මාවනැල්ල මෙනේරිගම ව්‍යාපාරික නිවසක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට පහර දීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් ශෂිම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු බව කියන අසේල බණ්ඩාර හා පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයකු යැයි කියන රෙජිනෝල්ඩ් ගමගේ රුපියල් දස දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියන්ත බණ්ඩාර දිවුල්ගම මහතා අද (15) නියෝග කළේය.
ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කැරුණු අතර සෑම මසකම පළමුවන ඉරුදින සහ තුන්වන ඉරුදින පෙරවරු 10 ත් 12ත් අතර මාවනැල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් නියෝග කැරිණි.
COMMENTS
අනිවාර්යයෙන් ඇප ලැබෙන බව අපි කවුරුත් දන්නා කරුණකි (නි)
ස්තුතියි නිහාල්. (නි)
අන්න දැක්කා නේද යහපාලනය. (නි)
අැප දෙන්න අල්ලන්න නම්, අල්ලන්නේ නැතුවම හිටියා නම් ඉවරනේ (නි)
හේවා, ඒ කාලේ ඇප දෙන්න තියා අල්ලන්නේවත් නැහැනේ. (නි)
යහපාලනය යනු මෙයද? (නි)
සම්බන්ධිකරණ ලේකම් තනතුරට අදාළ සුදුසුකම් මොනවාද? දන්නා කෙනෙක් මට කියාදෙන්න. (නි)
මොන ඉගෙනිමක්වත්, පාසලක් ළගින් යාමවත් ඕන නැහැ ඇම්බැට්ටයෙක් වීම පමණයි ඕන. (බ)
ධම්ම මම දන්නා තරමින් නම් අධ්‍යාපන සුදුසුකම අනවශ්‍යයි,කඩු කිනිසි ටී 56 සහ පිස්තෝල පරිහරණයේ දක්ෂතාවය උසාවිකින් වැරදිකරුවෙකු වී මාස තුනක්වත් සිරගතවී සිටීම සහ පළාතේ ගැහැණු දරුවන් සහ කාන්තාවන් ගැන හොද අවබෝධයක් තිබීම (බ)