යාපනය අරියාලෙයි පූංගකුලම් දුම්රිය ස්ථානය ආසන්නයේදී යුද හමුදා කැබ් රථයක් අද උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී දුම්රියේ ගැටී යුද හමුදා සාමාජිකයකු මියගොස් තවත් හමුදා සාමාජිකයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි යාපනය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය අයියකච්චි යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබලකු බව පොලිසිය සඳහන් කරයි.
දුම්රියේ ගැටුණු යුද හමුදා කැබ්රථය මීටර 50 පමණ දුරට ඇදී ආ බව සිද්ධිය ඇසින්දුටු ප්‍රදේශවාසීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සිය නිසා හරිම විනාශයක් වුණේ (බ)
දැන් ඉන්න දුම්රිය රියදුරෝ කිසිම විනයක් නැහැ (බ)
හැමතැනම අනතුරු (නි)
මගේ සංවේගය පළකරමි (නි)
කණගාටුයි! (නි)
ඇයි කෝච්චිය නවත්වාගන්න බැරිවුණාද? (නි)
හමුදා සාමාජිකයින් කොහොමත් හිතාා ඉන්නේ තමන්ට මාර්ග නීති මාර්ග විනයක් නැති බවටනේ. සමහරවිට හිතන්න ඇති හමුදා වාහනයක් හින්දා කෝච්චිය නතර කරයි කියලා (නි)
රුපියල් විසිපන්දාහක දඩය ගන්න පුළුවන්. (නි)
ශෝකජනක ආරංචියක් උදේ පාන්දර දැක්කේ (නි)