම පුහුණු කරනවා. විශේෂයෙන් ඉංග්‍රීසි වැනි භාෂා නිපුණත්වයත් විශේෂයෙන් සළකා බලනවා. එනිසා ශ්‍රී ලංකා විදේශ සේවයේ අය විතරක් යවන්න, සිවිල් සේවය හෝ අනෙකුත් සේවා මේකට ගාවාගත්තොත් වෙන්නේ නැවතත් මේක පිරිහෙන එකයි. සිවිල් සේවය අද අන්තිමටම පිරිහිලා. දේශපාලනීකරණය වෙලා. (නි)
හොඳ වැඩක් (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
මේවා දේශපාලනීකරණයෙන් ඉවත්කර නැවත මේ දේවල් නොකරන්න නිලධාරීන් දැනුවත් කරන්න (නි)