අඟුණකොළ පැලැස්සේ ජනපති ආ උත්සවයක දී ගිනි අවියක් අතැතිව මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපයටම ගිය බව ගියන හමුදා කොප්‍රල් ද, රාජකාරි පැහැර හැරියේයැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් සැරයන් ද එක් අයකුට රුපියල් විසි පන් දහසක මුදල් ඇප හා රුපියල් දෙලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ කෝප්‍රල් සේනක රුවන් කුමාර, ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු සහකාර පොලිස් අධිකාරී මල්වලගේ සුජීව ප්‍රියංජිත් සහ හිටපු සැරයන් නිශ්ෂංක ආරච්චිගේ කිත්සිරි සැකකරුවෝය.
ජනපති සහභාගී වූ උත්සව භූමියේ සීසීටීවී කැමරා සවි කර නොතිබූ බව සංවිධායක මණ්ඩලය දැනුම් දුන් බව ද, උත්සවය ආවරණය කළ කැමරා ශිල්පියකුගේ වීඩියෝ දසුන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත් - සැකකරු ගිනි අවියක් රැගෙන යන අයුරු එම වීඩියෝ පටයේ සටහන් වෙලා තිබෙනවාද?
රහස් පොලිසිය - එම වීඩියෝ පටයේ සමීප දසුන් නැහැ. සැකකරු යන එන අයුරු පමණක් එහි සටහන් වෙනවා. පරීක්ෂණවලින් දැන් අඩකට වඩා අවසන්. නමුත් පිස්තෝලය සොයා ගන්න තවම බැරිවුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉකුත් පාලකයෝ පත් කරපු අයනේ තවම වැඩ කරන්නේ . පරීක්ෂණ වලටත් වෙන්නේ ඕක තමයි (බ)
"පිස්තෝලය තවම සොයාගන්න බැරිඋනා" මුලින්ම කීවේ පිස්තෝලයක් සමග අත් අඩංගුවට ගත් බව නේද? (නදී)
පුදුමයි මෙච්චර ටෙලි නාට්‍ය හදන්නේ කොහොමද කියලා.(ම)
මේ අයට වෙන වැඩක් නැද්ද (බ)
බොරුවට අවම ආයුෂ (ම)
ඒ ටෙලි නාට්‍යය පෙන්නලා හමාරයි වගේ..ඉක්මනට තව එකක් හදමු..(ම)
පිවිතුරු යහපාල, දැන් තියෙන්නේ සාමාන්‍ය ටෙලි නාට්‍ය. ඉස්සර තිබුනේ ත්‍රාසජනක සිනමා කෘති. (ර)