(අංජුල මහික වීරරත්න)
කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ මොහොතේ කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කොට කැපවීම කළ යුත්තේ ආණ්ඩුව බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට සාධාරණ අයිතියක් තිබේදැයි සූම් තාක්ෂණයෙන් පැවති සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇති බව කී වික්‍රමසිංහ මහතා ලංකාව හැර අනෙක් සෑම රටක්ම මේ වන විට ඒ ඉල්ලීම ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ මොලේ තියෙන තැන හොයා ගන්න උපකරනයක් නැද්ද ලංකාවේ .
ඔන්න ඔන්න ආයෙත් මොකක් හරි කුණුගොඩක් අවුස්සලා ප්‍රශ්නයක් හොයාගන්න හදනවා
මෙයා බලන්නකෝ . හරියට රටට වැඩක් කරපු කෙනෙක් වාගේනේ දඟලන්නේ .මහාතීර් කියල හිතන් ඉන්නවාද දන්නේ නෑ
"Ruhunu , ඊට කළින් තමන්ගෙ මොළේ නියම තැන තියෙනවද කියල පස්ස අත ගාල බැලුවොත් නරක ද ?
මෙයා කිව්වේ පටි තදකරගන්න කියලා.
මේ අවස්තාවෙ රජය ජනතාවගෙන් කැපවීම් කරන්නයි කියල ඉල්ලනැතුව. කාගෙන් ඉල්ලන්ද කියන්නෙ.
ඇත්තෙන්ම මේ පිලිබදව අපට ඇතිවන්නේ මහත් කනගාටුවකි.
බලේ තියෙනකොට වඩා බලේ නැතිකොට කටින් වැඩ කරන්න ලේසියි.
මෙයා නෙවෙයි කවුරු කිව්වත් එච්චරයි.
මෙතුමා ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධිය අරන් දේශපාලනයට ඇවිත් මේ රටේම ජීවත්වෙන කෙනෙක්. දේශපාලනයට ඇවිල්ල හම්බ කරන්න ඕන කෙනෙකුත් නෙවෙයි. මෙතුමාගේ වටිනාකම දැන් ගමේ මිනිස්සු හොදටම තේරුම් අරන් ඉන්නේ.
අපි මොහුට ඡන්දය දෙනවට ... නොගිහින් හිටිය ඡන්ද පොලට ... එත් මොහු ආයිත් පාර්ලිමේන්තු ඇවිත් ....
මේ වගේ කතාවක් කියලා දවස් දෙකක් තුනක් හැංගිලා ඉන්න එක තමයි මෙයා කරන්නේ.
එහෙනම් ඒකාලේ පාරේ නවත්වපු වාහනවලට අතදාලා හෝන්ගහන්න කවුද අයිතිය දුන්නේ. මෙයා මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන්වල දීමනා දීලා තමයි අපිව නැතිකලේ.
ආ මේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න සුළු පක්ෂයක මන්ත්‍රීවරයෙක් නෙව, ගණන් ගන්න එපා.
අනේ මගේ කට, දින 100ක මගුලක් දාලා මහබැංකුව කඩලා රටටම කෙලියා. දැන් එනවා වැදිබණ කියන්න.
එදා තමුන්නාසේලා කිව්වේ පටි තදකරගන්න කියලා, බැලුවම දෙගොල්ලොම එකයි.
කොරෝනා මර්ධනයට දක්ෂ කෙනෙක් කිසිම රටක නැහැ. කොරෝනා ඉබේම අඩුවෙනවා වැඩි වෙනවා.
රනිල් රටට කරපු දෙයක් නැහැ.
කැපවීම් කරන්න කියලා රුපියල් මිලියන ගානක් වියදම් කරලා පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩලා ජොගින් පාත් හදන එක හරිද? පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප විතරක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන්න කිව්වාම ඒ හිඟන රැළ රට බයිලා ගහලා රජයේ සේවකයාගේ මාසික වැටුපෙන් භාගයක් කපාගන්න හදන එක හරිද? රටේ මුදල් අර්බුදයක් තියෙනවා නම් මහපරිමාණ සමහර ව්‍යාපෘති (අධිවේගී මාර්ග වැනි) ටික කාළයකට නවත්වන්න බැරිද?