විශ්ව විද්‍යාලවලට භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කැර ඇතැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අද පිරිවෙන් භික්ෂු එකමුතුව ද සම්බන්ධ විය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
විශ්ව විද්‍යාලවලට භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කැර ඇතැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අද පිරිවෙන් භික්ෂු එකමුතුව ද සම්බන්ධ විය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම් පාසල් අවසනයෙන්ද විශ්ව විද්‍යාලයට ගන්න කියන්නේ? (නි)
මේ අයට පිස්සු නටන්නේ නැතුව හොඳට විභාගය ලියන්න කියන්න. ඉසෙඩ් අගය අනුව විශ්ව විද්‍යාලයට ගනීවි. (නි)
පව් දෙයියනේ. මහානායක හිමිවරුනි. මේ ස්වාමීන් වහන්සේලා අයදින්නේ බෞද්ධ භික්ෂුවක විසින් පිළිපැදිය යුතු හා අනුගමනය කළ යුතු නිර්වාණගාමී මාර්ගයට අදාල ඉල්ලීම්ද? භෞතික සම්පත් හැරපියා සසුන්ගතව නිවන් ගම සොයා යන සැබෑ හිමිවරුන් කෙතරම් සැනසිල්ලෙන් ජීවිත ගෙවනවාද? මින් පරිහානියට පත්වන්නේ බෞද්ධ භික්ෂුවයි. බෞද්ධ දර්ශනය අකාලිකයි. ඒත් තාවකාලිත යස ඉසුරු සොයා යන මේ භික්ෂූන් තාවකාලිකයි. ඔවුන්ට සමාජයේවත් පිළිගත් පැවැත්මක් නෑ.(හේ)
තිබෙන අවස්ථා කපාහරින්නට පෙර අඩුම තරමේ වෙනත් අධ්‍යාපන ආයතන පිහිටුවීමවත් කරන්න ඕනෑ. දැනට උගන්වන බෞද්ධ සංස්කෘතිය පමණක් ඉගෙනීමෙන් භික්ෂුන් වහන්සේගේ අධ්‍යාපනය සම්පූර්ණ වෙන්නේ නැහැ. ධර්මයේ අන්තර්ගතය, අභිධර්මය, විනය පිටකය, විදර්ශනා භාවනා ක්‍රමය, ගණිතය ආදී ඉතා වැදගත් විෂය මාලාවන් අන්තර්ගත වෙනම විෂය මාලාවක් සහිත ආයතන පිහිටුවන්න. (නි)
නිවන් යන්නත් අරගලයක් කෙරුවොත් නරකද අපේ පොඩි හාමුදුරුවනේ? (නි)
ආගමික නායකයින් ලෙස සියලුම භික්ෂුන් වහන්සේලාට ඉහළ අධ්‍යාපනයක් ලබාගැනීමට බලයට පත්වන සෑම රජයකින්ම ඉහළම අවස්ථාව සළසා දියයුතුය. එසේ නොවුණහොත් බුදු දහම ලංකාවෙන් ක්‍රමයෙන් තුරන් වී යනු ඇත. අධ්‍යාපනය ලබන්නට ඉල්ලා සිටින්නේ සම්පත් ලැබීමට නොව දහම් දැනුම ලබාගැනීමට බවද එය නොදන්නා අයට මතක්කර දියයුතුය. (නි)
හාමුදුරුවනේ, වැඳලා කියන්නම්, පොලිස් නිලධාරීන්ගේ ඔලු පලන්න නම් එපා. හමුදුරුවෝ තාත්තලාගේ ඔළුගෙඩි පැලුවාම පුංචි දරුවෝ පන්සල පැත්ත පළාත බලන්නේ නැහැ. වියරුවෙන් හැසිරෙන ස්වාමින් වහන්සේලාව රූපවාහිනියෙන් දකින පුංචි එවුන් ඔබවහන්සේලා ගැන කියන දේවල් ඇහුවාම ඉතින් අපේ තමයි කට වැහෙන්න් (බ)
සියලුම භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් වලින් හොඳ බෞද්ධ අධ්‍යාපනයක් ලබාදී, එය උපාධියක් දක්වා උසස්කර බුද්ධාගම පාසල් වල ඉගැන්වීමට ගුරුවරුන් ලෙස බඳවාගත හැකියි. අනෙක් විෂයයන් අ.පො.ස (උ.පෙළ) සමත් දරුවන්ට ලබාදිය යුතුයි. (නි)