අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ප‍්‍රමුඛ සියනමක් මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරද්දී කපිලවස්තුපුර සර්වඥධාතු බහාලූ මංජුසාව ඉන්දියා සංස්කෘතික ඇමැතිනි කුමාරි සෙල්ජා කටුනායක ගුවන් තොටේදී මහින්ද රාජපක්ෂ ජනපතිට බාරදුන්නාය. නවදිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේලා රැුගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ කටුනායකට ළඟා විය.
මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියා අගමැති මංමෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබීය.
1978දීත් මෙම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම එනු ලැබීය.
අද සන්ධ්‍යාවේ සිට ධාතුන් වහන්සේලා කැළණිය මානෙල්වත්ත විහාරයේදී ප‍්‍රදර්ශනය කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමනා, ප්‍රශ්න කාටද නැත්තේ අද කලේ?.
සාදු. සාදු. බුදු හමුදුරුවනේ,
සාධු.......සාධු.........සාධු............. ඔක්කොම වැරදියට දකින මෝඩයෝ හැම තැනම ඉන්නව නේ.................(ස)
දිලන්ත, අජාසත්තයෙක් වෙන්න එපා. (නි)
සාදු ..සාදු..! සැමට යහපතක් වේවා !!
මෙම බෞද්ධ රටේ මෙවන් විශේෂ අවස්ථා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි (නි)
සාදු සාදු සාදු
සාධු... සාධු... සාධු...! (නි)
ධාතූන් වැඩමවීමේදී හාමුදුරුවන් නොමැති වීම ලොකු අඩුවකි. (නි)
මේක දේශපාලනය සම්බන්ධ ක්‍රියාවක්ද? කෝ හාමුදුරුවරු? (නි)
සාදු සාදු සාදු.... මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට සහ ඉන්දියා අගමැති මංමෝහන් සිං මහතාට පිං සිදුවේවා. තෙරුවන් සරණින් හැමටම යහපතක්ම වේවා! (අ)
අගය කළ යුතු හොද වැඩක් (නි)
පිණ්ඩපාතයේ වඩින සංඝයා වහන්සේ නමකටවත් දැන් කාලයේ පිණ්ඩපාතයේ වඩින්න බැහැ, පිණ්ඩපාතයේ වඩින සොරුන් හින්දා. (නි)
දිලන්තලා හැම දේ දිහාම කොළ පාට කණ්ණාඩි දාගෙන බලන අය වගෙයි. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
ඔවු ඔවු. දැන් ඉතිං කපා කොටා ගැනිලි, අත පය වෙන් කර ගැනිලි, හදි හූනියම් කර ගැනිලි ඔක්කොම නවතියි. (නි)
කවුරු වැඩම කළහම මොකද? මේක දෙරටක් අතර වෙන දෙයක් නිසා රාජ්‍ය නායකයා බාරගන්න එකේ වරදක් මම දකින්නේ නැහැ. හැමදේටම දේශපාලනේ එපා සහෝදරුනේ. දිලන්ත කිසිම ආගමකට ගරහන්න එපා. මේක බුදුදහම. රටේ සැම දෙනාටම මතක් කරදෙන්න සුදුසුම කාලේ . මෙපින් මහිමයෙන් රාගය, ද්වේශය, ක්‍රෝධය, වෛරය නැතිවී රටට සෞභාග්‍යය උදා වේවා! සාදු ..සාදු...සාදු...! (නි)
අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ආගම විතරයි. ඒකට දේශපාලනය නම් ගාවන්න එපා. (නි)
අපේ හාමුදු කෙනෙක් මේ ධාතූන් වහන්සේ වැඩමෙවුවා නම් කොච්චර ලස්සනද? (නි)
දිලන්ත, සුමනා, හැම දේකම නරක දකින්න එපා. (නි)
"අභය , සාධු.......සාධු.........සාධු............. ඔක්කොම වැරදියට දකින මෝඩයෝ හැම තැනම ඉන්නව නේ............." මේ සාධු එකේ නම් මෛත්‍රිය ඇතුළත්වෙලා නැහැ. ඔහොම නෙවෙයි තුන් සිත පහදවාගෙන පින් ගන්න කියන්නේ. අපට දැන් ඉන්නේ නම් මෙහෙම බෞද්ධයෝ තමා ..(ස)
