(යොහාන් භාසුර)
රට වැසීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයට අත එසවූ ඇමතිවරු එළියට ඇවිත් රට වැසිය යුතු යැයි ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කිරීම කුමන්ත්‍රණයක් බවට සැක යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා පවසයි.
මෙවැනි සිද්ධීන් පිළිබඳව විශේෂයෙන් සොයාබලන ලෙස ජනාධිපතුමාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කීය.
රට නොවැසිය යුතු බවට පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සියලු කැබිනට් ඇමතිවරුන් ඒකමතික තීරණයක් ගැනීමෙන් පසුව රට වැසීමකට යන්නේ නෑ කියන තීරණයට අත ඔසවපු සමහර ඇමතිවරු එළියට ගිහින් රට වහන්න කියලා රජයට ලියුමක් දුන් බව කී සාගර කාරියවසම් මහතා එවැනි දේවල් කුමන්ත්‍රණ දැයි සැකයක් මතු වන බවත් සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“මේක මෙවැනි දෙයක් සිදුවූ පළමු අවස්ථාව නොවෙයි. කැබිනට් මණ්ඩලයේ එකඟ වෙලා ජනාධිපතිතුමාට ලියුම් එවන එක රජය අපහසුතාවට පත්කරන වැරදි කියාවක්. සන්ධාගත රජයක ඉන්න පක්ෂ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.
රට වහන්න කියලා ලිපියක් ලියලා මාධ්‍යයට නිකුත් කිරීම සන්ධානගත පක්ෂයක් නොකළ යුතු දෙයක් කියලා මම කියන්නේ.
සන්ධාන රජයක් වෙලා කැබිනට් ඇමතිකම් දරාගෙන එහි සියලු වරප්‍රසාද ලබාගෙන ඒ සියලු දේ කරගෙන ජනතාව ඉදිරියේ බොරුවට වීරයන් වෙන්න හදවා නම් කවුරු හරි කොට්ඨාසයක් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
මේ තත්වය මීට කලිනුත් වුණා. අපි දැක්කා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අදාල ආයෝජනය සිදුකරන්න සූදානම් වූ අවස්ථාවේත් මෙවැනිම තත්වයක් ඇති වුණා. විවිධ අවස්ථාවලදී මෙවැනි තත්ව ඇති වුණා. මෙය සන්ධාන රජයකට ඉතාමත් අහිතකර තත්වයක්. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්ද පණ නැතිව එළියට ගිහින් ලියුම් ගහලා ඒ ලියුම ජනාධිපතිතුමා අතට යන්න කලින් මාධ්‍යවලට කවුරු හරි නිකුත් කරනවා නම් එය ඉතාමත් බැරෑරුම් තත්වයක්. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්න ඕන”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්ණ අමතක කරවන්න කරන නාට්‍ය තමයි මේවා...
මෙයා ආයෙත් හත්පොළේ ගාගන්න යන්නේ... රජයේ සහෝදර පක්ෂ 10ක් තිබුණට එයින් පක්ෂ 3ක නායකයින්ට පමණයි ඇමැතිකම් තියෙන්නේ...
මේ ඇමතියන්ගේ නම් නොකියා පරිස්සම් කිරීම ඔබලාටම අවාසී...
සර්, ඇවිත් තියෙන්නේ ප්රජාතන්ත්රවාදයේ පරාදීසය වන් ඇමරිකාවේ සිටයි. ඒ රටවල ජනාධිපතිගේ අනුරූ හදලා පිච්චුවත් මේ අය වගේ වයින් වෙන්නේ නෑ. ඔක්කොම යර්ස් කියන්නේ එක්කො වහල්ලු නැත්නම් සර්ව අන්දලා තමන්ගේ වැඩ කරගන්න හදන අවස්ථාවාදීන්. මතකයිනේ මේ අයට ලංවෙලා හෙලිකොප්ටර් ගුවන් යානා අරන් රටත් කාලා ජනතාව ඉදිරියේ හඬාවැටුණු සමහරු. මේත් ඩ්‍රාමා තමයි.
