ගම්පහ කප්රුක් ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) කඩුවලින් කපා මරා දැමී යැයි පොලිසිය සොයමින් සිටි ලක්ෂ්මන් දිසානායක නීතිඥවරුන් මාර්ගයෙන් අද ගම්පහ උසාවියට බාර විය. වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා විසින් ඔහු ලබන අටවැනි දා තෙක් රිමාන්ඩ් කරලු ලැබීය. තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සහෝදරියට කල අපරාධයට ඔබ එහෙම කරානම් ඔබ නිදහස් විය යුතුයි. ඒත් මිණීමැරුම් අනුමත කරන්න බෑ..... (ස)
මේ අදහස් දැක්කම හිතෙනවා. ලෝක විනාශයට පෙර ලංකාව විනාශ වෙයි වගේ....!!(නු)
ඔබ නියම වීරයෙක්. (ත)
අනිත් ස්ත්‍රීදුෂකයන්ටත් මේ දඩුවම හොදයි වගේ.. (නු)
අනේ ධර්මද්වීපයකට ගිය කලක්........ (නි)
නිතිය අතට ගන්න එකනම් වැරදියි.. නමුත් මේගොල්ලන්ට දිය යුතු දඩුවම තමයි මේක...(නු)
මොනවාද මේ මිනිසුන්ගෙ අදහස්? කොහොමද මේගොල්ල මිනී මැරුම සිදුකළ පුද්ගලයාට සුභ පතලා තියෙන්නෙ.. මේවාට නීතිය සහ ක්‍රමයක් තියෙනවා.. (නු)
අනිවාර්යෙන්ම මෙයා ලබන පාර මැතිවරණෙදි මන්ත්‍රී කෙනෙක් විදියට අපේ ජනතාව පත් කර ගනී. (ත)
මේ මනුස්සයා සැක කරුවෙක් නෙවෙයි... ඔහු නියම මනුශ්වයෙක් ජයවේවා..!!
ඇදුම් ඇද බලන කාමරයේ කතාව පස්සෙ ගොතපු එකක් විය හැකිය.. මේ ගැහැණු ළමයා සමග වෙන කුමක් හෝ සම්බන්ධයක් තියෙන්න ඇති මුදලාලිත් එක්ක.. මේවාට දඩුවම පාර දිගේ කපා කොටා මරා දැමීමනම් නෙමෙයි..(නු)
ඔබ වැනි වීර පුතුන් තව තවත් බිහි වේවා යැයි පතමි! (නි)
ඔය වගේ දේකට මිනී මරන්න උවමනාව්ක් නැහැ නේ? කණට පාරක් ගැහුවනම් ඉවරයිනෙ.. මිනිසුන් මරණ අයට නිසි දඩුවම් දිය යුතුයි.. මිනිස් ජීවිතවල වටිනාකමක් දන්නෙ නැහැ.. මරණ්න ඕන වැරදි තියෙනවා.. ඒත් මේක එහෙම එකක් නෙමෙයිනෙ..? (නු)
කලබල නොවී තවත් ෙහායල බලමු නේද? ( http://www.gossiplankanews.com/2012/07/kapruka-murder-revealed.html ) (ස)
ඔයත් කියන්න රෙදි සාප්පුවට ගියා මතකයි.. ඊට පස්සෙ එහෙම දෙයක් කරනවා මතක නැහැ.. කියන්න. දැං ඉතිං ඕන වැඩක් කරලා මතක නැහැ කියාවි.. (නු)
ලංකාදීප............ ඔබේ සේවාවට ස්තුතියි . (ස)
මතුගම, මේ දුන් දඩුවම 'කප්රුක' ට හොද වැඩියි. (නි)
මල්ලි..!! ඔබට දෙවියන් නිදහස දෙනවා.. ක්ෂණික කෝපය.. අනිත් අතට නංගි.. අධිකරණයේ ඉන්න සාධාරණය තැන දෙන උගත් මිනිස්සු.. බය වෙන්න එපා.. (නු)