අර දිලන්ත කියන කෙනා බෞද්ධාගමේ නම් වෙන්න බැහැ (නි)
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! බුද්ධිමතුන් විසින් හිත පහදවා ගෙන පින් රැස්කර ගනිත්වා!!! පුළුවන් හැමෝම මේ අවස්ථාවට යන්න, ඉතා දුර්ලභ අවස්ථාවක්, පින් රැස් කරගන්න. පෙර සිටි සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිවුරක් වනල තියෙනවා දැකපු ගොපල්ලෙක්, ශ්‍රද්ධ උපදවා ඊට වන්දනා කොට ඒ පිනෙන් දෙවු ලොව ඉපදුනු හැටි වගේ ගොඩක් කතා තියෙනවා. බලන්න මේ සම්බුද්ධ ධාතුන් දැක හොද සිහියෙන් හිත පහදවා ගත්තොත් සුගතියේ යන්න ඒ පිනම ඇති නේද? අප්‍රමාදව යන්න , භාග්‍යවතුන් වහන්සේ දැකගන්න, දොහොත් මුදුන් දී වැදගන්න, පින් ගගක් ජීවිතයට ගලා එය. මේ උතුම් අවස්ථාව සලසාදුන් , පින්වත් ජනපතිතුමන් හා සියලු දෙනාට ගොඩක් පින්!! (නි)
ආචාර්ය වසන්ත ලියනගේට එම වරම ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. (නි)
සාධු... සාධු... සාධු...! නමස්කාර වේවා! මේවට අහු වෙන්න එපා නුවණ ඇති මිනිසුනේ. (නි)
රටට යහපතක් වේවා! (නි)
අපිත් ලංකාවේ සිටියානම් අනිවාර්යෙන්ම බලන්න යනවා සාදු සාදු සාදු (අ)
දිලන්ත කවුද? මහා මෝඩයෙක් වගෙයි පේන්නේ. සාධු.......සාධු.........සාධු.....! (නි)
මෙලොව ජීවත් වූ උතුම්ම පුද්ගලයා බුදුරජාණන් වහන්සේය. එතුමාණන්ගේ දර්ශනය අන් ඕනෑම ආගමික නායකයෙකුට වඩා පැහැදිලිය. ගැඹුරුය. ප්‍රඥා ගෝචරය. එය සදාකාලික සත්‍යයකි. (නි)
සාදු සාදු ...අපේ රටට යහපතක් වේවා...(ස)
සාධු... සාධු... සාධු...! නමස්කාර වේවා! (නි)
දැන් ඉතින් සාදු කිව්වා මදෑ ... රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න දැන් හරියයි... දූෂණ වංචා බාල තෙල් විභාග පිස්සු ..ඔක්කොම හරියයි. ඔන්න අපිත් සාදු කිවුවා. සැමට සම්‍යක් දෘෂ්ටිය පහළවේවා. බුදු දහම යනු බුද්ධිමය අභ්‍යාසයක් මිස භක්ති අභ්‍යාසයක් නොවන බවත් කෙදිනක හෝ වැටහේවා ! .(ස)
බුදුන්ගෙ ධර්මයෙ කියා සිටින්නෙ උන්වහසෙගේ ශරීර කොටස් වලට වන්දනා කිරීමෙන් නොව ධර්මය පිලිපෑද එහි හෑසිරීමෙන් සසරෙන් එතෙර වීමට මග පාද ගත හෑකි බවයි….(ස)
ධාතූන් වහන්සේ ගෙනාවා කියලා රට යන අත වෙනස් වෙන්නෙ නැහැ. ඒක අපි අපි විසින්මයි කර ගත යුත්තේ. (නි)
මේ පින් බෙලෙන් සැම සිත් නිවී සැනසේවා! (නි)
ඔක්කොම බොරු...(ස)
මට පේන්නේ දිලන්ත බෞද්ධයෙක් නම් නෙමෙයි. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
ඇත්තටම උතුම් පින්කමක්. ගොඩක් පින්. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
කපිල වස්තු ධාතූන් වහන්සේ වැඩමවීම හොද දෙයක් වුණත් ඒක ප්‍රදර්ශනය කරන පැති ගැන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. (නි)
මෙහි බෙලෙන් වත් ලංකාවට කලට වේලාවට වැසි ලැබේවා! (නි)
බුදු දහමේ අසිරිය නැවතත් ලංකාවට ලැබේවා! (නි)
සාධු සාධු සාධු! රටට- ඡනතාවට- යහපතක්ම වේවා ! (නි)
හොද අදහසක්. (නි)
අති උතුම් සර්වඥතා ධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)
මෙච්චරයි අඩු දැන්. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
මේ ක්‍රමය නිසා අපි වැඩ කරන අතරෙ ඉක්මනින් පත්තරේ බලන්න ලේසියි. (නි)
