1884 ඔක්තෝබර් 13 වැනි දින අම්බලන්ගොඩ, රන්දොඹේ උපත ලද, ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර, වයස අවුරුදු 12 දී තම පියාණන්ගේ රැකියාව අහිමිවීමත් සමගම ඉතා දුෂ්කර ආර්ථික ජීවිතයකට හුරුවූ බවත්, එදා ඉංග්‍රීසි අධ්‍යාපනය මුල්කරගත් වටපිටාවක් තුළ, ඉංග්‍රීසි තම පවැත්මට ආවැඩූ සමහර අපේ සිංහල පාසල් සිසුන්ගෙන් විවිධ අඩම්තෙහෙට්ටම් වලට මෙතුමා ලක්වෙමින් තම අධ්‍යපනය මෙන්ම ක්‍රීඩාවෙන්ද විශිෂ්ට සමාර්ථයන් දැක්වූ බව ශ්‍රී ලංකාවේ සිට කෙටි සංචාරයකට ඕස්ට්‍රේලියාවට වැඩම කළ මාවතගම ඞී.පී.වික්‍රමසිංහ විද්‍යාලාධිපති ඉඩන්ගාපොල පඤ්ඤාතිස්ස හිමියන් පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසූවේ මෙම මස 13වන දිනට යෙදී ඇති සී ඩබ් ඩබ් කන්නන්ගර ශ්‍රිමතාණන්ගේ 128 වන ජන්ම සැමරුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙට්රෝ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී සුසිල් රත්නසේකර, අද දින සංවිධානය කළ කන්නන්ගර ගුණ වැයුමේදීය. තවද නිදහස් අධාපනයේ පියාවන, ආචාරය කන්නන්ගර ශ්‍රිමතාණන් පිලිබඳව සෑම තරා තිරකම ශ්‍රී ලාංකිකයිනට වැදගත්වන බවත්, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික දරුදරියන්ද නිදහස් අධ්‍යාපනයේ පියාවන සී ඩබ් ඩබ් කන්නන්ගර ශ්‍රිමතාණන් සිහිකිරීමට විශේෂ උනන්දුවක් දැක්වීම ලෝකයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලංකාවේ දරුදරියන්ටද ආදර්ශයක් බවත්, පොදු යහපත උදෙසා පුද්ගලයෙකුට ඇතිකරගත හැකි කායික හා මානසික ශක්තියත් ආදර්ශයක් මේ චරිතාපදානයෙන් ලැබෙන බවත් පඤ්ඤාතිස්ස හිමියෝ කීහ.
එවකට පොදුරාජ්‍ය මණ්ඩළයට අයත් රටවල දකෂතම සිසුවෙකුවීමට හැතියාව ලද්දේ කන්නන්ගර ශ්‍රිමතාණන් තුළ පැවති පසුනොබසින හා ස්වෝත්සහයේ ප්‍රතිපලයක් ලෙස බව අප අමතක නොකළ යුතු බවත්, පසුකාළයේදී මෙතුමා ඉහළ නීතිඥවරයකුද, දක්ෂ ගුරුවරයකුද මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම අධයාපන ඇමති ධුරය 1931- 1947 දැරූ බවද, එහි ප්‍රතිපලයක් ලෙස අප නිදහස් අධ්‍යපනයෙන් පෝෂණයවූ බවත් එම උදාර කටයුතුවලට පිංසිදු වන්නට අද ශ්‍රි ලංකාවේ අකුරු කියවීමට හා ලිවීමට ඇති හැකියාව සියයට අනුදෙකක් ඉක්මවා තිබීම ලාංකීය අපට ආඩම්බරයක් බවත් උන්වහන්සේ පෙන්වාදුන්හ.
එදා ලංකාණ්ඩුවේ පළමු අධ්‍යාපන ඇමතිධූරය හෙබවූ ආචාරය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිඳූන් නිදහස් අධ්‍යාපනයත්, නොමිලේ දිවා ආහාරයත් ශ්‍රී ලාංකීය දරුවන්ට ලබාදීමට ක්‍රියාවෙන්ම ඔප්පු කළ අතර, අවසානයේදී ආචාරය කන්නන්ගර ගුරු දෙවියන් වර්ෂ 1969 සැප්තෑම්බර් මස 23වනදින සඳහටම දෙනෙත් පියා ගත්තේද කළගුණ නොදත් සමාජ අත්දැකීම් විඳීමෙන් පසු බවත් පඤ්ඤා තිස්ස හිමියන් කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපි සදා ණයගැතියි. (නි)
හොද වැඩක්
ජූජාත ජූජනීයානං ඒතං මංගල මුත්තමං.. (නි)
දැන් ඉන්න අය කවුද කියල ඔබ තුමා දන්නවානම්? (අ)
ජයවේවා
පායන ඔබට මගේ උපහාරය. (අ)
මේ වගේ උතුමෙක්ගේ චරිතයෙන් ආදර්ශයක් ගන්න දැන් ඉන්න අයට බැරි උනානේ (ස)
ඔබ නිසා ඉගෙනගෙන, අද රැකියාවක් කරමින් ජීවත් වෙන දහස් ගණනක් වූ ලාංකීය දරුවන්ගේ ප්‍රණාමය ඔබට! (නි)
ගාල්ලගේ, ඔබ තවමත් ඉන්නේ වනන්තරේද? (නි)
උපහාරයක් සංවිධානය කර අයට මගේ උත්තමාචාරය(නු)
ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරපු එකේ පාඩුව දැනෙන්නේ මේ වගේ වෙලාවට තමයි. (නි)
ඔබතුමාට පින් සිදු වන්න ඉගෙනගත්තා. (නි)
බොහොම වටිනා මනුස්සයෙක්
ලංකාවේ හිටපු හොදම දේශපාලකයෙක් (දී)
ඔබගේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට ලංකාව සාක්ෂරතාවය තුළින් අනෙකුත් බොහෝ රටවල් අභිභවා ඇත. (නි)
සංජීව, ඔබ මේ රටේ ලබාගන්න පුළුවන් නිදහස් අධ්‍යාපනය ලබාගෙන තිබෙන බවක් පෙන්නේ නැහැ, ඔබගේ කතාවෙන්. දැන්වත් පොඩ්ඩක් මොනවා හරි ඉගෙන ගන්න බලන්න. ඉංග්‍රීසි අධ්‍යාපනය ඕනෑ නම් යන්න පිට රට කරුණාකරලා. (නි)
කන්නන්ගර ශ්‍රීමතානන්ගේ ගුණ ඉහළින්ම සමරා නිදහස් අධ්‍යාපනයට නව ජීවයක් ලබාදිය යුතුයි. (නි)
ලංකාවේ අයට එතුමාව අමතකයි . ඔහොම උපහාරයක් සංවිධානය කර අයට මගේ උත්තමාචාරය (ස)
ඔබතුමාට මාගේ නමස්කාරය..... (ස)
එකටත් හරියන්න දැන් ඉන්න අය (ස)