ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා රැලියට බොරැල්ල කැම්බල් පිටිය ලබාදිය හැකි බව පොලිසිය ලිපියක් මගින් මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් බාරදෙමින් අද (1) සැළ කළ බව වාර්තාවේ.
රාජපක්ෂ මහතා ලිපිය බාරගනිමින් පැවසූයේ අපි දැන් සියල්ල සූදානම් කර ඇති බවයි. නාරාහේන්පිට අභයාරාමයේ දී පොලිසිය එම ලිපිය බාරදුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ද එහි වූහ.
COMMENTS
සැම් මෙතන ඉන්නේ හාර පන්දහද? ගණන් ඉගෙන ගත්තේ කොහෙන්ද? නැත්නම් ඇස් වල දෝෂයක්ද? (හේ)
දැන් ප්‍රමාද වැඩියි (නි)
බලයට එන්න හුඟ දෙනෙක් කැමතියි. ඒක මනුෂ්‍යා පමණක් නොවෙයි සතුන්ගේත් තියන එකක්. ඒ ගැන කලබල වෙන්න එපා. එ්ත් බලයේ ඉන්න අය කරන ඒවා දකිනකොට ‘තුහ්‘ කියලා හිතෙනවා. බලය තිබුන පළියට කැත වැඩ කරන්න හොඳ නැහැ නේද? (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ (නි)
60% කෙලෙහි ගුණ නොදත් උගතුන් යයි සිතන මෝඩ ජනතාවක් ජිවත් වන රටකි ශ්‍රී ලංකාව . (අ)
මෙන්න යහපාලනය ගෙදරටම ගිහින් දෙනවා, ඉස්සර වෙච්චි විදියත් අපිට තාම මතකයි. (ර)
අනා ගැනීමේ හොඳම එක. මොකද මෙතරම් පරක්කු? (ර)
හැබැයි මිනිස්සු හාර පන් දාහක් ගෙනල්ලා "මහා ජන ගඟක්" විධියට හයිඩ් පාර්ක් එකේ වගේ පෙනුමක් කැම්බල් පාර්ක් එකේ ගන්න බැහැ. (ර)
මේ තරම් තමන්ගේ ආත්ම ගෞරවය කෙලෙසා ගත් නායකයෙක් ලංකා ඉතිහාසයේ සිට නැහැ. (හේ)
අහිංසක මිනිස්සු අව්වේ කරවෙවී පාද යාත්‍රා යනකොට ඒකට නායකත්වය දුන්න එක්කෙනා ඒ සී රූම් එකක ඉඳගෙන එකේ ඉන්නවා . (හේ)
සෙනග එක්ක ට්‍රැෆික්. මරු පාද යාත්‍රා. (බ)
දැන් මේ ආණ්ඩුව කරන්නේ හිරිකිත වැඩ කියපු අය මොකද කියන්නේ බලමු...(බ)
සියල්ල සුදානම් කිව්වේ මොකක්ද මහත්තයෝ.(හේ)
කැම්බල් පිටිය අයිති පොලීසියටද ? (ර)
ඔබටත් සතුටුයි ද දැන් ? (ර)
වැටෙන බව දැනීලා ඒ තිබු බලේ -දුරක් ආ නිසා දැන් දුකක් නොම දැනේ... ලබන්නට බලේ හිතන්නට එපා-අදින් පසු නිමාවේ අපේ මේ කතා... (ර)
ශ්රීමලී, සියල්ල කියන්නේ ස්ටේජ්, මයික්, සැරසිලි... (ර)
හයිඩ්පිටිය උඩු යටිකුරු කරලා දැන් බාරදෙන්නේ මොකටද.? (ර)
මෙතුමා මෙන්න පැත්තකට වෙලා ඉන්නවා! පාද යාත්‍රාවේ ඇවිදින්න යන්නේ නැද්ද? (ර)
ඒ කාලෙත් ඔහොම උනා කියලා කිව්වා මන් දැක්කා. ඇත්තටම ඒ කාලේ උන හැටි නම් අපිට හොදට මතකයි. (ර)
අසීමිත බදු බර, රටේ නැවතුන සංවර්දනය, හමුවේ රටේ ජනතාව වෙනුවෙන් කවුරුන් හෝ පෙනී සිටිනවානම් එකේ ඇද කුද සොයන එක මහා කැත වැඩක්. (ර)
මේ අයට බනින්න හරි අද ජීවත් වෙලා ඉන්නේ කා නිසාද කියලවත් මතක නැති හැටි.(හේ)
පාද යාත්‍රාව කොළඹට ඇතුල් උනාට පස්සේ පිට්ටනි දෙන්න හදන්නේ... (ර)
මෙයාල පෙනී හිටින්නේ අසීමත බදු බර වෙනුවෙන්ද? රටේ ජනතාව වෙනුවෙන්ද ? හොරකම් කරපුව වහගන්න කොහොම හරි බලයට එම වෙනුවෙන්ද ? කියලා හිතාගන්න බෑ.(හේ්)
තාම හිතා ගන්න බෑ මේ පිරිස යන ගමන් මාර්ගය.(හේ)
ඔබට සතුටුද දැන් (හේ)