අංජුල මහීක වීරරත්න
තරුණ පරපුරට වැඩි තැනක් දෙන රැඩිකල් වෙනසක් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බලාපොරොත්තු වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි විශ්වාස කටයුතු මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයන්ද එලෙස ඉදිරියට ගන්නා තරුණ අමාත්‍යවරුන්ට හිමි වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
තව දිනක් හෝ දෙදිනක් ඇතුලත මෙම කැබිනට් වෙනස සිදු වනු ඇති බව පවසා තිබෙන අග්‍රාමාත්‍යවරයා පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ශීඝ්‍රගාමී ගමන ඉතා ඉක්මනින් අරඹන බව ද සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකද මේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ? දැන්වත් ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න මහත්තයෝ ! ලොකු අය අන්දන්න බැරි නිසාද දැන් කොල්ලෝ, කුරුට්ටෝ දාන්න හදන්නේ?
අගමැතිතුමා යටතේ ආර්ථිකය පසුබැස්සා නම් දශක ගණනාවකට පසු පසුගිය වසරේ බිලියන 2ක අතිරික්තයක් තිබෙන්න බැහැනේද?
වටේට රැහැන් බැඳගෙන ඉන්න සමනල්ලු ටික එලවා දමා වැඩකරන්න පුළුවන් කට්ටියක් තොර ගත්තොත් මේ වගේ වින්නැහි ආයෙත් ඇතිවෙන එකක් නැහැ. දැක්කනේද ඌරෝ කැකුණ තල තල හිටිය වෙලාවේ හබන් කුකුල්ලු ටික ජය මඟුල් කන්න නටපු නැටිල්ල... ආණ්ඩුවේ දෙපාර්ශවය ඊයේ වෙනකල් අභ්‍යන්තරයේ කළ යුතු විවේචන එළියේ කැමරා ඉස්සරහ තප්පු ලමින් කරගෙන ගිය වෙලේ ඒකාබද්ධ විපක්ෂය එම විවේචනවලට උඩගෙඩි දෙමින් කලේ බෙදීමේ වාසිය තමන් අතට පත්කර ගැනීමය. මෙදාපාර ආණ්ඩුව කුඩු පට්ටම් නොවී බේරුනේ අනුනමයයි තුන්කාලෙනි. ආණ්ඩුවක සාමූහික වගකීමක් නැති තැනක හරි හමන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා තියා පණ බේරාගෙන ඉන්න එකද අසීරු කරුණකි. ආණ්ඩුවට සහ විධායකයට ජනතාව රතු එළියක් ඔළුගෙඩි උඩටම අතහැර ඇත. දෙගොල්ලන්ගේම අවංක වුවමනාව දුෂිත බලවේග පරාජය කිරීම නම් මෙතෙක් කළ වැරදි නිවැරදි කරගනිමින් දැන්වත් එක අරමුණක් ඇතිව ක්‍රියාකළ යුතුවෙයි. එළියේදී එකක් කියා අතුලේදී වෙන එකක් කියන දෙපිටකාට්ටු හෙනහුරාලා එක්කවත් බොන්නට පිරිසිදු ඇල් වතුර ටිකක් නැතුව උගුර කට වේලිලා දහදුක් විඳින ගැමියන්ට වයි ෆයි දෙන්න යෝජනා කරන තටු හලාගත් සමනල්ලු එක්කවත් ඒ වැඩේ කිරීම ලෙහෙසි පහසු වෙන්නේ නැත.
කවුද මේ වෙනසකට අර අඳින මිනිසා. "පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ශීඝ්‍රගාමී ගමන....." වසර 20 ගානක් තිස්සේ පස්සට පමණක් ගමන් කළ නායකයෙක් සීඝ්‍රගාමී ගමනක් කොයි බට යන්නේද කියා ජනතාවත් විමතියෙන් බලා ඉන්නවා.
සමහරවිට තාත්තලාගෙන් පුතාලට දෙන්න හදනවා වෙන්න ඇති.
ආසියාවේ මිනි පහන ලෙස විරුදාවලිය ලත් අපේ අගමැතිතුමන්ගේ සේවය මේ රට පලවෙනි ලෝකයේ රටක් තත්වයට ගෙන එන තුරුම අවශ්‍යයි. ඒ වගේම මැදි අදායම් රටක් තත්වයට ගෙනා ඔබට ගොඩක් පිං.
ඔබතුමා මේ ගන්න පියවර බොහොම අගෙයි. එතෙකොට මඩ ගහන දේශපාලන හතුරන්ගේ කටවල් වැහේවි.
අදහස නම් බොහොම හොඳයි වැඩේ කෙරුනොත් හොඳයි
සරලම කතාව තවත් ඇමතිවරු 10ක් 15ක් අද පත් කරනවා කියන එකනේ. ඉගාව සතියේ අලුත් ඇමතිලට වාහන ගන්න කියල කෝටි ගණක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ඔය කියන වෙනස් ඇති වෙනකොට දැන් ඉන්න තරැණයෝ නාකි වෙලා තියෙයි
සරත් ෆොන්සේකා මැතිතුමාට ඉතාමත්ම ගැලපෙන නීතිය සහ සාමය ඇමතිකම ලැබේ යැයි අප සිතනවා. හමුදාවෙන් විශ්‍රාම නොයා, යුද්දෙට බයේ පැන නොයා තවත් හමුදාපති වරයෙකුට ඉඩ නොතබා යුද්ධය ඉවර කල ඔහුගෙන් මෙලෙස තවත් වැඩ ගත යුතුය.
මහා බැංකු බැඳුම්කර වංචාවෙන් අත්දැකීම් ගත්තු, තරුණ පාද සටහන් කණ්ඩායම ඉන්නවනේ. ඒ අය ගැන වෙන්ඩ ඇති මන් හිතන්නේ ඔය කියන්නේ.
