‘පෞද්ගලික බස්රථවලින් මාසකෙට රුපියල් කෝටි 15ක් කප්පම් ගන්නවා. ජනාධිපතිවරණයෙන් පස්සේ තියෙන අලුත්ම ප්‍රවණතාවය තමයි සන්ධාන කප්පම් කාරයන් පලවා හැර දැන් වෙනත් පක්ෂයක පිරිසක් කප්පම් ගන්නවා.‘ යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කිවේය.
සම්පූර්ණ මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ති ඔය අඳුරනවද කුඩු කාරයව. පාටක් නෑ කියන්නේ. (අ)
වන් ෂොට් ට කිව්වා නම් මිනිහා මේ ගැන බලයි මිනිහා වැඩකාරයා (අ)
ඔන්න යහපලානේ දොරේ ගලනවා (අ)
ඡන්දෙන් පසුව වුවද රාජ්‍ය මෙන්ම පුද්ගලික මාධයද තවම සිය න්‍යායයෙන් ගැලවී නොමැත.. යහපාලම වචන වලට සීමාවී ඇති අතර බොහෝ තැන්වල තවමත් මාධය සංදර්ශනය. මෙහෙම ගියොත් දින සියය තවත් එක සනදර්ශනයක් වනු නියතය. (අ)
මෙයා කප්පම් ගන්න තරමක් ගන්නේ අහිංසක මගීන්ගෙන් නේ (නදී)
හැම එකකටම යහපාලනය ගාවාගන්න එපා ළමයිනේ! (නි)
එක අතකට හොඳ වැඩේ ලංගම නැතිකරලා දැම්මට (නි)
බදුල්ලේ නම් කප්පම් ගන්නේ ඔය මහත්තයාගේම යාලුවෝ තමා. පක්ෂ බේදයකින් තොරව (නදී)
නියතපාල, නියම වෙලාවට යහ පාලනේ එයි. ටිකක් ඉවසන්න. අර ආශ්චර්යය එනකම් දින ගණන් කරමින් වසර ගණන් උඩ බලාගෙන හිටිය වගේ නොයිඳ, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පාලකයින් හා මහා ජනතාව ක්‍රියා කලාම ඔය කියන යහ පාලනයත් ඔබ නොදැනුවත්වම පැමිණේවි. (නදී)
මොනවා බලන්නද? ලංකාවේ දේශපාලනයේ හැටි ඔහොම තමයි. (නි)
වසර ගණනක ඉඳලා ගෙවුවා නේද? දැන් මේ සතියක් යන්න පෙර කෑගහනවා? (නි)
මේ බස්වලින් කප්පම් ගැනීමක් සිදුවෙනවා නම් ඊට හොඳම පිළියම සියලු බස්රථ ලංගම යටතේ පොදු කාලසටහනකට ධාවනය කිරිමයි.එවිට ලංගම හා පුද්ගලික බස් සේවයෙන් වඩත් හොඳ සේවාවක් ඉටුවේවි. දැනට සිදුවන කෙටීම්, රාත්‍රි ගමන්වාර ඉතා හොඳින් ඉටුවේවි. මීට වඩා විනීත රියදුරන් කොන්දොස්රවරුන් ලැබේවි (නි)
යහපාලනය බොලව් යහපාලනය (නදී)
බස් එක සහ එය යන මාර්ගය වෙනස් නොකර රියදුරුයි, කොන්දොස්තරවයි විතරක් මාරුකළ විට මෙහෙම තමයි වෙන්නේ. (නි)
එසැණෙහි සිටි බන්දුල පඩිතුමා සිංහල භාෂාව පිළිබඳ දක්ෂයෙකි.එතුමා හරි නමින් අදහස් ලියු කාලයේ අනෙකුත් අයට අපහාස,උපහාස,අවමාන,ගැරහිලි කරමින් ලියු අදහස් ගැන කීමට කිසිම දොසක් නැත. දැන් එතුමාගේ අලුත්ම ක්‍රමවේදය වී ඇත්තේ වෙනත් නම් වලින් අදහස් පළකරමින් බොළඳ වචන ලියමින් අප රැවටීමය. ඔබතුමාගේ ඒ උත්සාහයට අප නොරැවෙටන බවත් අවසාන වශයෙන් කිවයුතුව ඇත.ඔබතුමාට සුභ අනාගතයක් ! (නි)
රට යන අත ගැන හිතාගන්න පුළුවන් මේවා ඇහෙනකොට. (නදී)
එව බලව යහපාලනය (නදී)
මේ කප්පම් කාරයන්ට විරුධව කරණ සටන අපේ ෆොන්සේකා මහත්තයට බාර දුන්නා නම් එතුමා මේ හොරු ටික ඉවරයක් කරයි (නදී)
හෑමදේටම යහපාලනය ගාවගන්නේ නැතුව පොලිසියට කියන්න. පොලිසිය දෑන් ඉස්සර වගේ නෙවෙයි (නදී)
