මෛත්‍රීපාල සිරිසේන ජනපති අඟුණකොලපැලැස්ස නගර සභා රැස්වීමේ සිටිය දී අප්‍රේල් 25 වැනි දා පිස්තෝලයක් සමඟ ජනපති සමීපයට ගිය බව කියන යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල් ද, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී හා සැරයන් වරයෙක් ද අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා විසින් ලබන ජූනි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ එම රැස්වීමට ගොස් ජනපති සමීපයට ගිය බව කියන කෝප්‍රල්ගේ ඉණේ අනවසර ගිනිඅවියක් තිබූ බවත්, එය මෙතෙක් සොයාගෙන නැති බවත් රහස් පොලිසිය කරුණු දක්වමින් මහේස්ත්‍රාත්ට පැවසීය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ වතුර බෝතලයක් හා රිවෝලර් කොපුවක් ඔහු ළඟ තිබූ බවයි. ඔහු පැමිණි වාහනයේ කැබිහෝලයේ ගිනි අවිය තිබූ බවත් ඔවුහු කීහ.
කෝප්‍රල් විහාරිගේ ගෙදර රුවන් අසේල කුමාර, වැඩ තහනම් කැරුණු සහකාර පොලිස් අධිකාරී මල්ලවගේ සුජීව ප්‍රියන්ජිත්, සැරයන් නිශ්ශංක ආරච්චිගේ කිත්සිරි රිමාන්ඩ් කරනු ලැබුහ.
29 දෙනකුගෙන් සාක්කි සටහන් කරගෙන ඇති බවත්, පරීක්ෂණ තවදුරටත් සිදුවන බවත් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී සී ඩබ්ලිව් වික්‍රමසේකර මහතා කීවේය.
රටේ ප්‍රධාන පුරවැසියාට බලපාන මේ නඩුවේ පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/1112.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/311.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/411.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/512.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කතාවක් හදල එ්කට රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ කරන්න තියෙන්නේ නේද (බ)