රැඩිකල් කිය කිය මිනිසුන් මුලා නොකර දැන්වත් අත්දැකීම් සහිත පුද්ගලයන් යොදා ගනිමින් රට ගොඩ නගන්න බලන්න.....................
මේ වගේ පින්ගුත්තරයෙක් රටට කරන සේවය කුමක්ද? මේ බව මුන්ගේ බත් බැලයින්ට නොතේරෙයි.තවත් හොරකම් ,වංචා කරන්නට තමයි මේ නිවට ද්‍රෝහියා කටයුතු කරන්නේ.මේ ගොන් බුරුවා ඇතුළු ජඩ පාලකයින් වහා බලයෙන් පලවා හැරිය යුතුයි.මුන්ව මේ රටට කිසි සේත් නුසුදුසුය. ලැජ්ජාවේ සංකේතය බටලන්දේ රනිල්.
දෙවැනි පෙළ නායකයෙක් නෑ......ජාතික නායකයෙක් නෑ.....ඉතින් මෙතුමා ඒ අය හැදෙනකම් ඉන්න ඕනෑ........ඉසසරහට හොඳ තීරණයක් ගන්න
වටේට ඉන්න වැඩබැරි අය එලවා දමා වැඩකරන්න පුළුවන් කට්ටියක් තොර ගත්තොත් මේ වගේ වින්නැහි ආයෙත් ඇතිවෙන එකක් නැහැ. දැක්කනේද ඌරෝ කැකුණ තල තල හිටිය වෙලාවේ හබන් කුකුල්ලු ටික ජය මඟුල් කන්න නටපු නැටිල්ල. ආණ්ඩුවේ දෙපාර්ශවය ඊයේ වෙනකල් අභ්‍යන්තරයේ කළ යුතු විවේචන එළියේ කැමරා ඉස්සරහ තප්පු ලමින් කරගෙන ගිය වෙලේ ඒකාබද්ධ විපක්ෂය එම විවේචනවලට උඩගෙඩි දෙමින් කලේ බෙදීමේ වාසිය තමන් අතට පත්කර ගැනීමය. මෙදාපාර ආණ්ඩුව කුඩු පට්ටම් නොවී බේරුනේ අනුනමයයි තුන්කාලෙනි. ආණ්ඩුවක සාමූහික වගකීමක් නැති තැනක හරි හමන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා තියා පන බේරාගෙන ඉන්න එකද අසීරු කරුණකි. ආණ්ඩුවට සහ විධායකයට ජනතාව රතු එළියක් ඔළුගෙඩි උඩටම අතහැර ඇත. දෙගොල්ලගේම අවංක උවමනාව දුෂිත බලවේග පරාජය කිරීම නම් මෙතෙක් කළ වැරදි නිවැරදි කරගනිමින් දැන්වත් එක අරමුණක් ඇතිව ක්‍රියාකළ යුතුවෙයි. එළියේදී එකක් කියා අතුලේදී වෙන එකක් කියන දෙපිටකාට්ටු කමකට නැති භෙනහුරෝ එක්කවත් බොන්නට පිරිසිදු ඇල් වතුර ටිකක් නැතුව උගුර කට වේලිලා දහදුක් විඳින ගැමියන්ට වයි ෆයි එක්ක කසි කබල් ටැබ් දෙන්න යෝජනා කරන තටු හලාගත් නිකමුන් එක්ක වත් ඒවැඩේ කිරීම ලෙහෙසි පහසු වෙන්නේ නැත.
අපේ රට අඩු අදායම් ලබන රටක් කියලා කව්ද කියන්නේ? එ්ක ඇමතිවරුන්ට විතරක් හරි..
කැබිනට් වෙනස බදාදා නොව සෙනසුරාද තෙක් කල්යන්නට පුළුවන් බව අපි කීවෙමු. දැන් පෙනෙන අන්දමට එය ලබන සතිය දක්වා කල්යන්නටද බැරි නැත. බාලගිරි දෝෂය වැළඳී ඇති ආණ්ඩු ලෙඩා දැන් හොඳටම අසාධ්‍ය තත්වයකට පත්වී ඇත. පළාත් පාලන මැතිවරණයෙන් මෙරට දේශපාලන ක්ෂේත්රය තුල ඇතිවූ උණුසුම විටෙක නිවෙමින් නැවත උණුසුම් වෙමින් පවතී. ජනමාධ්‍ය වාර්තා කරන විවිධ පුවත් හේතුවෙන් සමස්ත සමාජයම වික්ෂිප්තභාවයට පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තනිව ආණ්ඩු පිහිටුවීමේ අදහස තවමත් අත්හැර නොමැති අතර තවත් පැත්තකින් අගමැතිවරයා ඉවත් කිරීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක වේ. පවත්නා දේශපාලන තත්වය මත ඕනෑම මොහොතක, ඕනෑම සිදුවීමක් සිදුවිය හැකිය. එය අප කිසිවෙකු බලාපොරොත්තු නොවන, අපේක්ෂා නොකරන දෙයක් වීමට ද ඉඩ තිබේ. රජයේ බලවතුන් වල්මත්වී සසරක් නොදකින අන්දමට කටයුතු කිරීම නිසා සියල්ල අච්චාරුවක් බවට පත්වී ඇත. අච්චාරුවේ ළුෑණු බික් මිරිස් කරල් හොයමින් බොරදියේ මාළු බාගන්නට විපක්ෂය ඇහැ ගහගෙන සිටියි. හෙට දිනයේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකුට හෝ පූර්ව නිගමනවලට පැමිණිය නොහැකි තත්වයක් උදාවී ඇත. "කමින් කලර්" හිතන තරම් සුභදායක නැත.