ජයන්ත සමරකෝන් සහ ප‍්‍රියන්ත ජයලත්
කොළඹ මහ නගර සභාවේ ස්ථාවර කාරක සභා කමිටු හතරකට සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අද (23) පැවැති සාකච්ඡාට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කමිටු ශාලාව ලබා නොදීම නිසා මන්ත‍්‍රීවරුන්ගෙන් ඇයට දැඩි විරෝධතාවයක් එල්ල වු බව වාර්තා වේ.
සාම්ප‍්‍රදායානුකූලව මෙතෙක් ස්ථාවර කාරක සභා කමිටු රැස්වීම් පවත්වා ඇත්තේ මන්ත‍්‍රී කමිටු ශාලාවේ වුවද නගරාධිපතිනිය විසින් වෙනම රැස්වීමක් එම කමිටු ශාලාවේ පැවැත්වීම එම විරෝධයට හේතූ වූ බව ඊට සහභාගී වු නාගරින මන්ත‍්‍රිවරයෙක් ලංකාදීපයට පැවසීය.
එම අවස්ථාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වු දැඩි විරෝධතා මධ්‍යයේ නගරාධිපතිනිය කමිටු ශාලාවේ දොරවල් වසා දමා තිබූ බවද එය නගර සභා සම්ප‍්‍රදායට පටහැනි ක‍්‍රියාවක් බවද එම මන්ත‍්‍රීවරයා කීය.
මෙදින ස්ථාවර කාරක සභා කමිටු හතරකට සභාපතිවරුන් පත්කිරීමට නියමිතව තිබූ බවද ඒ සඳහා සෑම පක්‍ෂයකටම අයත් නාගරික මන්ත‍්‍රීවරුන් තිහකට අධික සංඛාවක් සහභාගි වී සිටි අතර මෙය දැක බලා ගැනීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක්ද නගර සභාව වෙත පැමිණ සිටි බවද වාර්තා වේ.
කෙසේ වෙතත් සාම්ප‍්‍රදායට පටහැනිව වුවද මෙම කමිටු රැස්වීම් හතර පැරණි නගර සභා රැස්වීම් ශාලාවේ පවත්වා ඇති බවද මෙය නීතී විරෝධී ක‍්‍රියාවක් බවද නගර සභාවේ උසස් නිලධාරීයෙක් පැවසීය. මේ තත්වය පිළිබඳව විමසීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය දුරකතන මඟින් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් එය ව්‍යාර්ත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නගරාධිපතිනියගේ වැරද්දකින් කියා හුවා දැක්වීමට බොහෝ මාධ්‍ය ජාල සහ විරුද්ධ පාක්ෂිකයන් බලවත් උත්සාහයක යෙදී සිටින බව පේනවා. කෙසේ උනත් එතුමියගෙන් ප්රකාශකයක් ලැබෙන තුරු, නගර සභාවේ වැඩ කටයුතු අඩාල කිරීම නම් කිසිසේත් අනුමත කල නොහැක.
හමේක සෙල්ලමකට ගණන් ගන්න එපා. වැඩේ හිතන තරම් පහසු නැහැ.
කොළඹ නගර සභාවේ නගරාධිපති වැනි වැදගත් තනතුරක අත්දැකීම් බහුල පළපුරුදු දේශපාලඥයෙක් පත්කල යුතුව තිබුණා. තමන්ගේ පෞද්ගලික හිතවත් කම් උඩ මේ තනතුරට පත්කර ගෙන විශාල විනාශයක් කොළඹ නගර සභාවට කරන්නයී මේ සුදානම.
එතුමිය තනි තීරණ ගන්න බය නැති කෙනෙක් වග පෙනෙනවා. සම්ප‍්‍රදායට විරුද්දව ගියත් හරි සහ හොද දෙයක් කරනවානම් කමක් නැහැ. සම්ප්රදාය කියල මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකට ආධාරකරුවන්ට එන්න දෙන්න බැහැනේ.
දෙක වසරේ ළමයි වගේ. ඉගෙනීම පැත්තක තියල ඩෙස් පුටු වලට රණ්ඩු කරගන්නවා වගේ. ශාලාවද වැදගත් නැත්නම් වැඩේද වැදගත්? මේකද මොව්න්ගේ උගත්කම?