කඳුළු ගෑස් නොව මල්ටි බැරල් ගැහුවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපනයේ නිදහස උදෙසා කරන සටන රජයට නතර කළ නොහැකි යැයි එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි. රජය ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හමුවේ සාකච්ඡාවලට යෑම ප්‍රතිපලදායක නැතැයි ද විසදුම් සදහා සටන හැර අන් මගක් නැතැයිද ඔහු කියයි. සරසවි ඇදුරු අර්බුදය විසදීම සදහා යැයි කියමින් රජය මේ වනවිට ප්‍රෝඩාකාරී යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරන හෙතෙම විශ්වවිද්‍යාල ආචාර්යනවරුන‍් ඊට නොරැවටෙතියිද සඳහවන් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෝ කෙල්ලෝ ටික ඉල්ලන් කන්න හදනවද මන්දා. (නි)
අයියෝ! පිස්සුද මන්දා? (නි)
ඉල්ලගෙන කයිද මන්දා. (නි)
ඔය දේශකයන් ප්‍රද්ගලික පන්ති වල උගන්වනවා.ගමේ අහිංසක ළමයි ගෙව්ල වලට වෙලා හූල්ලනවා. අධ්‍යාපනයට මොනවා වෙයිද මන්දා? (නි)
මාත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මෙතනට ආපු කෙනෙක්. අපි වගේ අයට ඉහළ පැලැන්තියට(හොද රස්සාවකට) එන්න තියෙන එකම මග. සල්ලි තියෙන අයට නම් මේවා වටින්නේ නැහැ. (නි)
අනේ අපේ දරුවන්ගේ අනාගතය. නිදහස් අධ්‍යාපනය නමට විතරයි . කරුණාකරලා භීෂණ නම් ඇති කරන්න එපා. (නි)
ජය වේවා! (නි)
නියමයි. අන්තරේ සමහර වැඩ ගැන මගෙත් එච්චර පැහැදීමක් නැති වුණත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මමත් කොන්දේසි විරහිතව සහාය දෙනවා. නිදහස් අධ්‍යාපනය නැති වුණා නම් අපිට වෙන්නෙත් පොල් කඩන්න තමයි. (නි)
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?නෑ ඉතිං, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කොල්ලන්ගේ කතාවෙත් යම් ඇත්තක් තියෙනවා. (නි)
මේ සිටින්නේ අපේ අධ්‍යාපනයේ අනාගත භාරකරුවනුයි. (නි)
කට්ටියට පොටක් පෑදිලා වගෙයි. ඔහොම යන්. (නි)
ඔවු නලීන්, ඔබ කියන දේ හරි. (නි)
සුදුසු ක්‍රමයක් එන තාක් ජනතාවට මෙහෙම අරගල කර කර තමා ඉන්න වෙන්නෙ. (නි)
ලංකාවේ පවතින්නේ හරිම යල්පැන ගිය අධ්‍යපනය ක්‍රමයක්. ජවිපේ තියෙනකම් ලංකාව දියුණු කරන්න බැහැ. (නි)
නියමයි. අත් හරින්න නම් එපා. ජය වේවා! (නි)
සංජීව සහෝදරයගෙ අධ්‍යාපන සුදුසුකම්වලින් අපට වැඩක් නෑ නේද ? නලින්, ඔයා එයාට රස්සාවක් දෙන දවසක ඒ සුදුසුකම් හොයලා බලන්න. සංජීවටත් දේශපාලනයක් තියෙනවා. ඒත් ඒ දේශපාලනය නිසා හෝ ඒ කොල්ලා බය නැතුව පාරට බැහැලා වැඩක් කරනවා. සංජීව හදන්නෙ හොර පාරෙන් එයාගෙ ඩිග්‍රිය ගන්න නෙමේ. නිදහස් අධ්‍යාපනය යම් තරමකින් බේරාගන්න. අපි ඒ අයට වචනයකින් හෝ සපෝර්ට් කරන්න ඕනේ. එහෙම නැතුව එයාගෙ පැටිකිරිය හොයලා වැඩක් නෑ යාලුවා. (අ)
අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ජීවිතය ජයගත් පිරිසක්.නමුත් අපේ සටන් වලට මුවාවෙලා ලොකු පුටු වලට යන්න ඉන්න කට්ටිය ගැනත් අපි දැනගත යුතුයි. (නි)
අපොයි අපි නොදන්න කට්ටිය? (නි)
ජගත් චන්දන අධිකාරි, සංජීව ඔයාගේ සහෝදරයා වෙන්නේ අම්මාගේ පැත්තෙන්ද නැත්නම් තාත්තාගේ පැත්තෙන්ද? සහෝදරකම් ගැන කතාකරන ඔයගොල්ලෝ තමයි හීනමානය නිසා කැම්පස්වල හැමෝටම නම් හදන්නේ. අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කලොත් ඉතින් ජේවීපී කරන කාටවත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන්න විදියක් නැහැ. මොකද ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබන්න තරම් බුද්ධියක් තියෙනවා නම් ජේවීපී එකට සහාය දක්වන්නේ නැහැනේ. (නි)
මට පරණ ටයර් යුගය මතක් වුණා. අනේ මන්දා? (නි)