වන ජීවී හා වෘක්ෂ ලතා පනතින් ආරක්ෂා කොට ඇති වද වී යන සත්ත්ව කොට්ටාශයක් වන කැබැල්ලෑ පොතු කිලෝ 11 ක් ගමන් මල්ලක සගවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙදී රේගු නිළධාරින් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
අදට යෙදී ඇති ලෝක කැබැල්ලෑවන් සුරැකීමේ දිනයෙදී මෙපමණ විශාල කැබැල්ලෑ පොතු ප්‍රමණෙයක් සොයා ගැනීම ලෝක රේගු සංවිධනයේ මෙන්ම ලොව ජාත්‍යන්තර සත්ව සංවිධාන ගණනාවකම අවධානයට යොමු වී ඇති බව රේගුව කියයි.
වද වී යන සත්වයින් පිළිබද ජාත්‍යන්තර සම්මුතියන්ට අනුව කැබැල්ලෑවා රතු දත්ත ලැයිස්තුවට පවා ඇතුලත්ව අැති සතෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd