පසුගිය රජය සමයේ බලහත්කාරයෙන් පදිංචි ජනතාව ඉවත්කර ආණ්ඩුවට පවරාගත් බව කියන කොම්පඤ්ඤ වීදීය දුම්රිය පටුමග නිවාස හිමියන්ට අවබෝධතා ගිවිසුමක් මගින් දුන් පොරොන්දු ඉටුකරන ලෙසත් දැනට ඔවුන් තැනින් තැන කුලී පදන මත නිවාසවල දුක් විදින නිසා ඔවුනට ගිවිසුම් ප්‍රකාරව නිවාස ලබාදෙන ලෙසත් වැසියෝ ඉල්ලති.
එම නිවාස කඩාදමා දැනට වසරයි මාස හතරක් ගතවී ඇති බවද තව දින 14 ක් ඇතුළත ස්ථිර විසඳුමක් ලබා නොදුනහොත් දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතීඥ , ජනතා විමුක්ති පෙරමුණේ නායක සුනිල් වටගල මහතා පැවසීය. ඔවුහු කොම්පඤ්ඤවීදීය දුම්රිය පොළ අසල උද්ඝෝෂණයක් ද පැවැත්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර දුම්රිය මාර්ගය සහ මාර්ග අවහිර නොකරන්න. නැත්නම් මහජනතාවට පීඩා කිරීම යටතේ නඩු පැවරිය හැකියි (නි)
රජයේ ඉඩම් වල බලෙන් පදිංචි වෙලා හිටපු අයට කොහෙන්ද වටගල මහත්තයෝ අයිතිවාසිකම් තියෙන්නේ? මොවුන් පදිච්ව සිටි කාල සීමාව අනුව සැහෙන බිම් කුලියක් රජයට ලබා කර ගත යුතුයි! (අ)
යහපාලනය නිසා උද්ඝෝෂණය කරලා බය ගන්වලා ලබා ගන්නද කල්පනාව ඒවා සුම්මා(රේ)
සල්ලිත් අරං ගෙවලුත් ගන්න වගේ කල්පනාව.. දෙන්න හොද නැහැ (ම)