IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෝප්‍රල්/ඒ.එස්.පී/සැරයන් රිමාන්ඩ්

මෛත්‍රීපාල සිරිසේන ජනපති අඟුණකොලපැලැස්ස නගර සභා රැස්වීමේ සිටිය දී අප්‍රේල් 25 වැනි දා පිස්තෝලයක් සමඟ ජනපති සමීපයට ගිය බව කියන යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල් ද, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී හා සැරයන් වරයෙක් ද අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා විසින් ලබන ජූනි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ එම රැස්වීමට ගොස් ජනපති සමීපයට ගිය බව කියන කෝප්‍රල්ගේ ඉණේ අනවසර ගිනිඅවියක් තිබූ බවත්, එය මෙතෙක් සොයාගෙන නැති බවත් රහස් පොලිසිය කරුණු දක්වමින් මහේස්ත්‍රාත්ට පැවසීය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ වතුර බෝතලයක් හා රිවෝලර් කොපුවක් ඔහු ළඟ තිබූ බවයි. ඔහු පැමිණි වාහනයේ කැබිහෝලයේ ගිනි අවිය තිබූ බවත් ඔවුහු කීහ.

කෝප්‍රල් විහාරිගේ ගෙදර රුවන් අසේල කුමාර, වැඩ තහනම් කැරුණු සහකාර පොලිස් අධිකාරී මල්ලවගේ සුජීව ප්‍රියන්ජිත්, සැරයන් නිශ්ශංක ආරච්චිගේ කිත්සිරි රිමාන්ඩ් කරනු ලැබුහ.

29 දෙනකුගෙන් සාක්කි සටහන් කරගෙන ඇති බවත්, පරීක්ෂණ තවදුරටත් සිදුවන බවත් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී සී ඩබ්ලිව් වික්‍රමසේකර මහතා කීවේය.

රටේ ප්‍රධාන පුරවැසියාට බලපාන මේ නඩුවේ පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

1[1] 3[1] 4[1] 5[1]

 



අදහස් (0)

කෝප්‍රල්/ඒ.එස්.පී/සැරයන් රිමාන්ඩ්

විජයබාහු Tuesday, 19 May 2015 09:26 AM

කොහොම හරි කතාවක් හදල එ්කට රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ කරන්න තියෙන්නේ නේද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site