(විනීතා එම් ගමගේ)
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැර එහි කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.
මේසදහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
එම අධිකාරිය පිහිටුවීමෙන් පසු මෙරට පොහොර භාවිතයෙන් 70% ක් කාබනික පොහොර බවට පත් කිරීම තම ඉලක්කය බව ද අලූත්ගමගේ මහතා කීය.
මෙරට පොහොර අවශ්‍යතාවයෙන් මේ වනවිටත් රටෙහි නිෂ්පාදනය වන්නේ 1 % පමණකැයි කී අමාත්‍යවරයා මේ සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 16.5 ක් ලබා ගන්නා බවත් එම මුදල් පොලියත් සමග ආපසු ගෙවීමට සූදානම් බවත් කීය.
මේ සම්බන්ධව මූලික කටයුතු කෙරීගෙන යන බවත් නව අධිකාරියේ කටයුතු ඉක්මණින් ආරම්භ කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මාර්කට් එකේ තියෙන කාබනික පොහොර අමුම අමු බොරුවක්. මම ලංකාවට ගිය වෙලාවේ, ගෙවතු වගා කරන්න, කිලෝ 20 පැකට් 60ක් විතර ගෙනාවා. වැඩිඵලක් නොපෙන්වන නිසා, මම වැඩකරන කෙනෙකුට කිව්වා. එක පැකට් 1/2ක් විතර වතුර බාල්දියකට දියකරලා බලන්න. අන්තිමේ පතුලේ ඉතුරු වුනේ වැලි, ඒ කියන්නේ 40% - 50% විතර තියෙන්නේ වැලි. වතුර කළු පාට වුණා.. එක එක දේ වල අළු නිසා. අන්තිමේ එක එක රසායන පොහොර මිශ්‍රණ වෙනම ගෙනැල්ලා, වැඩ කරන කෙනා පොහොර වෙනම හැදුවා... කාබනික පෝර එක්ක වේලිවේලි තිබුණු එක වම්බටු ගහක්, ලොකු පේර ගහක් තරම් ලොකු වුණා. සුමාන දෙකෙන් දෙකට හරි පොහොර සාත්තුව එක්ක...
ඇයි ඔහොම, ඔච්චර හොරකම් කරන්නේ? හැබැයි ඕවා යන්න ගත්තාම යනවා අතීසාරයට අමුඩ ගැහුවා වගේ....
දැනට සේවය කරන සේවකයින්ට මොකද වෙන්නේ...?
කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැරීම සම්බන්ධයෙන් එම ආයතනයේ සියළු සේවකයන් විරුද්ධයි.
හොද්දට දමන්න කහ ටිකක් නැතිව දුක් විඳින අපට කාබනික පොහොර කන්නද? ලංකාවේ කාබනික පොහොර කියලා විකුණන්නේ වැලි සහ අලු මිශ්‍ර කරපු කුණු ගොඩවල්.. ඒවා දැම්මට පැළවෙන්නේ නැහැ.