විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න,විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය අද (06) සිට කොළඹ 01 ,සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහළේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.
මහජනතාවට අදාළ එම ලියකිවිලි කඩිනමින් සහතික කරවා ගැනීම සඳහා ඉහළ තාක්ෂණයකින් යුතුව නවීකරණය කරන ලද මෙම කොන්සියුලර් අංශය විවෘත කිරීම විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්සුලර් අංශයේ සේවය කරන කොන්සුලර් සහකාර සේවය විශිෂ්ටයි. ගුණාත්මක බව වර්ධනය කළේ ඔව්න්. වැඩියෙන් ඒ අය සේවයට එක්කරන්න තවදුරත් බුද්ධිමත් සේවයක් සලසන්න පුළුවන්. පීටරට තානාපති කොන්සුලර් වලටත් මේ වගේ අය එවන්න පියවර ගන්නවානම් ලොකු සේවයක් . මහජනයා තලා පෙළන්නේ නැතුව හොදින් වැඩ කරන ආකාරය මම දැක්ක. (බ)
ගොඩනැගිල්ලට මාසික කුලිය කීයද කියලත් කියනවද? (නි)
ඉතාම හොඳ කටයුත්තක් (නි)
අර පාරේ ඇවිදගෙන යන්න පදික වේදිකාවක්වත් නැති මුඩුක්කුවක් වගේ තැනක තිබෙන පාස්පෝට් කන්තෝරුවත් වෙන තැනකට ගෙනියනවා නම්? (නි)
කොන්සුලර් අංශයේ සේවය කරන සියලුම අය හරිම කැපවීමකින් මහජනයාට සේවය කරනවා. රජයේ සේවකයෝ විදියට ඔබ ගැන කියන්න වචන නැහැ. ඔබගේ නිහතමානි සේවයට අපේ සුබ පැතුම්! (නි)
පසුගිය රජය කාලයේදී අහිමි වූ දේවල් හිමිකර ගැනීමට සහයෝගක් ලබාදියයුතු වෙනවා කියා මේ රජයේ උදවිය හිතනවා විය යුතුය. නමුත් ප්රශ්නය ඒ අය ලබා දෙන්නට යන්නේ ඒ අයගේ බූදලයෙන්ද නැත්නම් මහජතාවට අයත් මුදලින්ද කියන එක ගැන සියලු ජනතාව අවදියෙන් සිටිය යුතු වෙනවා. (නි)
ඉතාම හොඳ වැඩක්. සුබ පැතුම්. (නි)