IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝප්‍රල්ටත් ඇප : ගිනි අවිය තවම නෑ

අඟුණකොළ පැලැස්සේ ජනපති ආ උත්සවයක දී ගිනි අවියක් අතැතිව මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපයටම ගිය බව ගියන හමුදා කොප්‍රල් ද, රාජකාරි පැහැර හැරියේයැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් සැරයන් ද එක් අයකුට රුපියල් විසි පන් දහසක මුදල් ඇප හා රුපියල් දෙලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ කෝප්‍රල් සේනක රුවන් කුමාර, ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු සහකාර පොලිස් අධිකාරී මල්වලගේ සුජීව ප්‍රියංජිත් සහ හිටපු සැරයන් නිශ්ෂංක ආරච්චිගේ කිත්සිරි සැකකරුවෝය.

ජනපති සහභාගී වූ උත්සව භූමියේ සීසීටීවී කැමරා සවි කර නොතිබූ බව සංවිධායක මණ්ඩලය දැනුම් දුන් බව ද, උත්සවය ආවරණය කළ කැමරා ශිල්පියකුගේ වීඩියෝ දසුන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත් - සැකකරු ගිනි අවියක් රැගෙන යන අයුරු එම වීඩියෝ පටයේ සටහන් වෙලා තිබෙනවාද?

රහස් පොලිසිය - එම වීඩියෝ පටයේ සමීප දසුන් නැහැ. සැකකරු යන එන අයුරු පමණක් එහි සටහන් වෙනවා. පරීක්ෂණවලින් දැන් අඩකට වඩා අවසන්. නමුත් පිස්තෝලය සොයා ගන්න තවම බැරිවුණා.



අදහස් (0)

කෝප්‍රල්ටත් ඇප : ගිනි අවිය තවම නෑ

විජිත් Monday, 01 June 2015 09:52 AM

ඉකුත් පාලකයෝ පත් කරපු අයනේ තවම වැඩ කරන්නේ . පරීක්ෂණ වලටත් වෙන්නේ ඕක තමයි (බ)

:       0       0

සෙනරත් Tuesday, 02 June 2015 06:27 AM

"පිස්තෝලය තවම සොයාගන්න බැරිඋනා" මුලින්ම කීවේ පිස්තෝලයක් සමග අත්‍ අඩංගුවට ගත් බව නේද? (නදී)

:       0       0

සුදත් ෂන්මුගම් Monday, 01 June 2015 09:59 AM

පුදුමයි මෙච්චර ටෙලි නාට්‍ය හදන්නේ කොහොමද කියලා.(ම)

:       0       0

බණ්ඩාර Monday, 01 June 2015 06:14 AM

මේ අයට වෙන වැඩක් නැද්ද (බ)

:       0       0

දුමින්ද Monday, 01 June 2015 08:14 AM

බොරුවට අවම ආයුෂ (ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 01 June 2015 08:29 AM

ඒ ටෙලි නාට්‍යය පෙන්නලා හමාරයි වගේ..ඉක්මනට තව එකක් හදමු..(ම)

:       0       0

වින්සන්ට් Monday, 01 June 2015 09:19 AM

පිවිතුරු යහපාල, දැන් තියෙන්නේ සාමාන්‍ය ටෙලි නාට්‍ය. ඉස්සර තිබුනේ ත්‍රාසජනක සිනමා කෘති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site