කඳුකරයේ දිය උල්පත් සංරක්ෂණය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකමින් ඌව කඳුකරයේ පිහිටා ඇති ජල මූලාශ‍්‍ර විශාල ප‍්‍රමාණයක් සිඳීයෑමේ අවධානමක් උද්ගතව ඇතැයි පරිසර විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියයි.
ඌව ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර බහුතරය වතුකරයේ පිහිටා තිබීමත් ඒවායේ අයිතිය වතු සමාගම් සතුවීමත් නිසා ගැටලූවට පිළියම් යෙදීම දුෂ්කර වී ඇත.
හපුතලේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් ඔසු උයනේ පාලකයාව සිටිමින් මාරසිංහ මහතා කළ පරීක්ෂණවලට අනුව කඳුකරයට එදා තරම් වර්ෂාපතනයක් නොලැබෙන්නේ කැළෑ ගිනි තැබීම් නිසා සිදුවන වන විනාශය නිසාවෙනි.
මෙසේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාවෙන් විනාශව යන ඌව කඳුකරයේ වන වගාව හා ජල සම්පත ආරක්ෂා කරගැනීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ ගින්න නිවාදැමීමට හැකිවූයේ අක්කර 1400 ක මහා වනය ආවේනික ගහකොළ පවා දැවී යාමෙන් පසුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය කොහාව ආරක්ෂා කරනවද ? (දී)
ජාල මුලාශ්‍ර විනාස වෙනවා ට අමතරව අනාගතයේ නය යම් බහුල වේවි (දී)
තරුණ ඔබල කරන සේවයට අපෙගේ උත්තමාචාරය (දී)
මෙයට වග කිවයුත්තේ වන සාරක්ෂණ දෙපාර්තමේන්තුවයි. (නි)
කෘෂි විද්‍යාඥ මාරසිංහ මහතා විශිෂ්ඨ පරිසර වේදියෙක්. මෙතුමා රටට සම්පතක්. (ත)
අපේ රටේ මිනිස්සුන්ට ගහ කොළ සතා සිවුපාවා වටින්නේ නැහැ. ඒවට පත් කරලා ඉන්න බලධාරීන්ටත් ඒවා ආරක්ෂා කරන්න ඕන කමකුත් නැහැ. තේරෙන්නෙත් නෑ. එකයි මෙහෙම වෙලා තියෙන්නේ. දෑන් අවිස්සාවේල්ල, රත්නපුර, සිරිපාදය වගේ පැති වලත් හෑම තැනින්ම ගලා හෑලුණ වතුර පාරවල් දකින්නවත් නැහැ. තව ටිකක් කල් යනකොට බොන්න වතුර ටිකක් හොයා ගන්න මාර සටනක් දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. වතුර නැතුව ජල විදුලිය නැතුව අපි කරුවලේ හිටියා කියමු. ඒකට ඉටිපන්දමක් පත්තු කරන් කලුවර දුරු කරගත්තා කියමු,. ඒත් බොන්න වතුර නැති වුණොත් මොකෝ කරන්නේ අපි? මේවා ගැන මේ රටේ ඉන්න අතලොස්සක් මිනිස්සුන්ට කෑක්කුමක් තිබුණට ලොක්කන්ට ඒවා නැහැ. අපි හෑමෝටම ඉස්සරහට මීට වඩා අමාරුකම් වලට මූහුණ දෙන්න වෙයි ගහ කොළ කපලා දෑම්මොත්. (නි)