IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කේපී උසාවි ගේන්නැයි ජවිපෙ උසාවි යයි

ඉන්දියා හිටපු අගමැති රජීව් ගාන්ධි ඇතුළු ඝාතන ගණනාවකටම වග කිවයුතු බව කියන කොටි සංවිධානයේ වත්මන් නායක කුමරන් පද්මනාදන් නොහොත් කේපී වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේය.

කේ පී නම් කිහිපයකින් පෙනී සිටිමින් කොටි සංවිධානයට අවි සැපයූ ප්‍රධාන පුද්ගලයාය.

මහින්ද රාජපක්ෂ රජයෙන් ඔහු මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. දැන් ඔහු මුලතිව්හි ළමා නිවාසයක් පවත්වාගෙන යයි.

පොලිස්පති, යුද හමුදාපති, ආරක්ෂක ලේකම් සහ ආගමන විගමන පාලක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

කේපී උසාවි ගේන්නැයි ජවිපෙ උසාවි යයි

ජෙහාන් Monday, 19 January 2015 07:00 AM

කොහේ උසාවි ගේන්නද ? ඇයි දන්නේ නැද්ද එයාව අල්ල ගත්ත දවසේ ඉඳන් මාර්ගපල ලබල කියලා. එය දැන් හරිම හොඳයි . සෙසු පුරවැසියන් වන අපි තමයි පුහුදුන් මිනිස්සු. (නදී)

:       0       0

අරුණ Monday, 19 January 2015 07:16 AM

ඇයි දැන් කරුණා මතක නැද්ද? (නදී)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Monday, 19 January 2015 07:27 AM

රට තුළ මහජන දේපල ගිනි තියල ,විනාශ කරපු මුන්නැහෙලා ,කවදාද .නීතියට ගේන්නේ කේපි ව එදාටම ගන්න ,ඔවා දෙනු පරහට ,තමා සම්මතයෙ පිහිටා සිට (බ)

:       0       0

අනෝජා Monday, 19 January 2015 07:43 AM

අත්අඩංගුවට ගත යුතුමයි.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 19 January 2015 07:45 AM

හොද වැඩක්. ඒ වගේම 88/89දි රාජ්‍ය දේපල හා තරුණ ජිවිත දහස් ගණනක විනාශයට කටයුතු කළ සෝමවංශ අමරසිංහ ඇතුළු යම් යම් මාර්ගවලින් විදේශගතව නැවත මෙරටට පැමිණි සියලු හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ටත් ප්‍රා සංවිධානය පිහුටුවා නිල නොවන හමුදාවක් මගින් තරුණ ජිවිත දහස් ගණනක් ඝාතනය කල අයටත් නිතිය ක්‍රියාත්මක කරුණු දැක්ම අපගේ යහපාලන ප්‍රාර්ථනයයි. (නදී)

:       0       0

කීර්ති Monday, 19 January 2015 08:00 AM

අල්ලන්න හොරකම් දුෂණ නැති උනාම මේ වගේ අයවත් අල්ලන්න ඕනා. නැත්තම් මේ ගොල්ල ඡන්දෙට කලින් කියපු දේවල් බොරු වෙනවනේ. (නදී)

:       0       0

ධර්මරත්න Monday, 19 January 2015 08:14 AM

බලමුකෝ මේ සිද්ධියේ අවසානය කෙසේ වෙයිද කියලා.(හේ)

:       0       0

අනුර Monday, 19 January 2015 08:20 AM

සියළු වැරැදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.(හේ)

:       0       0

ප්‍රියංකර Monday, 19 January 2015 08:20 AM

උසාවි ගෙනත් මේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

සේන Monday, 19 January 2015 08:43 AM

හොද වැඩක්. ඒ වගේම 88/89දි රාජ්‍ය දේපල හා තරුණ ජිවිත දහස් ගණනක විනාශයට කටයුතු කළ සෝමවංශ අමරසිංහ ඇතුළු යම් යම් මාර්ගවලින් විදේශගතව නැවත මෙරටට පැමිණි සියලු හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ටත්, ප්‍රා සංවිධානය පිහුටුවා නිල නොවන හමුදාවක් මගින් තරුණ ජිවිත දහස් ගණනක් ඝාතනය කල අයටත් නිතිය ක්‍රියාත්මක කරුණු දැක්ම අපගේ යහපාලන ප්‍රාර්ථනයයි. (නදී)

