ආරියරත්න රණබාහු
ලෝක කම්කරු දිනය යෙදී තිබෙන මැයි පළමු වැනි දා වෙනස් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
මැයි පළමු වැනි දා රජයේ ප්රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස නම්කර තිබූ අතර වෙසක් සතියේ දී මැයි පෙළපාළි හා රැළි පැවැත්වීම ආගමික උත්සවයට බාධාවක් විය හැකි බැවින් එම දිනය වෙනත් දිනයක පවත්වන ලෙස මහානායක හිමිවරුන් රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව මැයි 7 වැනි දා මැයි රැළි හා පෙළපාළි පැවැත්වීම සඳහා රජය විසින් ප්රකාශයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු බොන්නැතුව කාටවත් බනින්නැතුව බෞද්ධ කොඩි අරගෙන සාදු සාදු කියකිය පෙලපාලි ගියානම් කොච්චර ලස්සනද?
බොහොම හොඳ තීරණයක්.
මැයි මාසේ 29 වෙනිදා වෙසක් පෝය නම්, මොකටද වෙසක් සතිය කියලා මැයි පළවෙනිදා, කම්කරු දිනය 7 වෙනිදාට වෙනස් කලේ? අපිට නම් මැයි මාසෙම වෙසක්. එතකොට මැයි පළමුවෙනිදා රජයේ නිවාඩු දිනයක් නොවේද? 7 වෙනි සඳුදා නිවාඩු දුන්නම ඒ සතියත් ඉවරයි. ඔච්චරටම සැදැහැවත් බෞද්ධයෝ නම් ලංකාවේ ඉන්නේ, ඔය කම්කරු දිනේ සමරන්නේ නැතිව ඉන්න තිබුනනේ. කොහොමත් මැයි පළවෙනිදා අපේ රටේ දේශපාලකයින්ගේ බලය පෙන්වන එකට කම්කරුවෝ එකතුවෙලා හුරේ දාන දවසනේ? ලෝකේ කොයි රටකවත් නොකරන, මොලේ කොලොප්පන් වෙච්ච බහුභුතයෝ ඉන්න රටක් වෙලා දැන් මේක?
ඉතාම හොඳ වැඩක්. නැත්නම් ඔය බේබද්දෝ ටික මුළු වෙසක් සතියම විනාශ කරනවා.
බද්රානි නෝනා පන්සල පැත්තෙවත් යන කෙනෙක් නෙමෙයි වගේ පේන්නේ. අප්රියල් 30 සඳුදා තමයි මෙවර වෙසක් පෝය. ඊට පහුවෙනිදට යෙදිලා තියන කම්කරු දිනේ අපේ අයියලා උත්සව සිරියෙන් සමරන බව දන්නා, මහා නායක හාමුදුරුවන් වහන්සේලා තමයි මේ ඉල්ලීම කරලා. කම්කරු දිනය සතියකින් ආපස්සට ගෙන තිබෙන්නේ. අපි බෞද්ධයින් වශයෙන් සතුටු වෙන්න ඕනා ඒගැන.