හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති විදේශ කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ගේ විදේශ ගමන් බලපත්‍ර මාස 3කට අත්හිටුවීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ සභාපති නියෝග කළේය.
නව රජය පත්වීමෙන් පසු විවිධ කණ්ඩායම් ගොනුකළ අල්ලස් හා දූෂණ පැමිණිලි අනුව දේශපාලනඥයන් ඇතුළු තවත් කිහිප දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමේ හැකියාව සලකා බලන බව අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාශ සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජින් ඩුබායිවල රස්සාවක් නැතුව පාරේ හිගා කකා හිටියේ .. මහින්ද අහුවුණා (බ)
සියලු දේ රජයට පවරා ගත යුතුයි (නදී)
විජයබාහු බන්දුලට නම්, මේ පුවත් එතරම් හිතකර නැති බව නම් මම දන්නවා. (බ)
කවුරු කවුරුත් දැන් රටට වැඩක් කළොත් හොදයි .නැත්තම් දින සීයය ඉවර වෙයි (දිල්)
මෙහෙම නවත්තපු එක හොදයි (දිල්)
මේවා හොයන්න දින සීයය මදි වෙයි (දිල්)
දින සීයය? එහෙම එකක් තියනවද. මං හිතුව මඩ ගහනවයි, හොර අල්ලන එකයි විතරයි කියල කරන්න තියෙන්නේ. (අ)
හොරු අල්ලන්නම දින සීය මදි වගේ..(දිල්)
හරියටම හරි.නියම තීරණයක්..ජය වේවා. (දිල්)
ඡන්ද කාලේ දුෂණ කියලා සිංහල ඡන්ද බෙදලා රටේ පාලනය දිනුවාට තවම ඇල්ලුවද එ්ක දුෂණයක්? (බ)
කුෂාන් , දින සියට වැඩ පටන් ගන්න කලින්, කවුදෝ ඉතිරි කරලා ගිය ගඳ ගහන කුණු ගොඩක් තියනවා අන්න ඒක පැත්තකට කරන්න ඕන නේද ? (දිල්)
නරක අයව ළං කර ගත්තම මේ වගේ දේවල් වෙනවා (දිල්)
ඔක්කොමට කලින් හොඳ ළමය වගේ කබ්රාල් ඉල්ලා අස්වුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටිය මෙයා බුද්ධිමත් පරපුරෙන් රජයට එක්වෙමින් විනාශවුණා. (අ)
සජින් කියන්නේ කැලණියේ හිටපු දුටුගැමුණුගේ මල්ලි. (නදී)
හොරකම් කරන්න හොඳයි. ඒවා හොයනකොට නරකයි. (අ)