:       0       0

අල්විස් Monday, 19 January 2015 09:12 AM

මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් විනාශ කරගත්තහම ජේ වී පි එකට පුළුවන් පහසුවෙන්ම ඉදිරිපත්වෙන්න. ගොනා හැරෙනකොට අපි දන්නවා, පොල් පැලේට කියලා. අනෙක, ත්‍රස්තවාදියෝ පුනුරුත්තාපනය කල යුතුයි. ඒ අයටත් වාරයක් දෙන්න ඕනේ වැරදි හදාගන්න. ඇහැ ගහගෙන ඉන්න ඕන තමා. දඩුවන් දෙනවයි කියලා එහෙම බැලුවොත් හැමෝවම එහෙනම් කුඩුවේ දාන්න ඕනේ. (නදී)

:       0       0

කීර්ති Monday, 19 January 2015 09:15 AM

එ්ක ඇත්ත. සෝමවංශටත් නඩු දාන්න ඕනා. එයත් වැරදි කලානේ. වැඩිපුර පැමිණිලි දාන්නේ වැඩිපුර වැරදි කරපු අයම තමයි ඉතින්. (නදී)

:       0       0

ජයවර්ධන Monday, 19 January 2015 09:24 AM

පිවිතුරුයහපාල 71 කැරැල්ල මැඩපැවැත්වීම සඳහා දහස් ගණන් තරුණ ජීවිත නැති කිරීමට අණදුන් එවකට සමගි පෙරමුණේ නායකයින් සහ හමුදා අණදෙන්නන් ගෙන් දැන් ජීවතුන් අතර සිටින අයටද නිතිය ක්‍රියාත්මක කළ යුතුයි නේද? (බ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Monday, 19 January 2015 09:48 AM

කේ පි ගේ රත්රන් බිස්කට් පෙන්නුව ගමන් කටිටිය බය වෙනවා. මන් හිතන්නේ නැහැ ඔය කියන තරම් කටයුතු සිදු වේය කියා. (නදී)

:       0       0

එ්ශාන් Monday, 19 January 2015 09:51 AM

මෙතන කේ පි ට පුදුම කරුණාවක් නේ සමහරු දක්වන්නේ. එයාගේ සමාජ මෙහෙවරේ හවුල් කරුවෝ වෙන්න ඇති. (නදී)

:       0       0

චන්න බණ්ඩාර Monday, 19 January 2015 10:14 AM

88/89 ජේ.වී.පී එක අල්ලන්න ඉස්සර වෙලා බලය රැක ගන්න බොරුවට කළු ජූලියක් නිර්මාණය කරලා දෙමළ ජාතිකයන් අමු අමුවේ මරා දාල ජවිපේ ඇතුළු පක්ෂ නිරපරාදේ තහනම් කරලා රටට තරුණ ජීවිත ලක්ෂයක් පමණ නැති කරපු අයව අල්ලලා ඉස්සෙල්ලම හිරේ දැම්මා. ජවිපේ නැත්නම් මෙලහකට රටේ කෑලිත් නැහැ. ඔය ප්‍රදාන පක්ෂ දෙකම කරන්නේ බලය රැක ගන්න කුමන හෝ දහ ජරා වැඩක් කරන එකයි. රට හොරා කාපු ගිය ආණ්ඩුවේ දුෂණ වංචා දැන් අවරුදු ගානක ඉදන්ම කතා කලේ ජේ.වී.පී එකයි. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 19 January 2015 10:15 AM

කේ පීගේ නැව් 14 කෝ? ඩොලර් බිලියන් ගානක සල්ලි කෝ? යාපනේ හා දුක් විඳ හම්බ කරපු අහිංසකයන්ගේ රත්තරන් කෝ? මේවා ගත්ත හොරුන්වත් අල්ලන්න. (නදී)

:       0       0

ඇසළ Monday, 19 January 2015 10:35 AM

හොරා කියනවා අන්න හොරෙක් කියල තව හොරෙකුට.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site