මිතුන හා ලෝචන සම්පුර්ණ වැරදියි. බලලා අදහස් දක්වන්න (නදී)
බන්දුල පෙරේරා දැන් විටෙක කම්බායකින් සැරසී ගැහැණු නම් වලින්ද, විටෙක සරම අතේ අරගෙන පිරිමි වෙසින්ද සභාවේ පිනුම් ගසයි. (නදී)
ශත 5ක්වත් දෙන්න එපා. හම්බකරගෙන කන්න කියන්න (නි)
කුමන පක්ෂයක උවත් මෙවැනි අමනයින්ගෙන් තමයි අපේ රට සහ දේශපාලකයින් ආරක්ෂා කර ගත යුත්තේ. අප්‍රමාදව මාධ්‍ය මගින් රටම දැනුවත් කලාට ගැමුණු විජේරත්න මහතාට අප ස්තුති වන්ත විය යුතුයි. ගරු ජනාධිපති තුමා ඇතුළු බලධාරීන් මේ සඳහා වහා නිසි පියවරක් කඩිනමින් ගනු ඇතැයි යහ පාලනය බලාපොරොත්තුවෙන් සිටින ජනතාවගේ පැතුමයි! (නදී)
යු.එන්.පී කාරයෝ වැඩට බැහැලා. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේම වෙයි වගේ. ජේ.වී.පී එකටත් 88-89 වගේ ගේමකුත් දෙයිද දන්නේ නැහැ. එච්චරයි අඩු. (නදී)
වෙනසක් වී ඇති බව පෙනේ. බිම් මට්ටමේ වෙනසට කාලයක් යාවි (නදී)
රොෂාන් ඕකට කියන්නේ දේශපාලනය කියල. පොලිසියට කිව්වත් ඔච්චර තමයි. දැන් එයාල ඒ පැත්තේ (නදී)
ආස්චර්යය අහවරයි. ඕං දැං පෙන්නනවා, යහපාලනේ. (නදී)
සුබ අනාගතයක් සින්දු වෙනුවට පුලතිසි පුර සින්දු දවස පුරාම. සියලු දූෂණ වලින් තොර කේතුමතී පුරය බිහිවෙන්න දවස් 100ක් අවශ්‍ය නැති බව හොඳටම පැහැදිලියි. (නදී)
මෙම ජරාජීර්ණ ක්‍රමය විවෘත ආර්ථිකයෙන් මතු වූ එක් අතුරු ඵලයක්. ගැමුණු මහත්තයෝ ඔළු මාරු කළාට ක්‍රමය වෙනස් නොකර මේ යන පීල්ල වෙනස් කරන්න බෑ.(නදී)
මේ කතා කරන කෙනා රෙදි නැතුව මෛත්‍රීට කඩේ ගියා නේද මෛත්‍රී පාලනේට? මොකද දැන් මැසිවිලි? (නදී)
කෝ වන් ෂොට් ? (නදී)
අනේ අනිච්චං! (නි)
විජයබාහු, කුඩු කාරයන් අඳුනන්න පාට ඕන නැහැ. ඔය කන්නාඩිය ලඟට ගිහින් මුණ බලන්න. (නදී)
මිතුන, මෝඩයෙක් වගේ කතා කරන්න එපා. හිටපු හොරු එළවනකොට ආයේ හොරු බෝවෙනවා. ඒ වැඩි කාලයකට නෙමෙයි. හැමදේටම යහපාලනය ගාවාගන්න එපා. හිටපු අය හරි පාලනයක් කළා නම් ආයේ යහපාලනයක් මොකටද? (නි)
මේ තත්ත්වය ගැන මෛත්‍රී රනිල් දෙදෙනාම විශේෂ අවධානයක් දියයුතු වගේම ජවිපෙ නායකත්වයත්, රතන හාමුදුරුවොත් අධීක්ෂණයක් කළොත් හොඳයි. පක්ෂ දෙකක් වටා අවුරුදු ගණනක් බලය මාරුවීමේ ක්‍රමය දැන්ම අවසානයක් වියයුතු බව නේද මේ කියන්නේ? (නි)
ලංකාවේ මිනිසුන්ගේ සිතුම් පැතුම් කවදාවත් වෙනස් කරන්න බැහැ. මොකද වෙනස් කළත් ඉන්නේ පරණ මිනිසුන්මයි (නි)
මේක ඇත්තටම පුදුම වැඩක් නේද? රතන හාමුදුරුවනේ, මොනවද මේ වෙන්නේ කියලා බලන්නකෝ. (නි)
මේ ලඟදි දිනක කොට්ටාව කොළඹ බස් අඩු උදයක අතුරුගිරිය කොළඹ බස් රථයක් නවත්වා කොට්ටාව බස් නැවතුම්පලෙන් සෙනඟ ගත්තා. වේලා සටහන් නිලදරයා සිටිත්දී කුඩු කාරයෙක් ඇවිත් හරි හරි මල්ලි සියයක් දෙන්ඩ කියලා කොන්දොස්තරගෙන් සල්ලි ගත්තා. මොවුන්ට පාටක් නැත. සියලුම බස් රථ නොදෙනවා නම් මොවුන් එන්නේ නැත. (නදී)