ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 24 වැනි ගුණ සමරුව අද (08) අනුරාධපුර රෝහල් වටරවුමේ දී පැවැත්විණි.
ලලී කොබ්බෑකඩුව ඇතුළු පවුලේ ඥාතීන් පුෂ්පෝහාර දැක්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් හා නැගෙනහිර නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් සුමිත් කේ සෝමරත්න මහතා පුෂ්පෝහාර දැක්වුහ.
1992 අගෝස්තු 08 වැනි දා කොටි ත්‍රස්තවාදීන්ගේ පීඩන බෝම්බයකට හසු වී ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජනරාල් විජය විමලරත්න සහ නාවික හමුදා කර්නල් ස්ටීවන්සන් ඇතුළු නිලධරයෝ නව දෙනෙක් මිය ගියහ.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා තමා ලංකාවේ මම දකින ෆීල්ඩ් මාර්ෂල් (බ)
මේවත් තව ටික කලකින් තහනම් කරයි (අ)
රටක් වටිනා රත්තරං මනුස්සයෙක්. (ම)
මෙතුමා සහ මෙතුමන් සමග මියගිය විරුවන් සදා අමරණීයයි ! (බ)
විරුවාණනි, ඔබට අප සදා ණයගැතියි! ඔබට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි!
අප නිසා යුධවැදුන, අපේ හිතතුළ සදා නොමැකෙන විරුවාණනි, ඔබලාට අප සදා ණයගැතියි (නි)
ඔබ සදා අප හදවත් තුළ ජීවත්වනු ඇත (නි)
මෙතුමා හොඳ ගතිගුණ සහිත රණවිරුවක්. (බ)
දැයේ පිනට පහළව දැයේ අවාසනාවට අපට අහිමිවුණ විරුවාණනි, ඔබට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
මෙතුමා එදා යහතින් ජීවත්වුණා නම් යුද්ධය තිස් අවුරුද්දක් දික්ගැහෙන්නේ නැහැ. එතුමාගේ මරණය රටේ අවාසනාව. එතුමා ජීවත්ව සිටියානම් රටේ වර්තමාන දේශපාලනයේද විශාල වෙනසක් සිදුවන්නට තිබුනා නොඅනුමානයි (නි)
යුද්ධය අවසන් කිරීමටම කැපවුන මෙතුමාට එය කිරීමට ඉඩ නොදුන්නේ එදා හිටි පාලකයින්ය. කොන්ද කෙලින් තිබු පාලකයෙක් එදා සිටියානම් රටේ යුද්ධය අවසන් කරන්නේ මෙතුමා. ඉතින් යුද්ධය අවසන් කිරීමට සටන්කෙරු ඒ වරදටම ජිවිතයෙන් සමුදුන් දේශ හිතෛෂී රණවිරුවාණනි, ඔබගේ සසර ගමන සුව වේවා! (බ)
සමස්ත රටේම ඉතා අවාසනාවට අපට අහිමි කළා වූ වීර සෙන්පතියාණනි ඔබතුමාට නිවන් සුවයම අත්වේවා! (ර)
ඔබට සහ ඔබ සමඟ සිටි සියලු සගයන්ට අජරාමර නිවන්සුව සදාදර විරුවාණනි! (නි)
දැයේ වීරයෝ (ම)
මෙතුමා ජාතික වීරයෙක් ....! (ර)
මෙන්න අපේ ජාතික වීරයෝ.එතුමාගේ නාමය අමරණීයයි .කොබ්බැකඩුව විරුවණනි අපි ඔබට සැමදා ණයගැතියි (ම)
ඔබට නිවන් සුව ලැබේවා!(හේ)
අසහාය යුද සෙනෙවියණනි ඔබට නිවන් සුව. (ම)
රටේ සියලු දෙනා ආදරේ කරන වීරයෙක් (බ)
මිනිසුන්ට අසීමිතව ආදරය කල මානව හිතවාදියෙක්. තමා ඇතුළු සියලු රණවිරුවන්ට නිවන් සුව අත්වේවා (ම)