පුද්ගලයෙකු විසින් කාන්තාවක් දූෂණයවූවානම් සාක්ෂි සහිතව ඔප්පු කළ පසු රජයක් විසින් ඔහුට මරණ දඩුවම් ලබාදිය යුතුයි. එය ඉස්ලාමීය ෂරීආ නීතියයි. නමුත් ලංකාවේ මෙම කාන්තාවට ෂරීආ නීතියේ පිහිට පතන්නට බැරි නිසා තම සහෝදරයාගේ මාර්ගයෙන් එම නීතිය ඉටුකරගෙන ඇති බව පෙනේ. මේ සහෝදරයාවුණත් සමහරවිට ඉස්සර අරාබි නීතිය තිරිසන් නීතියක් බව කියන්න ඇති නමුත් තමන්ගේම සහෝදරියකට මෙවැනි අපරාධ සිදුවනකොට ඒ නීතිය තමා හරි කියා වැටහෙන්නත් ඇති. ෂරීආ නීතිය අනුව තනි පුද්ගලයෙකුට නීතියක් තමන් අතට ගෙන ක්‍රියාකරන්න කිසිදු අවසරයක් නැත. මෙය රජය විසින්ම කළ යුතුය. (ස)
කුමන හෝ දේශපාලන බලයක් මත මෙය සිදුවුණාවද්ද? (නි)
මරන්නෙ නැතුව අවයවයක් කපා දාන්නයි තිබුණේ. නැත්නම් අපේ කෙල්ලන්ට පාරෙ යන්න බැරි වෙනවා.... (නි)
මෙවැනි සිංහල වීරවරයන් අධිකරණය විසින්ද රැක ගත යුතුයි. (නි)
ඔබට ඉක්මන් නිදහස....(ස)
අපරාධ කරුව කප්රුක මුදලාලි තමයි. (අ)
ඔබට ඉක්මණින් නිදහස් වීමට ලැබේවා! (නි)
හේතුව මොකක් වුනත් කාටවත් නීතිය අතට අරගෙන බල්ලො, බලල්ලු ගානට මිනී මරන්නට ඉඩ නොතැබිය යුතුයි. එහෙම වුනොත් මේ රටත් නීතියක් ධර්මයක් නැති, මිනිස් ජීවිතියකට වටිනාකමක් නැති තවත් හයිටියක්, සෝමාලියාවක්, නයිජීරියාවක් බවට පත්වෙයි. ඉඳිරියේදිවත් මේ වගේ ක්‍රියාවන් වලක්වා ගැනීමට මෙම පුද්ගලයා ඇතුළුව මෙම මිනීමැරුමට සම්බන්ධ සියල්ලන්ටම දැඩි දඩුවම් ලබාදිය යුතුයි. ශරීයා නීතිය ගේන්න කතා කරන අයට කියන්නේ ඔය ගොල්ලන්ගේ ම්ලේච්ඡ නීති මෙහාට ගෙන්න හදන්න එපා, ඒ වගේම ඔයාලගේ කුමන්ත්‍රණ ගැනත් අපි දන්නව. (අ)
මගේ සුභ පැතුම්....... (ස)
සුභ පැතුම් මගේ යාළුවේ. (නි)
ඒක හොද බුද්ධිමත් තීරණයක්. (නි)
නීතිය රකින රටකදි නීතියෙ පිළිසරණ පැතිය යුතුයි.. මුදලාලි දන්නවා එයාට නීතිය සල්ලිවලට ගන්න පුළුවං කියලා.. සහෝදරයා දන්නාව නීතියට යාමෙන් පළක් නොවන බව... එසේනම් කවුද වැරදිකරැ.. නීතිය හරියට ක්‍රියාත්මක උනානම් මුදලාලි මෙහෙම කරයිද?(නු)
මිනිහෙකුගේ චරිතට ඝාතනය කරන්න හොඳම ක්‍රමය තමයි ගැහැණියෙකුට අයුතු බලපෑම් කරා කියන එක...... (ස)
ඔබ උසස් පුද්ගලයෙකි. (නි)
කඩුවක් අරගෙන ගියා මතකයි. මුදලාලිව දැක්කත් මතකයි. කඩුවේ ලේ ගෑවිලා තිබෙනවා දැක්කත් මතකයි. ඒත් වුණේ මොකද්ද කියලා මතක නැහැ කියන්න. ඔබ හට නිදහස ෂුවර්. අනේ මන්දා මට නම් නිකම් පිස්සු වගේ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු..(නු)
