හිටපු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයකු වූ අභාවප‍්‍රාප්ත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 29 වැනි ගුණ සමරුව අද (18)දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණ. කොබ්බෑකඩුව මහතාගේ දියණියන් වන නිමල් ගොපල්ලව සහ වරීනි කොහෙන මහත්මිය මුලින්ම ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඒ.එච්.එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, ජෝන් සෙනවිරත්න මහත්වරු ගෞරව දැක්වූහ.