IMG-LOGO

කපුටා ඉන්ධන බෙදීම ප්‍රමාද කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දින පහකට පසුව ලැබුණු ඉන්ධන බෙදාහැරීම කපුටකු නිසා පැය භාගයක් ප්‍රමාද වීමේ පුවතක් බණ්ඩාරගමින් වාර්තා වෙයි.

බණ්ඩාරගම සමුපකාර ඉන්ධන පිරවුම් හලට දින පහකට පසු පැට්‍රල්  තොගයක් අද පස්වරුවේ ලැබිණි. ඒවා ලබා ගැනීම සඳහා අති විශාල  පෝලිම්වල රැඳී සිටියහ

පැට්‍රල් බෙදීම ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ප්‍රදේශයම දෙවනත් කරමින් විශාල පිපිරීම් හඬක් ඇති විය,ඒ සමඟම බණ්ඩාරගම නගරයේම විදුලියද විසන්ධි විය.

සොයාබැලීමේ දැකගැනීමට හැකිවූයේ කපුටෙක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් විදුලිය විසන්ධි වී ඇති බව ය

විදුලි ජනන යන්ත්‍රයක් නොමැති වීමෙන් ඉන්ධන ලබා දීමට නොහැකි විය

විදුලිබල මණ්ඩලයේ සේවකයන් පැමිණ ට්‍රාන්ස්පෝමරය මත සිටි කපුටා බිම දමා නඩත්තු කටයුත්තක් සිදුකර ප්‍රදේශයට විදුලිය ලබාදීමට පියවර ගත්හ

 

 



අදහස් (6)

කපුටා ඉන්ධන බෙදීම ප්‍රමාද කරයි

P. Ilangaratne Saturday, 18 June 2022 10:14 PM

කපුටාගෙන් පුදුම කරදරයක් තියෙන්නේ ලංකාවට...

:       0       1

upul Saturday, 18 June 2022 10:27 PM

ඔබ කියන්නේ බැසිල් ගැනද?

:       0       0

Nandalal DE SILVA - France Saturday, 18 June 2022 11:00 PM

බැසිල් ගිය තැන අනාගන්නවා. ඕකෙ වැදුණු මුල් කපුටාද මේ? සකල සිරින් පිරි සිරි ලංකාවේ කපුටෙක් කවදාවත්ම ට්‍රාන්ස්ෆෝමරයක වැදිලා නැද්ද?

:       0       1

kasun Sunday, 19 June 2022 06:25 AM

කපුටන්ගෙන් ලංකාවට අපලයි.

:       0       2

ravin Sunday, 19 June 2022 07:16 AM

හා හා කපුටාස් හිට්ස් ද ට්‍රාන්ස්ෆෝමර්... කපුටු කාක් කාක්...

:       0       2

NIhal Sunday, 19 June 2022 10:17 AM

සෙනසුරාගෙ වාහනෙත් ඉවරයි... අපිත් සුනේ සුන්..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 196 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site