කොළඹදී පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (V වැනි ශ්‍රේණිය) පළමු සතියේ තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ශාමල් දිසානායක සමත්විය.
කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේ කෘතිම ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේ අද (12) පැවැති පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ජර්මනියේ ටොර්බන් හොනන් පරදවා ශාමල් (6/3, 6/1) පහසු ජයක් ලැබීය.
අවසන් පුර්ව තරගයේදී ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටි චීන තායිපේ ක‍්‍රීඩක යු ෂාහෝ යු ලකුණු 6/2, 6/0 කින් ෂාමල් හමුවේ පරාජය විය. චීන තායිපේ ක‍්‍රීඩකයා ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ 332 වැනි ස්ථානයේ සිටියි.
ශාමල්, ලෝක කනිෂ්ඨ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 520 වැනි ස්ථානයේ පසුවෙයි. රුසියාව, ඉන්දියාව, හොංකොං, තායිලන්තය, සිංගප්පුරුව යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගි වුහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාමල් තවත් නිලුක කෙනෙක් ඉදිරියට යන්න. ඔබට ජය.