1978 වසරෙන් පසු ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බුදුරජාණන් වහන්සේගේ කපිලවත්තු සර්වඥ ධාතූන් වහන්සේලා අගෝස්තු 19 වැනිදා සිට සැප්තැම්බර් හතර වැනිදා දක්වා දිනයන්හිදී ශ්‍රී ලංකාවේ පළාත් හතකදී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සර්වඥධාතූන් වහන්සේලා මෙසේ ශ්‍රී ලංකාව වෙත වැඩම කරවනු ලබන්නේ පසුගිය මැයි මස දහ අට වැනිදා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත්, ඉන්දියා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රවීන් සිරිවස්තව, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඒ.ඩී.එස් ගුණවර්ධන, ඉන්දියා මහකොමසාරිස් අශෝක් කේ කාන්ත යන මහත්වරුන් අතර ඇතිවූ ගිවිසුමක් අනුවය.
වසර 113කට ඉහතදී, ඉන්දියාවේ පළමු පුරා විද්‍යා ගවේෂණ අධ්‍යක්ෂණය කළ ඇලෙක්සැන්ඩර් කහින්හැම් විසින් සොයා ගැණුනු මේ සර්වඥ ධාතූන්වහන්සේලා හමුවී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සිදු කළ කැණීම් කටයුතු වලදීය.
පුරාණ පොත පතෙහි සඳහන් වන අන්දමට බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන‍්සේගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව ධාතු අට කොටසකට බෙදා එක් කොටසක් කපිලවත්තුපුරයේ නෑයනට දී ඇත.
මහා පරිනිබ්බාන සූත්‍රයේ කියැවෙන ලෙසට, බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේලා, කපිලවස්තුපුරයේ ශාක්‍යවරුන් අතට ලැබී තිබේ.
සර්වඥධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීම මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.
කැලණිය මානෙල්වත්ත විහාරයේ එම ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ කපිලවත්තු රජ මාලිගයේ අනුරුව අනුව ඉදිකළ මන්දිරයේදීය.
ශ්‍රී ලංකාවේදී සර්වඥධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන දින හා ස්ථාන මෙසේයි.
අගෝස්තු 19-22 කපිලවස්තු ශාලාව, මානෙල්වත්ත මහා විහාරය, කැලණිය.
අගෝස්තු 23-24 ශ්‍රී සුමංගල පිරිවෙන වාරියපොළ.
අගෝස්තු 25-26 ජයන්ති විහාරය, අනුරාධපුර.
අගෝස්තු 27-28 අග්‍රබෝධි විහාරය, කන්තලේ.
අගේස්තු 29-30 නාරාන්විට පන්සල, ගම්පොල.
අගෝස්තු 31-සැප්තැම්බර් 01 රජමහා විහාරය, පැල්මඩුල්ල.
සැප්තැම්බර් 02-සැප්තැම්බර් 04 මාතර කොටිකාගොඩ රජමහා විහාරය, මාතර.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාධු
ඇත්තටම සර්වඥ ධාතූන් වහන්සේලා දැත ගන්න ලැබීම බෞද්ධ අපි හැමෝටම ලැබුන පිනක්. (නි)
සාධු සාධු සාධු! අපේ ලොවුතුරු බුදුන්ගේ ධාතූන් වහන්සේලා දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. (නි)
අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ. (ත)
බඩුමිල වැඩිවන විට දාතු පෙන්වීම ඉතාම සුදුසු දෙයකි (දී)
සාධු සාධු සාධු! අපේ ලොවුතුරු බුදුන්ගේ ධාතූන් වහන්සේලා දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. (නි)
තෙරුවන් සරණයි
මධු, ලංකාව ගැන මෙච්චර අඩු තක්සේරුවකින් කතා කරන්නේ, ඔයා ඉන්නේ වෙන රටකද? (නි)
අනේ හොදයි
සාධු සාධු සාධු! අපේ ලොවුතුරු බුදුන්ගේ ධාතූන් වහන්සේලා දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. (නි)
සාධු සාධු සාධු..
ලංකාවට වැඩම කළාට පස්සේ මේවායේ ආරක්ෂාව ගැන සැකයි. (නි)
අතිගරු ජනපතිතුමා ඇතුලු රජයේ පින්වත් බැතිමතුන්ට මේ පින් අත්පත් වේවා! (නි)
මට අවුරුදු 6 ක්.මට හරිම ආසයි බුදුන් වහන්සේගෙ ධාතු බලන්න.සැමට බුදු සරණයි. (ස)
සාධු...සාධු...සාධු...
සාධු !සාධු ! සාධු !! ශ්‍රී ලාංකික අපට ලැබෙන ඉතා වටිනා දුර්ලභ අවස්ථාවක්. (ස)
තෙරුවන් සරණයි සියළු ලක්වැසි සියළු දෙනාට (නි)
මෙවන් අවස්ථාවක් උදා කර දුන් සැමට පින් සිදු වේවා! (නි)
අපි කොච්චර වාසනාවන්තද? (නි)