ඉන්දියා හිටපු අගමැති රජීව් ගාන්ධි ඇතුළු ඝාතන ගණනාවකටම වග කිවයුතු බව කියන කොටි සංවිධානයේ වත්මන් නායක කුමරන් පද්මනාදන් නොහොත් කේපී වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේය.
කේ පී නම් කිහිපයකින් පෙනී සිටිමින් කොටි සංවිධානයට අවි සැපයූ ප්‍රධාන පුද්ගලයාය.
මහින්ද රාජපක්ෂ රජයෙන් ඔහු මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. දැන් ඔහු මුලතිව්හි ළමා නිවාසයක් පවත්වාගෙන යයි.
පොලිස්පති, යුද හමුදාපති, ආරක්ෂක ලේකම් සහ ආගමන විගමන පාලක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ උසාවි ගේන්නද ? ඇයි දන්නේ නැද්ද එයාව අල්ල ගත්ත දවසේ ඉඳන් මාර්ගපල ලබල කියලා. එය දැන් හරිම හොඳයි . සෙසු පුරවැසියන් වන අපි තමයි පුහුදුන් මිනිස්සු. (නදී)
ඇයි දැන් කරුණා මතක නැද්ද? (නදී)
රට තුළ මහජන දේපල ගිනි තියල ,විනාශ කරපු මුන්නැහෙලා ,කවදාද .නීතියට ගේන්නේ කේපි ව එදාටම ගන්න ,ඔවා දෙනු පරහට ,තමා සම්මතයෙ පිහිටා සිට (බ)
අත්අඩංගුවට ගත යුතුමයි.(හේ)
හොද වැඩක්. ඒ වගේම 88/89දි රාජ්‍ය දේපල හා තරුණ ජිවිත දහස් ගණනක විනාශයට කටයුතු කළ සෝමවංශ අමරසිංහ ඇතුළු යම් යම් මාර්ගවලින් විදේශගතව නැවත මෙරටට පැමිණි සියලු හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ටත් ප්‍රා සංවිධානය පිහුටුවා නිල නොවන හමුදාවක් මගින් තරුණ ජිවිත දහස් ගණනක් ඝාතනය කල අයටත් නිතිය ක්‍රියාත්මක කරුණු දැක්ම අපගේ යහපාලන ප්‍රාර්ථනයයි. (නදී)
අල්ලන්න හොරකම් දුෂණ නැති උනාම මේ වගේ අයවත් අල්ලන්න ඕනා. නැත්තම් මේ ගොල්ල ඡන්දෙට කලින් කියපු දේවල් බොරු වෙනවනේ. (නදී)
බලමුකෝ මේ සිද්ධියේ අවසානය කෙසේ වෙයිද කියලා.(හේ)
සියළු වැරැදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.(හේ)
උසාවි ගෙනත් මේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)
හොද වැඩක්. ඒ වගේම 88/89දි රාජ්‍ය දේපල හා තරුණ ජිවිත දහස් ගණනක විනාශයට කටයුතු කළ සෝමවංශ අමරසිංහ ඇතුළු යම් යම් මාර්ගවලින් විදේශගතව නැවත මෙරටට පැමිණි සියලු හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ටත්, ප්‍රා සංවිධානය පිහුටුවා නිල නොවන හමුදාවක් මගින් තරුණ ජිවිත දහස් ගණනක් ඝාතනය කල අයටත් නිතිය ක්‍රියාත්මක කරුණු දැක්ම අපගේ යහපාලන ප්‍රාර්ථනයයි. (නදී)
මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් විනාශ කරගත්තහම ජේ වී පි එකට පුළුවන් පහසුවෙන්ම ඉදිරිපත්වෙන්න. ගොනා හැරෙනකොට අපි දන්නවා, පොල් පැලේට කියලා. අනෙක, ත්‍රස්තවාදියෝ පුනුරුත්තාපනය කල යුතුයි. ඒ අයටත් වාරයක් දෙන්න ඕනේ වැරදි හදාගන්න. ඇහැ ගහගෙන ඉන්න ඕන තමා. දඩුවන් දෙනවයි කියලා එහෙම බැලුවොත් හැමෝවම එහෙනම් කුඩුවේ දාන්න ඕනේ. (නදී)
එ්ක ඇත්ත. සෝමවංශටත් නඩු දාන්න ඕනා. එයත් වැරදි කලානේ. වැඩිපුර පැමිණිලි දාන්නේ වැඩිපුර වැරදි කරපු අයම තමයි ඉතින්. (නදී)
පිවිතුරුයහපාල 71 කැරැල්ල මැඩපැවැත්වීම සඳහා දහස් ගණන් තරුණ ජීවිත නැති කිරීමට අණදුන් එවකට සමගි පෙරමුණේ නායකයින් සහ හමුදා අණදෙන්නන් ගෙන් දැන් ජීවතුන් අතර සිටින අයටද නිතිය ක්‍රියාත්මක කළ යුතුයි නේද? (බ)
කේ පි ගේ රත්රන් බිස්කට් පෙන්නුව ගමන් කටිටිය බය වෙනවා. මන් හිතන්නේ නැහැ ඔය කියන තරම් කටයුතු සිදු වේය කියා. (නදී)
මෙතන කේ පි ට පුදුම කරුණාවක් නේ සමහරු දක්වන්නේ. එයාගේ සමාජ මෙහෙවරේ හවුල් කරුවෝ වෙන්න ඇති. (නදී)
88/89 ජේ.වී.පී එක අල්ලන්න ඉස්සර වෙලා බලය රැක ගන්න බොරුවට කළු ජූලියක් නිර්මාණය කරලා දෙමළ ජාතිකයන් අමු අමුවේ මරා දාල ජවිපේ ඇතුළු පක්ෂ නිරපරාදේ තහනම් කරලා රටට තරුණ ජීවිත ලක්ෂයක් පමණ නැති කරපු අයව අල්ලලා ඉස්සෙල්ලම හිරේ දැම්මා. ජවිපේ නැත්නම් මෙලහකට රටේ කෑලිත් නැහැ. ඔය ප්‍රදාන පක්ෂ දෙකම කරන්නේ බලය රැක ගන්න කුමන හෝ දහ ජරා වැඩක් කරන එකයි. රට හොරා කාපු ගිය ආණ්ඩුවේ දුෂණ වංචා දැන් අවරුදු ගානක ඉදන්ම කතා කලේ ජේ.වී.පී එකයි. (නදී)
කේ පීගේ නැව් 14 කෝ? ඩොලර් බිලියන් ගානක සල්ලි කෝ? යාපනේ හා දුක් විඳ හම්බ කරපු අහිංසකයන්ගේ රත්තරන් කෝ? මේවා ගත්ත හොරුන්වත් අල්ලන්න. (නදී)
හොරා කියනවා අන්න හොරෙක් කියල තව හොරෙකුට.(බ)