මිනිස්සුන්ට මෙහෙම දේවල් කරන්න පුළුවංද?(නු)
ප්‍රියන්ත පින්නවල, ඔබේ මවගේ හෝ සොහොයුරියගේ එවැනි ඡායාරූප කිසිවෙකු විසින් ගත්තා නම්........??? (නි)
ඔබ වීරෝධාර විරුවෙකි. මෙවැනි මිනිසුන් හට නීතීය ඉදිරියේ සමාවක් තිබිය යුතුය. (නි)
ජීවිත කාලයම මරණ බයෙන් හැංඟිලා ඉන්නවාට වඩා බාර වුණු එක හොඳයි. ක්ෂණික කෝපයේ ප්‍රතිපල තමයි යාලුවා ඔය. (නි)
මෙයා කළ දේ හරිය කියන්න බෑ. එහෙනම් අර අඟුලානෙ පොලිසියෙ කෙනා කරපු දේත් හරිනෙ. දෙන්නටම ඇති වුණේ තමාගෙ ඥාතියකුට වෙච්ච අසාධාරනයක් නිසා ඇති වූ ක්ෂණික කෝපයනෙ? මිනිස්සු වුණාම රටේ නීතිය අතට ගන්න දෙන්න බෑ නේද. (නි)
ඔබ මගේ සහෝදරයින් වෙනුවෙන් ඉදිරියට ආවා. ඉක්මණින් නිදහස් වෙනවා සිකුරුයි. (ස)
රටේ නීතිය හමුවේ ඔහු මිනීමරුවෙකු වුවද මට නම් ඔහු මිනීමරුවෙකු නොවේ. (නි)
මේ අයත් ගැහැණුන්ගේ 64 මායම් වලට අහු වෙලාද? දිලාන් හරි වෙන්නත් පුලුවන්. (නි)
කෙටි කාලයක් තුළ මෙම ප්‍රශ්නය විසදේවා.ඔබට ජය! (නි)
ඔබ වැනි අය තවත් සිටියා නම් මෙහෙම අපරාධ වෙන්නේ නැහැ.ඔබ නිවැරදි කෙනෙක්.ඔබට ජය අත්වේවා! (නි)
කවදා හෝ මෙම නඩුව අහන නඩුකාරතුමා වෙතටයි. මෙම මිනීමරුවා සාධාරණ නිවැරදිකරුවෙක් බව සිතන්න. (නි)
ජනාධිපතිතුමනි, කරුණාකර ඔහුට සමාව දෙන්න. (නි)
අයියා කෙනෙක් විදියට එයා සාධාරණ වෙන්න පුලුවන්.හැබැයි රටේ නීතියට ගරු කරන්න තිබුණා. (නි)
බුදුදහම සත්‍ය නම් වැරදිකරුවන්ට සාධාරණයක් ඉටු නොවේවා! (නි)
නීතිය අතට ගන්න එක හරි නැතිවුනත්, බලපුලුවන් කාරකම් මත නීතියෙන් ගැලවෙන්න හිතාගෙන වැරදි කරන අයට ඔබ ඉගැන්නුවේ හොඳ පාඩමක්. (ස)
සහොදර ප්‍රේමයට මිණී මැරුවට හොඳ කොල්ලෙක්...... (ස)
මුදල් ප්‍රශ්නයකට මරලා ගෑණු ප්‍රශ්නයක් කියල කියන්න බැරිද ? (ස)
අපි ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ නියම සිංහ ලේ ඇති ශ්‍රී ලාංකිකයෙක්. (ස)
මෙය තරුණයා වෙනුවෙන් අපි එකමුතු වෙන්න ඕනේ. නැගී සිටින්න ඕනේ. ඔහුව බේරා ගන්න ඕනේ. ඒ අපේ යුතුකම්.... (නි)
ඔබ වැනි කට්ටිය හිටියොත් දූෂණ ඇතිවෙන්නේ නැහැ. දඩුවම දන්න නිසා. අපේ රටේ හරි දඩුවමක් නැති නිසා බය නැතිව දූෂණය කරනවා. ඔබ ඉක්මණින් නිදහස් වේවා. ඔබට ජය. !!!!!!!!(ස)
ඔබ නිදහස් වෙනවා නිකුරුයි. ඔබ වීරයෙක්. (ස)
