IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘කබලෙන් ලිපට“

මන්නාරම සිලාවතුර මරිච්චිකට්ටියේ රජයේ ඉඩමක තාවකාලික නිවාස තනාගෙන සිටි මුස්ලිම් වැසියන්ගේ නිවාස හතකට සහ ප‍්‍රජා ශාලාවකට ඊයේ (3) සවස 7ට පමණ පැමිණි පිරිසක් ගිනිතබා ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි. ගින්නෙන් එම නිවාස මුළුමනින්ම දැවීගොස් ඇත. හැත්තෑවක පමණ පිරිසක් පැමිණ නිවෙස්වලට ගිනි තබා එම ගම්මානයේ පදිංචි පවුල් 15ක් බලහත්කාරයෙන් නිවාස වලින් එළියට ඇදදමා ඉඩම්වලින් ඉවත් වන ලෙසට තර්ජනය කර තිබේ. මරිච්චිකට්ටි ගම්මානයේ මුස්ලිම් පවුල් 150ක් පමණ ජීවත් වූ බවත් යුද සමයේ කොටි තර්ජන නිසා පුත්තලමේ පදිංචියට ගිය ඔවුන්ගෙන් පවුල් 40ක් යුද්ධයෙන් පසුව නැවත එම ගමට පැමිණ තාවකාලික නිවාස තනාගෙන පදිංචි වී සිටි බවත් එම වැසියෝ කියති. නිවාස ගිනි තැබීමෙන් පසුව එම ගම්මානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය මැදිහත් වී පිරිස සන්සුන් කොට තිබේ. ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි. අවතැන් වූවනට ප‍්‍රජා ශාලාවක නවාතැන් පහසුකම් සලසා ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

‘‘කබලෙන් ලිපට“

සිංහ Wednesday, 05 September 2012 05:05 AM

අපේ අනුකම්පාව තමයි විනාශයට මුල වුණේ (නි)

:       0       0

රන් Wednesday, 05 September 2012 05:13 AM

ඔහොම යනකොට තව මොනවා වෙයිද? (නි)

:       0       0

රාජා Tuesday, 04 September 2012 03:52 PM

හැම හෙණයක්ම නැති බැරි අයටමයි. මේවා කරන අයත් ඒ පංතියේම වෙලා එයාලට හිතන්න බැරිද අපි මේ අපි වගේම අසරණයින්ටයි හිරිහැර කරන්නේ කියල. .(ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 September 2012 06:43 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 12:50 PM

මොනවද මේ අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ...(ස)

:       0       0

සම්පත් Tuesday, 04 September 2012 12:51 PM

නීතිය හරියට තිබුණානම් මේවා වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

සරත් Tuesday, 04 September 2012 01:09 PM

කියන්න කණගාටුයි..රටම අරාජික වෙන්න හදන්නේ...(ස)

:       0       0

හේමසිරි Tuesday, 04 September 2012 01:23 PM

ප්‍රභාකරන් මේ සියලු මැරකම් කරෙත් නීතියක් තිබියදී තමයි... දැං ඔය බලල් අත් දාගෙන දගලනවා වගෙයි මට නම් පේන්නෙ..!!(නු)

:       0       0

මොහොමඩ් Tuesday, 04 September 2012 01:25 PM

ජනාධිපතිතුමා හොයා බලා ඒ අසරණ අයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.....(ස)‍‍

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 04 September 2012 01:57 PM

අනේ දෙවියෙන් මට වුණ වියෝයා යන්නට තැනක් වත් මට දැන් නැතෝයා පොඩි දරු පැටවු වරුසාවට තෙමේයා ගෙයක් දුන් කෙනෙක් මතු බුදු වෙනෝයා‍‍‍.....(ස)

:       0       0

ක්‍රිෂාන්ත පෙරේරා Tuesday, 04 September 2012 01:57 PM

රජය අපහසුතාවයට පත්කරන්න කරපු දෙයක් මේක..!!(නු)

:       0       0

මොහොමඩ් ශිරාස් Tuesday, 04 September 2012 01:59 PM

මෙහි අදහස් දක්වන අමිල කටුනායක වරුණ රෝසි සජී වගේ අයගේ අදහස් මධ්‍යස්ථයි..!!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 04 September 2012 02:04 PM

දේශපාලන මැරයන්ගේ වැඩක් වෙන්න ඇති. පොලිසිය දැං ආරක්ෂාව දුන්නට වැඩක් නැහැ..!!(නු)

:       0       0

අමිල - කටුනායක Tuesday, 04 September 2012 10:29 PM

වහාම ඒ අයට සහනයක් සලසන්න.මීට පසු මෙවැනි දේවල් සිදු නොවන තැනට කටයුතු කරන්න.මෙය දුටු විට මා සිතේ දා ගින්දර ඇතිවිය.පව් අසරණ දරුවන්, වැඩිහිටියන් (ස)

:       0       0

සජී Tuesday, 04 September 2012 02:08 PM

අනේ පව් ඒ මිනිස්සුන්ට කොපමණ හිතේ ගින්දරක් ඇතිද?(නු)

:       0       0

නිරන් සෞදි Tuesday, 04 September 2012 02:22 PM

කවුරු අපහසුතාවයට පත්කරන්න කළත් රජයේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න සලස්වලා තිබුණනම් මේවා වෙන්නෙ නැහැ... මේ සියල්ලමට රජය වගකිවයුතුයි...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site