අර දිලන්ත කියන්නේ කවුද? මහා මෝඩයෙක් වගෙයි පේන්නේ. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාදු ..සාදු..! සැමට යහපතක් වේවා !! නමෝ බුද්ධාය ! තුන් ලොව ජයගත් ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය දෙවු මිනිසුන්ගේ සසර දුක නිවමින් බොහෝ කල් ලොව පවතීවා ! (නි)
ඉතාමත් වැදගත් දෙයක් මේක. මේ රටේ ජනතාවට මේ වගේ වෙලාවකට මෙහෙම දෙයක් අවශ්‍යමයි. සාධු සාධු සාධු! (නි)
සාධු සාධු සාධු! (නි)
සාධු සාධු සාධු! (නි)
සාධු සාධු සාධු! බුදුන් ජීවමානවම වැඩ ඉන්නා සේ දැනේ. (නි)
මෙය ඉතාම හොද දෙයකි. දෙරට බැදීම මින් තවත් වැඩිවෙනවා ඇත. (නි)
ඇයි මේ රටේ හාමුදුරුවරුන් නැද්දෝ! (නි)
හැබැයි සවුදියටත් වැස්ස නැහැනේ. ඒ නිසා එහෙටත් අරන් ගියා නම් නේද හොද? (නි)
දිලන්ක, ඔයා බුදු දහම අදහන කෙනෙක්ද? (නි)
සාධු... සාධු... සාධු..! (නි)
දිලන්ක, මේ රට බුදුන්ගේ ධර්මය පවතින රටයි. මෝඩයෙක් වගේ ප‍්‍රතිචාර දක්වන්න එපා. (නි)
නමෝ බුද්ධාය! (නි)
දිලන්ත, ඔහේ නම් සිංහල කෙනෙක් වෙන්න බැහැ. (නි)
අනේ අපට වැස්ස ලබා දෙන්න. (නි)
නමෝ බුද්ධාය ! භගවත් තථාගත දසබල ඇති සේක සතහට කළණ මිතුරාණන් වන සේක සසරින් එතෙර කරවන මග දෙසු සේක ගෞතම මුනිඳු මගෙ හිරු සඳු වන සේක! ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා ! (ඉහතින් දැක්වූ උතුම් බුදු ගුණ කවිය පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද්දක් බව කරුණාවෙන් සළකන්න.) (නි)
බලන්න දෙන වෙලාව දැන ගන්න පුලුවන් නම් සියල්ලන්ටම පහසුවක් වේවි. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු... සාධු... සාධු...! ලංකාවට වඩින්න මේක හොද කාලයක්ද මන්දා බුදුහාමුදුරුවනේ. (නි)
1978 වර්ෂයේ දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ මෙහෙයවීමෙන් මෙම උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩමවා වදාළ අවස්ථාව තවමත් මගේ මතකයේ රැඳී පවතී. එවරද මෙම ධාතූන් වහනසේලා මහජන ප්‍රදර්ශනය සඳහා විවිධ දිශාවන්හි වැඩම කරවන ලදමුත්, එවකට පස් හැවිරිදි දරුවෙකු වූ මා හට ධාතු වන්දනාව සඳහා අවස්ථාවක් නොලැබිණි. කොළඹ රැකියාවක නිරත වූ මාගේ පියාණන් ධාතූන් වහන්සේලා වැඳපුදාගෙන තිබූ අතර, එම අවස්ථාවේ ලබාගත් සමරු කලාප දෙකක් අද දක්වා මාගේ නිවසේ සුරැකිව ඇත. කොතරම් කාර්ය බහුල වුවද මෙවර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අදහස් කරමි. මෙම මහඟු අවස්ථාව මග නොහැර ජීවමාන බුදුරදුන් සිහිපත් කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරගැනීමට සහභාගී වන ලෙස සියළු බෞද්ධ ජනතාවගෙන් බැති සිතින් ඉල්ලා සිටිමි. (නි)
ඇයි මේ සර්වඥතා ධාතූන් වහන්සේලා වැඩමවන්න අපේ රටේ එක හාමුදුරු කෙනෙක්වත් සහභාගි නොවුණේ? (නි)
කෞතුගාරයේ රත්තරං කඩු වලට සිදුවුණූ දෙය අමතක කරන්න හොද නැහැ. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු...සාධු...සාධු...
ඇයි මේක වැඩම කරවන්න අපේ නායක හිමි නමකට සහභාගි වෙන්න නොහැකි වුණේ? (නි)
සාධු... සාධු... සාධු...! (නි)
රටට සෞභාග්‍යය උදා වේවා! සාධු... සාධු... සාධු...! (නි)