වාරියපොළ ධනවත් පවුලක තරුණියක තෙසතියකට පෙර පැහැරගත් යටියන්තොට විවාහකයෙක් (31) දැරියගේ පුංචි අම්මාගෙන් රුපියල් හය ලක්ෂයක කප්පමක් ගනිද්දී අද (27) අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය අප්‍රේල් 4 වැනි දා ඇය පැහැරගත් මොහු මුලින්ම රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලා ඇත. ක්‍රමයෙන් එය රුපියල් ලක්ෂ 6 දක්වා අඩුකර ගැනීමට මව්පියෝ සමත් වූහ. පොලිසියේ උපදෙස් අනුව සල්ලි කොළමෙන් කැපූ කඩදාසි මිටියක් නියමිත ස්ථානයකදී කප්පම්කරුට දෙද්දී වෙස්වළාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. තරුණිය රෝහල් ගත කරනු ලැබ සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි.(නදී)
බේරගන්න ක්‍රමය නොලියා සිටියොත් නේද හොද? කප්පම්කරුවන් වෙන ක්‍රම භාවිතා කරයි නැත්නම්. (නි)
මේකෙන් පෙන්නේ මේ අපරාධකරුවාට දේශපාලන හයියක් නැති බවයි. (නි)
ඒකවත් තේරෙන්නේ නැහැනේ (ස)
ඊළඟට කප්පම් ගන්න තවත් ක්‍රමයක් යොදාගනිවී (ස)
පුදුමයි පහුගිය දවස්වල පොලිසිය පට්ට ගහපු කට්ටිය කෝ පුදුම වෙන්න දෙයක් නැහැනේ මොකද අපේ අය ඉන්නේ වැරදි පැත්ත කතා කරන්න විතරනේ හොද පැත්ත පෙන්නේ නැහැ ඒ ලංකාවේ අයගේ හැටිද නැහැ නේග (ස)
ඩිලාන්, පොලිසියට පඩි ගෙවන්නේ ඔය විදියට වැඩ කරන්න තමයි. මහජන මුදල් වලින් පඩි කාලා නිකම් ඉන්නකොට මිනිස්සු බනින එක පුදුමයට කාරණයක් නෙවෙයි. කොහොම වුණත් පොලිසිය ඒ අයගේ රස්සාව හරියට කරනකොට අපට සතුටුයි. (නි)
මේකනම් විස්වාස කරන්නත් අමාරුයි, සති 3 ක් යනතුරු මේ දෙන්න හිටියේ කොහෙද...? දෙන්න කතාවෙලා කරපු වැඩක්ද කොහෙද. (නදී)
කප්පම්කරුවන් කප්පාදු කිරීමට නීති සකස් කළ යුතු ය. (නි)
මෙම තරුණියට කරදරයක් වී නැතැයි ප්‍රාර්ථනා කරමි. පොලීසියට සහ ඇයගේ දෙමවිපියන්ට මල් මිටක්!(නදී)