(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික ධුරයක් සඳහා  ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ සමාජ සවි බල ගැන්වීම්  අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18)  පැවසීය