IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කනේරියාගේ තහනමට එරෙහි අභියාචනය ඉවතට

බුකිකරුවන්ගේ උපදෙස් මත, මුදලට කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවන ලද ජීවිතාන්තය දක්වා වන තරග තහනම ඉවත් කරන්න’යි පාකිස්තානු පිලේ හිටපු ටෙස්ට් කී‍්‍රඩකයක වන ඩැනිෂ් කනේරියා විසින් කරන ලද අභියාචනය ඊයේ (26 වැනිදා) ලන්ඩනයේදී ඉවත දමන ලදි.

වසර 2009 දී එංගලන්තයේ ප‍්‍රාන්ත තරගයක  ඕවරයකදී නිශ්චිත ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට පිතිකරුට අවකාශ ලැබෙන පරිදි පන්දු යවන්න’යි 32 හැවිරිදි පාකිස්තානු දග පන්දු යවන්නා විසින් සිය කණ්ඩායම් සගයකු වූ මර්වින් වෙස්ට්ෆීල්ඞ්ට බලපෑම් කරනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන් වැරදිකරු වූ කනේරියා පසුගිය වසරේදී ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනමකට ලක්වුවද ඔහු පවසා සිටියේ අදාළ චෝදනාවට තමන් නිවැරදිකරු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වරද පිළිගත් වූ මර්වින් වෙස්ට්ෆීල්ඞ්ට වසර පහක් යනතුරු වෘත්තීය කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් කටයුතු කිරීමේ තහනමක්ද පනවන ලදි.
කනේරියාට එරෙහිව පැවැති නඩු විභාගයේදී එංගලන්ත මහාධිකරණයේ නියෝගයක් මත සාක්‍ෂි දුන් මර්වින් වෙස්ට්ෆීල්ඞ් පවසා සිටියේ පවුම් 6000 ක මුදලක් වෙනුවෙන් නුසුදුසු පරිදි කී‍්‍රඩා කරන ලෙස තමන් පෙළැඹවූයේ කනේරියා බවයි.

මෙම සාක්‍ෂි මත පදනම්ව කනේරියාට ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනමක් පැනවීමට එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය තීරණය කළ අතර පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන් කියා සිටියේ කනේරියාගේ අභියාචනාවේ තීන්දුව මත ඔහුට පාකිස්තානයේදී කී‍්‍රඩා කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.

 



අදහස් (0)

කනේරියාගේ තහනමට එරෙහි අභියාචනය ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site