ඔබ වැනි හිතැති එක් සොහොයුරෙක් මටත් හිටියනම්. (ස)
ඔබ නිවැරදි කෙනෙක්. ඔහොම අය මැරුවේ නැත්නම් තවත් ඔහොම දේවල් කරයි. ඊළඟ සැරේ ඔබේ සොහොයුරියනම්........... කරුණාකර මෙය තේරුම් ගන්න. ඔහු මැරූ මේ මිනිහා අපේ මව්වරුන්ගේ, සොහොයුරියන්ගේ සහ දියණිවරුන්ගේ අනාගතය සුරක්ෂිත කළා. (ස)
තමුන්ගේ සහෝදරිය වෙනුවෙන් ඉදිරිපත් උණු ඔබ සමග අපි ඉන්නෙමු. කොහොමද ගෑණියෙක් යන්නේ. (අ)
කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනු... මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙනු... (නි)
මේ පිටුපස කුමක් හෝ විශාල හේතුවක් ඇති. (නි)
ඒ කියන්නේ හැමෝම සෞදි නීතියට එකඟයි නේ..... (ස)
පිටෝන් රූම් එකේ බාත්රූම් එකේ වගේ ඉන්නව කිවලද හිතන්නේ..... (ස)
ප්‍රියන්ත, කියන්න බලන්න ඉස්සර වෙලාම තිරිසන් වුණේ කවුද කියලා. (නි)
පාරවල්ගානේ සත්තු වගේ මාරාගන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේ සිද්ධිය. මිනිස්සු මරණ එක, මරාගන්න එක අනුමත කරන්නනම් බැහැ. මෙහෙම ගියොත් ලෝක විනාශය තමයි. මිනිසුන් තිරිසත් වෙලා. (ත)
රටේ නීතියෙන් යුක්තිය ඉටු නොවෙක විට මෙවැනි දේවල් සාධාරණයි. (ත)
මම සියයට සියයක් සුසන්ත සමගයි. ලංකාවෙ නීතිය කැලේ වගේ. නැවත වරක් දේශප්‍රේමී ව්‍යාපාරයක් රටට අවශ්‍යයයි. (ත)
වැරැද්ද මොනවා වුනත් කෙනෙකුට තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න අයිතියක් නැහැ. (නි)
ඔබ සැබෑ වීරයෙක්.නියම පිරිමියෙක්.නියමයි කරපු වැඩේ. ඔබට ඉක්මනින් නිදහස ලැබේවා! (නි)
අපරාධ කරුවන්ට ආරක්‍ෂිත ස්ථානය හිර ගෙදරයි (දී)
නියම අයියා කෙනෙක්. මෙහෙම අය තවත් ඉන්න ඕනේ. (නි)
ජයකොඩි , මොකක්හරි අසනීපයක් එහෙම තියෙනවද ?? (ස)
දඩුවම ටිකක් අඩුවෙයි (දී)
මේ ධර්මද්වීපයේ මේ විදියට මැරකම් කරන්න දෙන්න බෑ... (ස)
ඔබ නියම කොල්ලෙක්. නීතිය නැති වුණත්, සොභාදහම ඔබව ඉක්මණින් නිදහස් කරයි. ඔබට ජය. (ත)
යකඩො පුදුම අදහස්නෙ මෙහි කොමෙන්ට් දමන්නන්ගෙ තියෙන්නෙ. ඒපාර මිනි මරපු මිනිහා හොදයිලු.වෑරෑද්ද වෑරෑද්දමයි. ඒකට දඩුවම් විදිය යුතුයි.කිසිවෙකුට තවත් කෙනෙකුගෙ ජිවිතයට හානි කිරිමට අයිතියක් නෑත. මොහුට වහාම දඩුවම් දිය යුතුයි.මෙවා සිදු නොවිය යුතු දෙවල්. (ත)
එක් පැත්තකින් ඔබ වැරදි වුණත් අනෙක් පැත්තෙන් ඔබ සැබෑ වීරයෙකි. (නි)
සැබෑ වෙනසක් !!! (ත)