(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සජබ  උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැසුවේ විපක්ෂ නායකවරයාගේ ජීවිතයට හානියක් කිරීමට බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී  අද (8)පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට කඳුළු ගෑස් වෙඩිල්ල තබන අයුරු තමා දුටු බව කී කිරිඇල්ල මහතා වාසනාවකට ඔහුගේ දෙපා උණ්ඩය වැටුණු බව කීය.

ජනපති පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් කළ කතාව පිළිබඳ කල්තැබීමේ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

අප ජනපතිගේ රාජාසන කතාවෙන් නැගිටලා ගියා. අපේ සහාය අවශ්‍ය නම් අපට ගෞරවයක් අවශ්‍යයි.අපට විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දුන්නේ නැහැ.අපගේ සාමකාමී විරෝධයට පහර දුන්නා. අප බලපත්‍රය ලබා ගත්තේ තහනම් කළ ප්‍රදේශයෙන් පිට උද්ඝෝෂණය පවත්වන්නයි.

අපට ගහලා අපේ සහාය ඉල්ලන්න ලැජ්ජ නැද්ද?අප සහය දුන්නොත් අපට ගම්වලට යන්න බැරි වෙයි. මෙහෙමද විපක්ෂයේ සහයෝගය ගන්නේ.