මේ මනුස්සය ආයෙත් අඬන්න පටන් අරන්. :D දැන් සති දෙක තුනක් එක දිගට අඬයි . රටේ තියෙන ප්‍රශ්ණ මදිවට :D
දැනට පොහොට්ටුවට ඇති ලොකුම පිළිලය සාගර කාරියවසම්. නැති ප්‍රශ්න ඇතිකරලා සන්ධානය කඩන්න හදනවා. මහා ලේකම්ගේ වගකීම පක්ෂය කැඩීමද? ශක්තිමත් කිරීමද?
මහත්තයෝ. කවුරුහරි හරි දේ කරනවා නම් ඒක අගය කරන්න. දේශපාලනය කියන්නේ පුද්ගලයෙකු ආරක්ෂා කරන්න ජනතාව ඉදිරිපිට නිරුවත් වන එක නෙමෙයි. ජනතාව ආරක්ෂා කරන්න කොන්ද කෙලින් තියාගෙන වැඩකරන එකයි සැබෑ දේශපාලනය..
මේ ලේකම් ලෙස කටයුතු කරන අයට ලැජ්ජාවක් කියල එකක් නැද්ද.
ඉතිං දැන් ඒ දහ දෙනා කියපු දේ නේද ජනාධිපතිතුමා ඉටු කරල තියෙන්නේ .
මෙයා පාර්ලිමේන්තු ගිහිල්ලා කරන්නේ එක එක්කෙනාට බාල්දි දාන එක විතරයි. වෙන ප්‍රයෝජනවත් දෙයක් සිදුකර නැහැ...
මිනිස්සු වැඩිය ගණන් නොගන්න මාතෘකාවක් ඇදලා කලිනුත් අනවශ්‍ය ආන්දෝලනයක් ඇති කළා. දැනුත් එහෙමයි. කවදාහරි ආණ්ඩුවේ ඡන්ද පදනම අඩු වෙන්න මෙයා හේතුවක් වෙන බවක් පෙනෙනවා...
දැන් හොඳටම පැහැදිලියි මුන් ඔක්කොම ඩබල් ගේම් කාරයො කියල
අද මුලු රටම අරාජිකයි
මෙතුමා කියන කාඩ්බෝඩ් වීරයින් ටික විමල්, වාසු, ගම්මන්පිල කියලා කියන්නේ ඇත්තක්ද?
හරියට හරි. තමන් විරුද්ධ නම් ඇයි කැබිනට් එකේදී නොකියා ඉන්නේ. බයටද? ගෙදර යන්න හරි හෘද සාක්ෂියට එකඟව සැබෑ දේ සෑමතැනම කතා කරනවා නම් කොතරම් හොඳයිද? අවාසනාව නම් වැරැද්ද වුවත් තමන් කරන කොට නිවැරැදි වීමත්, හරිදේ වුවත් අනුන් කරන විට වැරැදි ලෙස ජනතාවට විග්රහ කොටත් නොමග යැවීමයි. ජනතාව ඇයි මේවා අමතක කොට ඡන්දය දෙන්න යන්නේ...
මෙපමණ මිනිස්සු මැරෙද්දී ඔහේට සෙල්ලම්ද? රටවහන්නේ නැතුව බම්බු ගහන්නද කියන්නේ? එහෙම නැත්නම් මුට්ටි අල්ලන්නද? ඔහේලා යවන්න ඔනේ අපායට!
ඇතුළේදී නායකයාගේ තීරණයට බලපෑම් එල්ල කිරීමට කිසිවෙකුට ඉඩක් නැහැ. ඒ නිසා තමයි බැරිම තැන ඔවුන් මේ තීරණයට එන්නට ඇත්තේ. සාගර මහතාට රටට හෙණ ගැහුවත්, තමන්ගේ නායකයාගේ තීරණය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ...
ඔවුන් පමණක් නොවේ... රටේම ඉන්න දොස්තරවරු..., මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිව්වෙත් ඒක.. අන්තිමට ප්‍රමාද වෙලා හරි සිදුවුණෙත් ඒක... මහත්තයෝ ඔයාට වැඩිය ඔවුන් දේශපාලනේ තෙම්පරාදු වුණ පුද්ගලයන්... නිකන් ඇදගෙන නාන්න ලෑස්ති වෙන්න එපා...