ගංගා ඇතුළු ජලාශයන්හි වතුර යට සැරිසරමින් වතුරේ සහ ස්වාභාවික සම්පත් රහස් සොයන නියමු රහිත යාත්‍රාවක් හදුන්වාදීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් වි තිබෙන බව ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
“ජලාශ වේලි තත්ත්වය පිරික්සිමට ද මෙම යාත්‍රාව සමත් වෙයි. වතුර යට විඩියෝ ඡායාරූප රැගෙන විමටත් හැකිය.”
“වතුරේ පවතින තත්ත්වය, ස්වභාවය එහි පී.එච්. අගය ඇතුළු වතුරේ විවිධ වෙනස්කම් යනාදියයක් මත්ස්‍ය ග්‍රහණය ඇතුළු ජීවීන්ට තොරතුරු ස්වභාවික සම්පත් ඇතුළු සෑම දෙයක් ගැනම පැහැදිලි සාර්ථක විශ්ලේෂණයක් මෙමගින් සිදු කළ හැකිය.”
“දැනට මෙම කර්තව්‍යයන් සම්බන්ධ යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් එය සිදුකරනුයේ කිමිදුම්කරුවන් යොදා ගෙනය. මෙම යාත්‍රාවෙන් හේතුවෙන් එම කර්තව්‍යය පහසුවෙන් සිදු කර ගත හැකිය.”
කොරල්පරවල ස්වභාවය දැනගැනීම සඳහා ද මුහුදේ මෙම යාත්‍රාව අත්හදා බැලිමට නියමිතය.
“උපරිම වශයෙන් මිටර් පනහක දුරක් අඩි දහයක ගැඹුරකට යාත්‍රාවට ගමන් කළ හැකිය.”
මඩපාත වින්ඩ් රිච් ලේක් රිසෝට් හෝටලයේ පිහිනුම් තටාකයේ මෙහි ප්‍රථම අත්හදා බැලිම සිදු කළේය. එහි සාර්ථකත්වය හේතුවෙන් බොල්ගොඩ ගඟේ කොස්පැලෑන පාලම අසළදි පුළුල් ලෙස අත්හදා බැලීමක් සිදු කිරිමට පොලිස් නාවික ඒකකය පහසුකම් සලසා දුන්නේය.
එහිදි අනාවරණය වුයේ වතුර කළුපැහැ ගැන්වීම නිසා අපැහැදිලි තත්ත්වයක් පවතින බවයි. නියමු රහිත යාත්‍රාවේ මුලික අදියරේ පරික්ෂණ බෙහෙවින් සාර්ථක වි ඇත.
“කිලෝ ස්සක් බර යාත්‍රාව අඩි දෙකක දිගකින් යුක්තය. අර්ධ ස්වයංක්‍රිය පාලන පද්ධතියකින් හා දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වෙයි. සංඥා නිකුත් කිරිමට වයරයකින් සම්බන්ධිත ඉපිලුමක් යාත්‍රාවට සම්බන්ධ කර ඇත. එම ඉපිලුම වතුර මත පාවෙයි. ඉපිලුම විදාන ලැබෙන්නේ දුරස්ථ පාලකයෙනි.”
මෙම යාත්‍රාව නිර්මාණ සඳහා විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සහායද ලැබී ඇත.
මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මඟ පෙන්වීම හා අධික්ෂණය යටතේ ආචාර්‍ය විමල්සිරි මහතාගේ සහායෙන් එදිරිසුරිය, ෆහිම් ජලාල්ඩින්, දුමින්දු කව්මදි ධර්මදාස සිසුහු නියමු රහිත යාත්‍රාව නිර්මාණය කළහ.
![photo_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/photo_311.jpg)

![photo_4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/photo_411.jpg)
![photo_5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/photo_51.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සචින් මේවා නව සොයාගැනීම් නොවේ. විශ්ව විද්‍යාල වලින් කරන්න ඕනේ නව සොයාගැනීම් මිසක් දැනට ලෝකයේ තිබෙන දේවල් නව නිර්මාණ ලෙස ඉදිරිපත් කිරීම නොවේ (නදී)
ඉතා අගෙයි අනාගතයට සුබ පැතුම් (ම)
දායක වූ සැමට සුබපැතුම්, අනෙක් විශ්ව විද්‍යාලවල අයත් ස්ට්‍රයික් කරලා කාලකන්නි වෙන්නේ නැතුව මේ වගේ හොද වැඩ කරන්න කියල ඉල්ලා සිටිනවා.(හේ)
හොඳ නිර්මාණයක්. සුබපැතුම්. තව ගොඩක් දියුණු කරන්න වේවි. අඩි 10 ට වඩා අපි කිමිදුම් කරුවෝ කිමිදෙනවා (ම)
කෝ දැන් අර නියමුවන් රහිත යානය ළඟදීම විකුණනවා. ජාත්‍යන්තර වෙළඳ පලේ කීවේ ඒක විකුණලාද කියලා හොයලා බලන්න (නදී)
සුපිරි වැඩක්. ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා! (නි)
ජය ශ්‍රී !(බ)
මේ වගේ වැදගත් නිර්මාණ වලට අපේ රටේ පිළිගැනීමක් නැති එක ලොකු දුකක්. ඕවගේ දෙයක් අවශ්‍ය උන වෙලාවක පිට රටක හදපු ජරාවක් ගෙනල්ල ටීවී වලත් පෙන්නයි.(නදී)
හොඳ උත්සාහයක්. තව හුඟක් දුර යන්න ඕනේ වාණිජ වටිනාකමක් ගන්න (බ)
නදී, මේවා දැනට ලෝකයේ තියෙන දේවල් වුණාට මේ තාක්ෂණය ලංකාවේ නැහැ. අපි රටක් විදිහට ඒ දේවල් හොයාගන්න ඕනෑ. වෙන රටවල් වලිනුත් එයලාම පරීක්ෂණ කරනවා (නි)
මොරටු සරසවියේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සන්දේශ අංශයට සුභ පැතුම්. මීට කලින් කේලමා කියල එකක් හැදුවා අහසේ යන. මේකට කේලමී කියලා නම් කරමුද ? (නදී)